IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ පිහි ඇනුමකින් කතක් මරුට

(නිමල් අල්ගෙවත්ත,අමල් වික්‍රමරත්න සහ ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා )

ගාල්ල මාගාල්ල පාලම අසල  දී යුවළක් අතර ඇතිවු ආරවුලකින් වයස අවුරුදු 36  ක් වු කාන්තාවක මියගොස් ඇත. මෙම දෙදෙනා අතර ඇති වු ගැටුමේ දී අදාළ පුද්ගලයාගේ පිහි පහරින් කාන්තාව මියගොස් ඇත.

මෙය සිදුව ඇත්තේ අද (30)  පස්වරුවේදිය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වදුරඹ කීඹිය ප්‍රදේශයේ පදංචි 36 හැවිරිද තමරා විජේතිලක නැමැත්තියකි.

මෙම ගැටුමට සම්බන්ධ වු අහංගම මිදිගම පදිංචි 48 හැවිරිදි වලවේ විතානගේ ලලිත් ප්‍රියංකර නැමැත්තා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලදුව ප්‍රථිකාර ලබයි.

මාගල්ල කව්වුවත්ත විහාරස්ථානය අසල ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී මෙම ගැටුම ආරම්භවි ඇත.මෙම කාන්තාව යතුරු පැදියකින් පැමිණ ඇති අතර  ගැටුමට සම්බන්ධ පුද්ගලයා පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. මෙම වාහන දෙක සිද්ධිය සිදු වු ස්ථානයේ දැකිය හැකි විය.

ත්‍රිරෝද රථයේ ද මහ පාර පුරාද ලේ පැල්ලම් දැකිය හැකි විය. මෙම සිද්ධිය අවට සිටි විශාල පිරිසක් බලා සිටිය දී ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක ආකාරයක් ගත් බැව් අවට සිටි පිරිස් පවසති.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරයා පොලිසිය පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ.



අදහස් (4)

ගාල්ලේ පිහි ඇනුමකින් කතක් මරුට

dumudu sriyananda Tuesday, 30 May 2017 06:04 PM

මෙම සිද්ධිය ලංකාවාසී සියලු දෙනාම හෙළා දැකිය යුතුයි. දැන්වත් මරණ දඬුවම ගේන්න රජයට බලකරමු.

:       0       0

sahan Wednesday, 31 May 2017 02:18 AM

අපරාදයක් නම් එතන ත්‍රීවීලර්කාරයෙක් ඇත

:       0       0

රෝහිත Wednesday, 31 May 2017 02:53 AM

දකුණේ කට්ටිය කොහොමත් ඔය වගේ දරුණුයි.

:       0       0

buwan Wednesday, 31 May 2017 05:39 AM

හින්දි චිත්‍රපට ත්‍රාසජනකද???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site