IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුවේට් නිවසක කෝටි 13ක් වංචා කළැයි චෝදනා ලැබු ලාංකිකයා නිදහස්

(විනීතා එම් ගමගේ)


කුවේට් හි නිවසක සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි 13 ක මුදලක් සොරකම් කළේ යැයි චෝදනාවක් එල්ල වූ ශ්‍රී ලාංකික සේවකයෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ගැනීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිහු සමත්ව ඇත. 


සොරකම් චෝදනාව මත චෝදනා එල්ල කර වද හිංසාවලට ද ලක්කර ඇති මෙම සේවකයා වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට එරට තානාපති කාර්යාලය මැදිහත් වී ඇත්තේ එවකට විදේශ රැකියා ඇමතිනිය වූ තලතා අතුකෝරල මහත්මිය ගේ උපදෙස් මතය.

 
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ මතුගම යටියන අගලවත්තේ පදිංචි බියුටි චතුරංග මහතාය. ඔහු සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ පසු ඉකුත් දා දිවයිනට පැමිණි අතර තමන් වෙනුවෙන් වහා ක‍්‍රියාත්මක වූ අමාත්‍යවරිය බැහැ දකින්නට අධිකරණ අමාත්‍යංශය වෙත පැමිණියේය.


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා විසින් චතුරංග මහතා පිළිබඳ  ප‍්‍රශ්නය අතුකෝරල මහත්මිය වෙත දැනුම් දී තිබු අතර ඒ අනුව අමාත්‍යවරිය මෙම පියවර ගෙන තිබිණි. 


අමාත්‍යවරිය හමුවූ චතුරංග මහතා තමන් මුහුණ දුන් සිද්ධිය පිළිබඳව මෙසේ හෙළි කළේය.


‘‘මම කුවේට්වල සේවයට ගිහින් අවුරුදු දෙකක් යද්දි මාව හොරකමකට අහුවුණා. ලංකාවේ මුදලින් කෝටි 13 ක්. මම ජීවිතය නැති කරගන්නයි ගියේ. මම ඒ වෙලාවේ ජයන්ත සමරවීර මන්ත‍්‍රීතුමාට කථා කරල මොනව හරි කරන්න පුළුවන් ද කියල ඇහුවා. ඔහු ඇමතිතුමියට කියලා. එතුමිය වහා සොයා බලා මගේ ජීවිතය බේර ගත්තා. ඇමතිතුමිය පාලනය කරන කාලේ තානාපති කාර්යාලවලින් ලොකු සේවයක් වුණා. යැයි ද චතුරංග මහතා කියා සිටියේය. 

 



අදහස් (0)

කුවේට් නිවසක කෝටි 13ක් වංචා කළැයි චෝදනා ලැබු ලාංකිකයා නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site