තරිඳු ජයවර්ධන
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් හෙට ෆේස්බුක් සමාගමේ ඉන්දියානු නියෝජිතයන් පිරිසක් හමුවීමට නිමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
ෆේස්බුක් සමාජ ජාලයේ වෛරී ප්‍රකාශ ඉවත් කර ඒ වෙත ප්‍රවේශවීමේ පහසුකම් ලබා දීමට හෙට සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව වෛරී ප්‍රකාශ මුවාවෙන් ආණ්ඩු විරෝධී ප්‍රකාශ අත්හිටුවීමට සැරසෙන බවයි. ඊට හේතු ලෙස සදහන් කරන්නේ වෛරී ප්‍රකාශ මොනවාද යන්න නිර්වචනය කර නැති බැවිනි.
COMMENTS
ඒකටත් හමු වෙන්න ඕන ඉන්දියන් කාරයින්වද? අනේ අම්මපා අපේ රටට ගිය කලක්... මේ තරම් හැම පැත්තෙන්ම ඉදිරියෙන් ඉන්න අපිට ඉන්දියාව නැතිව මුකුත් කරගන්න බැරි වුණානේ.. අනිච්චේ දුක්ඛේ..
චරිත්, අපි හැමෝම හිතන් ඉන්නේ ලංකාව ඉදිරියෙන් කියල තමයි. ඒ උනාට ඒක නෙමෙයි ඇත්ත. ලංකාවෙන් එලියට ගිහින් බලන්න. ඉන්දියාවට ගිහින් බලන්නකෝ. ඔයාට තේරෙයි ඇයි මේ වැඩේට ඉන්දියාවට යන්න උනේ කියලා. ඕක තමයි ලංකාවේ දෙශපාලුවෝ අපිට හංගන රහස සහ ලංකාවේ ලින් මැඩි මානසිකත්වය.
වෛරී ප්‍රකාශන කොහමත් නැවත විය යුතුයි . අපි රටක් වශයෙන් සියලු ජාතීන් සහ ආගම් සමඟ සහයෝගයෙන් සිටිය යුතුයි. වැඩක් නොකර ආණ්ඩුවටම බැන බැන ඉන්න පිරිසට ඉතින් හැමදෙයම නිකම් දෙනකම් බලාගෙන ඉන්නේ. මේගොල්ලන්ට ජාතීන් අතර සහයෝගය අවශ්‍ය නැහැ . අවශ්‍ය තමන්ට ලැබෙන වාසි පමණි
ආ ඉන්දියන් කාරයෝ නේද? හරිම අපුරුයි අපේ කට්ටියට උපදෙස් දෙන්නේ මෙයාල තමයි එහෙනම්. බලමුකෝ ඔය අපේ අය කරලා ගන්නකොට.
රටට දැන් අවශ්‍ය මේක විතරයි. අනේ අනිච්චන්.
ඉබ්බ දියට දැම්මම අැන්නෑවේ කිව්වලු! දී කිරට බලල්ලුත් සාක්කියි කිව්වලු!! අඩන්න ඉන්න එකාට අැහැට අැගිල්ලෙන් අැන්න වගෙයිලු!!! ඔහොම යං, ඔහොම යං. එක හීනෙන් එලි වෙන්නෙ නැහැයිලු!