IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)     

අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ.
 
ඉකුත් 29 වැනි දින බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන ලද ලොරියක් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනඒමෙන් පසු නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පලකරමින් පොලිස් ස්ථානයෙන් රැගෙන ආ ටී56 ගිනි අවියකින් වෙඩි තබාගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සැරයන්වරයාගෙන් ගිනි අවිය මුදාගැනීමෙන් පසු  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කළහ.
 
අදාල පොලිස් සැරයන්වරයා නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර තිබුණත්, පොලිස් ස්ථානාධිපතිවරයා වැලි ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවිය.
විවිධ වැකි ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ.
 
මේ පිළිබඳව ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේ ‘‘ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට පත්වූ සිද්ධියක්.. මේ වැලි ප්‍රවාහනය කරන ලොරිය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් අදහස් සහ විවිධ මතිමතාන්තර පැතිරෙන්නට පටන්ගත්තා... ඒ අනුව රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට බාරදුන්නා. විශේෂයෙන් සිදුකළ වැටලීම පිළිබඳවත්, ඒ වැලි ලොරියට තිබුණ බව පවසන බලපත්‍රය පිළිබඳ විමර්ශණය කිරීමට නියමිතයි.. යනුවෙන් පැවැසීය.



අදහස් (18)

තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති

Ratne Sunday, 07 October 2018 03:58 PM

ජය වේවා. සත්‍ය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට තුති.

:       168       2009

PerakumMonday, 08 October 2018 01:50 AM

සත්‍ය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අය‍ට අද රටේ අත්වන තත්වය මේ තමයි. සියලු පරීක්ෂණ හා ප්‍රතිඵලද වැලි ලොරිවලට යට වෙනු නියතයි. පැහැදිලිවම මේ පිටුපස දේශපාලුවෙක් ඇති.

:       0       131

Anton austriaMonday, 08 October 2018 04:02 AM

කළුතර නගරයේ සියලුම ගම්වල සිටින ජනතාවෙනි හැමෝම එකතුවෙන්න . මේවට උද්ඝෝෂණ තියන්න ඕනේ.

:       0       78

sunimal fernandao Sunday, 07 October 2018 07:40 PM

රනිල්ගෙන් සාධාරණයක් බලාපොරොත්තුවන්න පුළුවන්ද?

:       29       73

එර්දි Sunday, 07 October 2018 09:01 PM

ඒ වගේම තෙබුවන පොලිස් ලොක්කටත් නීතියෙන් දඩුවම් ලැබේවා..

:       0       85

Rasika Sunday, 07 October 2018 09:45 PM

මෙයි වියයුත්තේ සාධාරණ යුක්තිගරුක මිනිසුන් නිලධාරීන් වෙනුවෙන් සමාජය පෙනී සිටින්න ඕනේ . මොහුව පොලීසියට එපානම් අපි මහජන සේවයට පත්කරමු............... පාර්ලිමේන්තු යවන්න ඕනේ මේවගේ අයව .

:       0       100

Keppetipola Sunday, 07 October 2018 09:48 PM

ඔබටත් සාජන් මහතාටත් ජයෙන් ජයම ලැබේවා !

:       0       62

Kariyawasam Sunday, 07 October 2018 11:00 PM

මේ උද්ඝෝෂණය සාධාරණයි. ජය වේවා.!

:       0       71

kalpa Monday, 08 October 2018 01:00 AM

මෙයට විමර්ශනය පොලිසියෙන්ම කිරීම හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේවෙයි.

:       0       80

Chandima Monday, 08 October 2018 01:20 AM

මට මතක් වෙන්නේ 80 දශකයේ මිනිසුන්ගේ සිත් ගත් පුවත්පත් නවකතාවක් වන 'එක්තරා පොලිස් නිලධාරියෙකුගේ කතාව' සහ එහි ප්‍රධාන චරිතය වූ නිමල් නම් වූ අවංකව තම සේවය කිරීමට ගිය පොලිස් පරීක්ෂක වරයාගේ ජිවිතයේ ශෝකාන්තය.

:       0       55

එරික් Monday, 08 October 2018 03:00 AM

තුවක්කුවෙන් වෙඩි තබාගන්න ගිය හින්දා ඒ මනුස්සයා සාදාරනයි කියලා හිතන් නැතුව ඇත්ත නැත්ත හොයලා බැලුවොත් තමයිහොඳ.

:       336       720

janahitha Monday, 08 October 2018 03:17 AM

ඉහල සිටම පහලට දුෂණය ගලා ඒම, නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ ක්‍රියාවලිය අඩපන කිරීමට ඔවුන්ගේම ඉහල නිළයන් යොදාගැනීම , මේවා හැමදාම අඩු වැඩියෙන් තිබු දේවල්, සමාජයන් මුලිනුපුටා දැමිය යුතු දේවල් හැම රජයක්ම මේවා නඩත්තුකරනවා පමණයි. අපිට මතකයි අධිවේගයේ වරදක් සඳහා ඇමති වරයෙකුගේ වාහනයකට දඩ පතක් නිකුත් කරලා ඒම පොලිස් නිලධාරියා ට එවකට රජය කරපු කෙනෙහිලිකම් . මේවා කාට කියන්නද,?

:       0       96

dhammika Monday, 08 October 2018 04:04 AM

රටේ නීතිය රකින අති සුළුතරයක් පොලිස් සේවකයන්ටද නිතිය ක්‍රියාත්මක කරන පොලිසියෙන්ම සාධාරණයක් වෙන්නේ නැත්නම් අනිත් අයට කොහොමද වෙයිද ? පොලිසියට එරෙහිව පොලිසියට කඩේ යන පොලිස් ලොක්කෝ.

:       0       66

OMG Monday, 08 October 2018 04:36 AM

බිය නොවන්න. සාධාරණය පමාවෙලා හරි ජය ගනීවි. ඔබට ජය. තෙබුවන වැසියන්ට මගේ උත්තමාචාරය!

:       0       109

dickie bird Monday, 08 October 2018 06:32 AM

ලංකාවේම වැසියෝ මෙම සැරයන්ට සාධාරණය ඉල්ලා උද්ගෝෂණය කල යුතුයි. නියම පොලිස් නිලධාරියෙක්......

:       1       89

sam Monday, 08 October 2018 07:25 AM

තව පුවතක තිබෙනවා මේ වැලි ලොරිය අයිතිකරුගේ බිරිඳ දේශපාලනයේ ඉන්න කෙනෙක් බව.

:       0       27

rocky Monday, 08 October 2018 10:29 AM

sam, ට කොනක් අහුවෙලා තියෙන්නේ.

:       0       1

samarage Tuesday, 09 October 2018 01:37 AM

රොකි, වැලි ලොරි හිමියාගේ බිරිඳ තෙබුවන පළාතේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. පොඩ්ඩක් හොයල බලන්න. කොනක් නෙවෙයි. ඇත්ත.

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මහ පුවරුව

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 4893 9

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4509 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 1163 6

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 4068 7

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3456 10

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 3661 6

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 4 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1285 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site