තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ නඩුවේ සැකකරුවන් ගැන නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් උපදෙස් කවරේද යන්න පිළිබඳව දිගින් දිගටම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න නොකරන්නැයි අභියචානාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා වෙත දැන්වීය.
විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගෙන් නඩුවට අදාළ නොවන හරස් ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විරෝධය ප්‍රකාශ කිරීමෙන් පසු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව පෙන්වා දුන්නේය.
විත්තිකාර හිමිනම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවේ සාක්කි විමසීම වෙනුවට ඊට සම්බන්ධ නැති නඩුවක කරුණු විමසීම සම්බන්ධයෙන් අධිකරණය මෙහිදී අවධානය යොමු කළේය.
COMMENTS
එක්නැලිගොඩලා ගැන ජනතාව තවම දැනගෙන නැත ජන්ම ගති අද වනතුරුද ඔවුනට අත්හැරිය නොහැකිව ඇත. කල යුතුව ඇත්තේ ජනතාව විසින් ඔවුනුව මග හැරීම පමණි.
සේවා දායකයට වගේම නීතීඥයන්ටත් පිස්සු වගේ
ඥානසාර හිමිගේ ක්‍රියා කලාපය මුළු රටම පමණක් නොවේ.., ජාත්‍යන්තරය පවා දන්නවා , ඉතින් තවත් මොන නීති තර්කයක්ද? පවතින නීතිය අනුව දඬුවම් දිය යුතුයි.