IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


චීන කුන්ෆු සංදර්ශන ලංකාවේදී

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පළමුවරට සංවිධානය කරන ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ මාලාවක් මෙරටදී පැවැත්වේ. 
 
කොළඹ චීන තානාපති කාර්යාලයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය. 
 
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී මෙම වසරට වසර 60ක් සැපිරීමට සමගාමීව මේ වසරේදී චීන ශ්‍රී ලංකා සංස්කෘතිකාංග රැසක් පැවැත්වුණු අතර මෙම ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ පැවැත්වෙන්නේ ද ඊට සමගාමීවය. 
 
කොළඹ චීන තානාපති කාර්යාලය, චීන සංස්කෘතික අමාත්‍යාංශය සහ චීනයේ හැනන් පළාත් ආණ්ඩුවේ අනුග්‍රහාය ඇතිව චීන ශ්‍රී ලංකා සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානය, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංවිධානය, ශ්‍රී ලංකා චීන සමාජය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ මාලාව සංවිධානය කරයි. 
 
ඉකුත් දා විවෘත කරන ලද මහනුවර පළාත් ගෘහස්ත ක්‍රීඩාංගනයෙන් ලබන 12 වැනිදා සවස 5.30 ට පළමු සංදර්ශනය ද, 13 වැනිදා සවස 5ට පොළොන්නරුව පුලතිසි බෞද්ධ මණ්ඩපයේදී දෙවැනි සංදර්ශනය ද පැවැත්වේ. ලබන 15 වැනිදා තෙවැනි සංදර්ශනය හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද සිව්වැනි ප්‍රදර්ශනය 17 වැනිදා උදෑස 10ට විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම ප්‍රදර්ශන සියල්ලම මහජනතාවට කිසිදු මුදල් ගෙවීමකින් තොරව නැරඹීමේ හැකියාව ඇතැයි ද සංවිධායක මණ්ඩලය කියයි.
 
චීනයේ ‘සොන්ග්ෂාන් ෂාඔලින් වීර ස්වාමීන් වහන්සේලාගේ විහාර’ පුහුණු කඳවුරේ සටන් ශිල්පීන් සහ ‘ෂෙන්ග්ෂූ සොන්ග් ඇන්ඞ් ඩාන්ස් තියටර්’ සටන් සංදර්ශන සහ නර්තනාංග ඉදිරිපත් කිරීමට නියමිතය.  
 
කොළඹ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ලියු ඩොන්ග්, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක, ශ්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර, ශ්‍රී ලංකා චීන සමාජයේ සභාපති අමරදාස ගුණවර්ධන සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නලින් අපොන්සු යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ. 



අදහස් (1)

චීන කුන්ෆු සංදර්ශන ලංකාවේදී

Roshan Thursday, 07 December 2017 02:40 AM

අයියෝ ලොක්කා... මේක පලවෙනි පාරට කරන එකක් නෙවෙයි. 1998 - 1999 කාලෙදිත් ෂැඔලින් කුංග්පු කණ්ඩායමක් ලංකාවේ තෝරගත් තැන් කීපයක පැවැත්වුවා. මමත් ගියා කළුතර තිබුණු එක බලන්න.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 354 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site