IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කල්පිටිය වගා බිමකදි බඹර ප්‍රහාරයක්

(සටහන ජායාරුප - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ වගා බිමක එළවළු නෙළමින් සිටි පිරිසකට ( 8 )  අද දහවල් බඹරුන් දෂ්ඨ කිරිමෙන් කල්පිටිය සහ පුත්තලම මුලික රෝහල් වෙත කුඩා දරුවන් ඇතුළු රෝගින් 18 දෙනෙකු ඇතුලත් කර තිබු බව කියයි.


 මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබුනේ පල්ලිවාසල්තුරේ ගම්මානයේ වගා බිමක එළවළ නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට වන අතර එහිදි ඒ ආසන්නයේ සෙල්ලම් කරමින් සිට කුඩා දරුවන් අට දෙනෙකුටද බඹරුන් දෂ්ඨ කිරිමේන් බරපතල ලෙස අසාධ්‍යව තිබු බව කියයි.


 ගසක තිබු විශාල බඹර කුඩයක් කිසියම් හේතුවක් නිසා දහවල ඇවිස්සි තිබු අතර එහි සිටි බඹරුන් ප්‍රදේශයේ එළවළු වගා බිම් වල එළවළු නෙළමින් සිටි පිරිසකට මෙසේ දෂ්ඨ කර තිබුනි.
 
බඹරුන් කුඩා දරුවන් ඇතුළු 17 දෙනෙකුට මෙසේ දෂ්ඨ කර තිබු අතර ප්‍රදේශයේ පිරිස් එක්ව බඹර  ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි කුඩා දරුවන් ඇතුළු පිරිස වහාම  කල්පිටිය දිසා  රෝහලට  රුගෙන යාමට කටයුතු කර ඇත.


කල්පිටිය රෝහලට ඇතුලත් කර පිරිසෙන් අසාධ්‍ය තත්වයේ පසුවු කුඩා දරුවන් සිව් දෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයකු වහාම මුලික ප්‍රතිකාර වලින් අනුතුරුව ගිලන් රථ මගින් කඩිනමින්  පුත්තලම මුලික රෝහලට රුගෙන එමට කටයුතු කර තිබුනි.


 පුත්තලම මුලික රෝහලට ඇතුලත් තර පිරිස අතරින් දරුවන් තිදෙනෙකුට හා කාන්තාවකට හා පිරිමි පුද්ගලයාට බරපතල බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.


බඹර ප්‍රහාරයට ලක්වු දරුවන් වයස අවුරුදු දෙක , හතර සහ පහ සිමාවල පසුවන පිරිස් බව කියයි.   එසේම බඹර ප්‍රහාරයට ලක්වු කම්කරුවන් ඒ අවට ගම්මාන වල පදිංචි කරුවන් බව ආරංචි මාර්ග පවසයි.



අදහස් (4)

කල්පිටිය වගා බිමකදි බඹර ප්‍රහාරයක්

.විජිත් Saturday, 08 September 2018 09:03 PM

අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමයි සොභාවධර්මයත් පිඩාගෙනදෙන්නේ....දියවන්නාව පැත්තේ ඔය කියන දෙබරු, බඹරු නැතිද දන්නේ නැහැ.මට හරිම සතුටක් ගෙනදේවි කියලා හිතන පැතුමක් මේ දැන් මගේ හිතට ආවා..... දියවන්නාව අවට තියෙන විශාල දෙබරයක් ඇවිස්සිලා....ඒ අසලම තියෙන " රටටම අශුචි නිෂ්පාදනය කරන ..අශුචිමේන්තුවේ" සිටින මි හරක් ටිකට ..මදි නොකියන්න දෙබර ප්‍රහාරයක් එල්ල කලානම්...කොහොම හිටීවිද.

:       0       37

bandara senapathi Sunday, 09 September 2018 10:07 AM

හොඳ අදහස විජිත් මහත්තයෝ, ඔය කියන මීහරක් රංචුවට ආරක්ෂාව සපයන්නේ විශේෂ කාර්ය බලකාය, ඒ ගොල්ලෝ කාටවත් බය නැහැ වගේම කාටවත් මි හරක්ට කිට්ටුවෙන්න දෙන්නෙත් නැහැ. ඒ තරම් බලවත් අයත් දෙබරුන්, බඹරුන්ට බයයි... ඒ නිසා මේක සාර්ථක ක්‍රමයක් " අශුචිමේන්තුවට " ප්‍රහාරයක් එල්ල කරන්න. මේ අය බලයෙන් පහකරලා රටෙන්ම එළවලා දමන්න.

:       0       5

vidya Sunday, 09 September 2018 01:00 AM

රෝහල් වල සේවය කරන දොස්තර වරුන් සහ හෙද හෙදියන් ඔය දුප්පත් මිනිස්සු ටික බලාගනිවී කලබල වෙන්න එපා .

:       9       4

OMG Sunday, 09 September 2018 07:12 AM

පව් අහිංසක දරුවෝ... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site