( තිළිණි ද සිල්වා )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම අද (11) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.
එහිදී විනිසුරුමඩුල්ල තීන්දු කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට දින නියම කරන ලදී.
පෙත්සම ඉදිරිපත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ සිර දඬුවම් නියම කළ අභියාචනාධිකරණය එම දඬුවම වසර හයකින් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කළ බවයි.
එවැනි බරපතළ චෝදනාවක් ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කර නිදහස් කර හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් සිදුවන බව පෙත්සම්කරු පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කොහෙද හිටියේ? අර මුස්ලිම් ඇමැතිවරුන්ගේ කට්ටිය උසාවියට බනින කොට... උසාවි භූමියේ කුණුහරප කියලා ගල් ගහලා යුද පිටියක් කළා. ඒ වෙලාවේ මේ අය කොහෙද හිටියේ...?
ජනාධිපති සමාව දුන්නට පස්සේ තව මොන විකල්ප නීතිද ඉල්ලන්නේ තවත්? දැන් එතකොට වෙසක් එකට, නිදහස් දවසට ජනාධිපති සමාව ලැබිලා නිදහස් වෙන මිනිස්සුන්ටත් ඉවරයක් නෙති වේවිනේ.. එතකොටත් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙනවනේ.. මොවුන් ඉතින් අාපහු බලන්නේ ලෝකේ නැති දේවල් කියල අල්ලලා හිරේට දාන්නනේ.. උන්වහන්සේට ජනාධිපති සමාව ලැබිලා ඉන්න විදිහක් නැහැනේ... කොහොමත් ඔය NGO කාරයින්ට හරි හිසරදයක් ...
කහ සිවුරට හැමදාමත් සරවනමුත්තුලා විරුද්ධයි. මේ ආණ්ඩුවත් එහෙමයි. එ්කනේ ආණ්ඩුවයි, සරවනමුත්තුලයි බොහොම සමාදානෙන් ඉන්නේ...
ඇත්තටම කියනවා නම් ඔය කියන එන්ජීඕ එක කරන පාක්‍යසෝති සරවනමුත්තු කියන මිනිසා සිංහල ජාතියට කරන්න පුළුවන් මහාම හතුරුකම අරියාදුව කරන්න බලන් ඉන්න අයෙක්. සිංහල බෞද්ධ කියන එක මිනිහට පෙන්නන්න බැහැ. මතකයිනේ ඒ කාලේ යුද්දේ අලකරලා කොටින්ව බේරා ගන්න, ඔවුන්ව යුද්දෙන් දිනන්න වැඩ සලස්වන්න. මිනිහා මේ රට තුළ මෙන්ම ජාත්‍යන්තරෙත් නොකළ උප්පරවැට්ටියක් නැහැ. ඒ විතරක්ද, හැම වතාවෙම ජිනීවා මානව හිමිකම් රැස්වීමට සති ගාණකට කලින්ම මිනිහා එහෙගිහින් අපේ සතුරෝ තොගපිටින් මුණ ගැහිලා අපේ රණවිරුවන් අමාරුවේ දාන්න කරන්න පුළුවන් හැම යටිකූට්ටු වැඩක්ම කරනවා. එක්නැලිගොඩ නෝනගේ මූලික අයිතීන් උල්ලංඝනය නෙමෙයි, මිනිහට තියෙන රුදාව ඥානසාර හාමුදුරුවන්ට කොහොම හරි ලෙඩේ අදින්නයි මිනිහ දඟලන්නේ.
ජනපතිලට ඕනවිදියට මිනිස්සු නිදහස් කරන්න පුළුවන් නම් නීතියක්, උසාවි මොනවටද? පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනෙක්, පොඩි නයක් ගෙවාගන්න බැරුව හිරේ ගිය කෙනෙක් නම් නිදහස් කලත් කමක් නෑ. මේවා ඔක්කොම තමන්ගේ වාසියට නීතිය නමන වැඩනේ. මතකද මහින්දත් ජයසුන්දරව අපහු වැඩට ගත්තේ නීතිය බල්ලට දාල. මේ ක්‍රමය නැති කල යුතුයි. මුන් ඔක්කොම නැතුව අලුත්ම කෙනෙක්ට අවස්ථාව දෙන්න කාලය මේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයද, මොකක්ද කියන මරණාධාර සමිතියේ ඉන්න ඔය හැත්තගේ පවුල්වල සියලුම සාමාජිකයින්ගේ තියෙන සේරම ගිණුම් පරික්ෂා කිරීමෙන් ඩොලර්වලට කහින මේ බත් බැලයන්ගේ සියල්ල හෙලිවෙනු ඇත.
සමහර ජාතකයින් ඉන්නවා අනුන් තියා තමන්ගේ අයගේ වැඩත් විවේචනය කරනවා. මොවුන්ට අරමුදල් ලැබෙන්නේ තටමපු තරමටයි. අර මහා කොටියාගේ ගෝලයෝ බටහිර රටවලට වෙලා අහිංසක තම ජාතිකයින්ගේ ඉහ මොළ හූරාකන්න නම් මොනවා හෝ බාල්දියක් මෙහෙ පෙරළන්ඩ එපායැ... බොරුවට තම ජාතිය දුක් විඳිනවා කියල කෑ ගහනවා. එහෙ ඉන්න තම ජාතීන්ට වැඩ දෙන එක තමයි කරන එකම දේ...