ආරියරත්න රණබාහු සහ නිමල කොඩිතුවක්කු
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාද්දු මහතා අද රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්‍රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළ අයෙකි.
සිය පියාගේ ගීත ඒ හඬින්ම ගායනා කිරීමේ සහජ හැකියාවක් තිබූ ප්‍රියන්ත මහතා සංගීත ප්‍රසංග සඳහා නිරතුරු සහභාගී විය.
විදේශ සංගීත ප්‍රසංග සඳහා ද කිහිප වතාවක්ම සහභාගී වී ඇති ඒ මහතා පසුගියදා ඉතාලියේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියදී හදිසියේ රෝගාතුරවී තිබේ. ඉන් පසු තරමක සුවය ලැබූ ඔහු කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට ගොස් සති කිහිපයක් සිටිය දී අද රාත්‍රී හදිසියේම අසනීප වී නැවත කලුබෝවිලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ලංකාදීපයට පැවසුවාය.
සිය පියාගේ ගීතවලට අමතරව ‘රැල්ලේ මුහුදු වැල්ලේ, නෙරංජලා ආදරේ කාටදෝ‘ ආදී ජනප්‍රිය ගීය රැසක් ඔහු විසින් සිංහල ගීත ක්ෂේත්‍රයට දායද කරනු ලැබ තිබේ.
දේහය දෙහිවල නැදිමාල 31/1 බෝධිරාජ මාවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන පස් වැනි දා සෙනසුරාදා සවස පහට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
COMMENTS
ඉතාලියේ රෝහල් ගතව සිටින විට අප මෙතුමාව හොඳින් බලා ගත්තා. ඔබව කෙසේවත් ලංකාවට යවන්න අප සිතුවේ නැත. මෙහි සිටියානම් ඔබ තවමත් ජීවතුන් අතර. ඔබට නිවන් සුව. මත්පැන් බොහෝ සුන්දර මිනිසුන්ව අකාලයේ යටපත් කර දමයි.
සී. ටී./ ප්‍රියන්ත, ඔබ දෙපලගේ රිදී සීනු හඬ ලක් දෙරණේ තව වසර දහසක් රැව් දේවා!
ලංකාවේ සංගීත කාරයින්ට ආයුස අඩුයි. මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, ජෝතිපාල, ක්ලැරන්ස්, එම් එස් ෆ්රනාන්දු, ෆ්‍රෙඩි සිල්වා අපිට අකාලයේ නැතිවුන අසහාය ගායකයෝ කට්ටිය. මෙයාලට කිට්ටුවෙන්නවත් හැකියාව තියෙන ගායකයෝ මේ ශතවර්ෂයේ තවම පහලවුනේ නැහැ.
දක්ෂ සංගීත ශිල්පියෙක්. වේධිකාවට ලොකු හිඩසක්, සුබ ගමන්. නිවන්සුව ලැබේවා.!
අයියෝ.... මගේ ප්‍රියතම ගායකයා.... ආපහු සී ටී ගෙ හඬ සජීවීව අහන්න වෙන්නේ නෑ... ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!
ඔබට නිවන් සුව පතමි.!