( විනීතා එම් ගමගේ )
ආණ්ඩුව ගෙනෙන්නට සැරසෙන්නේ 1972 හා 1978 ව්‍යවස්ථාවන්ට එහා ගිය පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ කැමැත්ත ලබාගත් පරිපූර්ණ ව්‍යවස්ථාවක් යැයි පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කරමින් සකස් කෙරෙන මෙම ව්‍යවස්ථාවට සියලූ දෙනා එකඟවනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පවසයි.
සමහරු පවසන පරිදි ව්‍යවස්ථාව යනු ජනතාවට කොලේ වසා, ගෙන එන්නට හැකි එකක් නොවන බවත් එසේ කරන්නට උවමනාවක් ආණ්ඩුවට නැති බවත් ඒ මහතා කියයි.
කරුණාතිලක මහතා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
මට නම් මතක් වෙන්නෙ වෙන දෙයක්...
කරුණාකර ඔය ගෙනෙනවා කියන ව්‍යවස්ථා කෙටුම්පතක් ජනතවගේ දැන ගැනීම පිණිස මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න බැරිද? එතකොට ජනතාවට මේ ගැන අදහසක් ගන්න පුළුවන්...
ජනාධිපතිතුමා නෑ කියනවා මෙතුමා ඔව් කියනවා. ආණ්ඩුවේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ නෑ කියනවා. එ.ජා.ප. ය ඔව් කියනවා. අපි මොකක්ද කියන්න ඕනෑ?
ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යමු ජනමත විචාරණයකට... ඕක ඔය තරම් අනගි නම්.
අවුරුදු දෙකක් ගිහිල්ලත් වියවස්තව ගැන තවම හිතලවත් නැහැ . තව අවුරුදු දහයක්වත් අල්ලගෙන ඉඳියි වගේ .
විහිළු කථා නොකිය ඉන්න ඇමතිතුමා. වටේ අයිසින් කරාට ඇතුලෙ තියෙන්නේ කේක් නෙමෙයි කියල ජනතාව දන්නව.
විධායකය මෛත්‍රීපාල මහතාගෙන් උදුරා රනිල්ට දෙන්න මොන විදියකටවත් මේ රටේ මිනිස්සු කැමති නෑ. ඒ බව රනිල් දන්න නිසානේ මෛත්‍රීපාල මහතාව ජනාධිපතිවරනෙට දැම්මේ. ඒ නිසා දැනට ඔය ඉන්න ටිකේ සතුටින් ඉන්න විකාර නොකර.
1972 හා 1978 ව්‍යවස්ථාවන්ට එහා ගියේ බලය බෙදීම නේ. ඊලඟ පාර චන්දෙ ඉල්ලන් දකුණට නම් එන්න එපා මහත්තයෝ. උතුරෙන්ම ඒකත් ඉල්ල ගන්නව.
මේ රජය දිනෙන් දින පිරිහෙනවා, රට අකර්මණ්‍යයවීම වැළැක්වීමට සැබැ ශ්‍රී ලාංකිකයන්ට හැකි ඉක්මනින් රට බාර කරමු. නුගත් අන්තවාදී දේශපාලකයින්ට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීම වැලක් විමට ඔබේ ඡන්දය නිසි ලෙස භාවිතා කරන්න.
ඇමති තුමෝ තොරතුරු දැනගැනීමේ පනත යටෙත් ඔබ කියන නව ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට දැනගැනීමට ඉදිරිපත් කරන්න, එවිට වඩාත් හොද සාකච්චාවක්, මතයක් ගොඩ නැගිය හැක. එමෙන්ම ඔබලා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවේ විනිවිද භාවය සුරක්ෂිත්වේ තවද ගැටළු ගොඩක් නිරාකරණය කරගත හැක.