
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,735 දෙනකු අද (4) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,98,579 කි.
මේ අතරින් ආසාදිතයන් 31,563 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,884 දෙනෙක් සුවය ලබා අද (4) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,64,281 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
COMMENTS
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වෙළඳාම් කරන ජංගම රථ එන සද්දයක් ඇහෙන්නේ නැහැ අපට... ” ආගමික ස්ථානවල අධික ලවුඩ්ස්පීකර් ශබ්දය ” නිසා...
හෙට දින ලංකාවේ අසාදිතයින් 200,000ක් වාර්තා වනු ඇත. මෙසේ වර්ධනය වූයේ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීරණ නොගැනීමයි. රජය සහ මහජනයා යන දෙපාර්ශවයම මෙයට වගකිව යුතුයි. ආර්ථිකය තව සති 2ක් පසුවට දමා කොරෝනා අවම කිරීමට කටයුතු කරමු. එසේ කළ යුත්තේ ආර්ථිකයට වඩා මිනිස් ජීවිත වටිනා නිසායි.
කොරෝනා ප්‍රමෝට් කළා හොඳටම ඇති... දැන් වැක්සීන් හදපු රටවල්... ඔක්කොම ගොඩ... අපි හැම දේම හිඟාකන්න ඕනේ.