IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ජාතික සමගියට ජනමාධ්‍යයත් දායක විය යුතුයි - සුමන්තිරන්

(තරිඳු ජයවර්ධන සහ ආරියරත්න රණබාහු)

ජාතික සමගියට හේතුවන ප්‍රවෘත්ති හා ලිපි ජනමාධ්‍යවල වාර්තා වන්නේ ඉතාම අඩු වශයෙන් බවත්, වැඩියෙන් වාර්තා කරන්නේ ජාතික සමගියට බාධාවන දෑ බවත් එ බැවින් ජනමාධ්‍ය එවැනි දෑ වාර්තා කිරීම ගැන සැලකිලිමත් විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

සුමන්තිරන් මහතා එලෙස පැවසුවේ ‘වැලිගම ප්‍රකාශනය දෙස නැවත හැරී බැලීමක්‘ මැයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි. ජාතික සමගිය ගොඩ නැගීම සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්ථානය එම වැඩසටහන සංවිධානය කර තිබුණේ මාධ්‍ය ක්ෂේත්‍රෙය් කාර්යභාරය පිළිබඳ කථිකාවක් ඇති කිරීමේ අරමුණෙනි.

ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා එහි පිළිගැනීමේ කතාව කළ අතර ඉම්තියාස් බාකීර් මාකර් මහතා අරමුණ පැහැදිලි කළේය. ‘වැලිගම ප්‍රකාශනයේ වත්මන් අදාළත්වය‘ ගැන මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා කෙටි දෙසුමක් පැවැත්වීය.  කතානායක කරු ජයසූරිය, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ   පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහත්වරු ද කතා පැවැත්වූහ.

‘‘ජාතික සමගිය ගොඩ නඟන දේවල් පත්තරවල අඩුයි. මම වැඩිපුර කියවන්නේ දෙමළ පුවත්පත්. ඉරිදා පුවත්පත් බැලුවහොත් එක රටක් විදියට ගොඩ නැගෙනවාට විරුද්ධ දේවල් තමයි වැඩිපුර තිබෙන්නේ. මෙය ජාතික සමගිය කියන පාරේ ගමන් කරන්න බාධාවක්. ඕනෑම දෙයක් දෙවිදියකට කියන්න ජනමාධ්‍යයට පුළුවන්. ‘‘

‘‘අලුතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන දේශපාලනඥයන් විවිධ කතා කියනවා. ව්‍යවස්ථා මර උගුල කියනවා. හැබැයි ජනමාධ්‍ය ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න අහන්නේ නෑ. 2016 වසරේදී නව ව්‍යවස්ථාවක් ගෙන එන යෝජනාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් අනුමත කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් එන ඒම විවේචනය කරන උදවියගෙන් ජනමාධ්‍ය ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ.‘‘ යැයි ද සුමන්තිරන් මහතා කීවේය.

(ඡායාරූප ඉසංක සුනිමල්)



අදහස් (5)

ජාතික සමගියට ජනමාධ්‍යයත් දායක විය යුතුයි - සුමන්තිරන්

sarath Sunday, 19 March 2017 02:51 PM

ඕක කියන්න තියෙන්නේ උතුරු පලාත්සභාවට. සහ විග්නේශ්වරන් ට .එයාල නටන නාඩගම් හින්ද දෙමල දේශපාලකයින් ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඔබතුමාත් ඒ ගණයටම අයත්

:       1       1

Gihan Pieris Sunday, 19 March 2017 03:26 PM

ඒ කියන්නේ මේකයි, දෙමළ ජාතිවාදය පැතුරුවට, බුදු පිළිම කැඩුවට, වෙනම රටක් ඉල්ලුවට, බුදු දහම ව්‍යවස්ථාවෙන් අයින් කරන්න කිව්වට ඒව මීඩියා එකේ දාන්න එපා. කියන එක වහෙන් ඔරෝ කීම තමා ඉතින්.

:       1       1

SL Sunday, 19 March 2017 04:40 PM

රටක් විදියට ගොඩ නගන දේවල් ලියන්න කලින් ඔයගොල්ලෝ රටක් විදිහට හිතලා වැඩ කරන්න. රට බෙදන්න හදන සුමතිරන්ලා විග්නේශ්වරන්ලා අයගේ වැඩ ගැන හොදක් ලියන්නේ කොහොමද?

:       0       2

nimallalitha Monday, 20 March 2017 01:30 AM

ජාතිවාදී දෙමළ දේසපාලකයන් ,උගතුන්, දෙමළ ජාතිකයන් ජාතික සමගිය වෙනුවෙන් කළ දෙයක් මුලින්ම කියන්න. හැම දාම ඉල්ලනේ තනිකර දෙමලළ උතුරු නැගෙනහිරක් සහ මුළු රටේම දෙමළුන්ට සුවසේ ජිවත් වීමේ අයිතිය. සිංහල නමින් පෙනී සිටින දේසපාලන නායකයන් බඩගෝස්තරවාදී බල පෙරේතයන් වුනාට මේ හැම සිංහලයෙකුම එසේ වන්නේ නැහැ.

:       0       2

sanjeewa Monday, 20 March 2017 02:53 AM

ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කිව්වලු.. ඉස්සල්ල තමුන් පෙන්නලා ඉන්නවා ජාතික සමගිය වෙන රටවල් ඉල්ලන්නේ නැතුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 623 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 826 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site