IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කැඳවුම්කරුවන් නිදහස් කරන්නැයි විරෝධතා

(ප්‍රසාද් රුක්මල්)

රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු කැඳවුම්කරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා  සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (14) බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වීය

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ,අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් නිදහස් කරන්නැයි ද මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ද ඉල්ලා එම විරෝධතාව පැවැත්විණි.



අදහස් (16)

කැඳවුම්කරුවන් නිදහස් කරන්නැයි විරෝධතා

kap Saturday, 14 October 2017 10:18 AM

නගරයෙන් ගමට..... විරෝධතා අලුත්ම සංකල්පය...

:       240       255

naradha Saturday, 14 October 2017 10:35 AM

මේ අයට නිදහස් අධ්‍යාපනය රැක ගන්ට මතක් වෙලා තියෙන්නේ සයිටම් එක ඇරියට පස්සෙයි. මේ තාක් කල් කළමනාකරණය, ගණකාධිකරණය, නීතිය වැනි රටේ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර වලට පුද්ගලික අංශයෙන් උපාධි දෙනකොට මේ උද්ඝෝෂකයෝ නිදි. මේ උද්ඝෝෂණ ඔක්කොම දොස්තර මාෆියාවෙයි, පෙරටුගාමියෝ කියාගන්නා අයගේ උසි ගැන්වීම් පමණයි. මේ "උද්ඝෝෂණ" සත පහකට ගණන් ගත යුතු නැත....

:       386       636

dahamSaturday, 14 October 2017 11:51 AM

ඔයා සයිටම් එකත් එක්ක හිට ගත් එක්කෙනෙක් බව හොඳටම පෙනෙනවා. මේ විරෝධතාව බාගෙට දොස්තරලා බිහි කරන නිසයි. නියම සුදුසුකම් ඇතිව බඳවා ගෙන නිසි අධ්‍යාපනයක් දෙනවා නම් මේ විරෝධතා එන්නේ නැහැ.

:       649       458

rohana Saturday, 14 October 2017 02:00 PM

එහෙනම් ඇයි සයිටම් වහන්න කියන්නේ? ප්‍රමිතිය වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරන්නකෝො... අන්න එදාට මමත් එනවා උද්ඝෝෂණය කරන්න.

:       286       502

nalinSunday, 15 October 2017 02:26 AM

දහම් ඔය හිතනවානම් එතනින් එන්නේ බාගේ දොස්තරලා කියල, කරන්න තියන එකම දේ ප්‍රමිතිය වැඩි කරන එක මිසක් වහන එක නෙවෙයි. දොස්තර කෙනෙක් ගෙන් මැරුනොත් මැරෙන්නේ එක පාරට එක්කෙනයි. ඉන්ජිනේරුවෙක්ගේ වැරදි ගණනය කිරීමකින් වේල්ලක් හරි බිල්ඩිමක් හරි කඩා වැටුනොත් හරි පාරේ යන බස් එකක රියදුරු ගෙන් වැරද්දක් වුනොත් හරි එකපාරකට මරණ කීයක් වෙනවද? මේවත් එහෙනම් පෞද්ගලිකව උගන්නන ඒවා නවත්වනවද? නිකන් බොරුවට, ඊර්ෂ්‍යාවට, ලාබ බලාගෙන කරන ඒවා නවත්වන්න.

:       0       219

blu blu Saturday, 14 October 2017 10:40 AM

ගමට අවොත් ....ගු ටි පුජාවක් ලැබෙයි.ගමත් කන්ඩ හදන්ඩ එපා.

:       387       413

Nandalal - France Saturday, 14 October 2017 12:43 PM

ඔය රිමාන්ඩ් කර සිටින රංචුව එහේම හිටපු දෙන් ! මොකක් හෝ කොස්සක් අල්ලාගෙන පෙළපාලි ගිහින් පොදු සහ මහජන දේපලවලට හානිකර කුඩු පට්ටම් කරන මේ ටිකට, රටේ නීතිය අනුව දඬුවම් දී, කරපු අලාභ හානි වෙනුවෙන් වන්දි ලබාගන්නා තුරු, රජයේ බෝඩිමේ රඳවාගෙන පිනට කන්න බොන්න දීමට අධිකරණය ගත් තීරණය අගය කල යුතු වෙනවා !

:       439       555

parakkrama Saturday, 14 October 2017 12:47 PM

වෙනත් වෘත්තීයමය ක්ෂේත්‍ර සඳහා රටේ වෙනත් ආයතනවලින් උපාධි හෝ සුදුසුකම් හෝ ලබාගෙන ඉහල මට්ටමේ රැකියාවන්හී නිරතවන්නන් හා සසඳන විට මේ අය කාගේදෝ උසි ගැන්වීමකට බමුණු කුලය කරපින්නාගෙන ඉන්නා නුගත් පහත් කුලයක අය බව රටේ වැඩි දෙනෙකුට තේරුම් ගොස් ඇති බව නම් නොඅනුමානය. නැවතත් මේ ළමයින් බාලාංශ පන්තියේ ඉගෙන ගන්නවා වාගෙයි පෙනෙන්නේ. රටේ සංවර්ධනයට හෝ විනාශයට හෝ ඉවහල් වන කාරණා ගැන මාතෘකා කොතෙක් තිබුණත් මේ සයිටම් මස්කටුවම ලෙවකකා ඉන්න පෙළගැහෙන්නේ ඇයි? ඔය උසිගන්නන කවුරුවත් ඔතැන ඉන්නවාද ? මොකක් වුණත් අපරාදේ මේ අය වෙනුවෙන් වැය කරන අපේ ධනය.

:       277       375

rohana Saturday, 14 October 2017 02:04 PM

දහම් ඔයා නම් මහා මෝඩයෙක්නේ...

:       418       529

PereraSaturday, 14 October 2017 03:57 PM

මෝඩයෙක් විතරක් නෙවේ වන්චාකරයන්ට සහ දුෂිතයන්ට තවමත් කඩේ යන වහලෙක්!

:       304       419

sachithSunday, 15 October 2017 12:43 AM

පෙරේරා මැතිතුමා නම් නෙවිල් ප්‍රනාන්දු කියන උත්තමයාට කඩේ නොයන නිවහල් පුද්ගලයෙක් බව අපිට දැනුනා. පව් නේ ඉතින්...

:       125       20

Gihan PirisSunday, 15 October 2017 12:39 AM

ඇත්තෙන්ම මහත්තයෝ මට මෙහෙම එකක් මතක් වුනා. "මා හරි උගතා, මා හරි ජගතා කියනා මිනිහා මෝඩයෙකී" . ඒ නිසා අනිත් එකා මෝඩයා කියන්න කලින් තමන් පෙනී සිටින සල්ලි තියෙන එකා පමණක් දොස්තර විය යුතුය කියන මතය ගැන බහුතරයක් මිනිස්සුන්ට තියෙන්නේ පිළිකුලක්.

:       105       1

සයුර Sunday, 15 October 2017 09:44 AM

සල්ලිත් තියෙන අවම සුදුසුකමුත් තියෙන .. එහෙම කියන්න ...

:       0       9

Bimal Saturday, 14 October 2017 11:14 PM

පාසල් අධ්‍යාපනය , උසස් අධ්‍යාපනය , රජයේ රස්සාව විතරක් නෙවෙයි පරස්තාවත් රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරලා දෙනකන් බලන් ඉන්න කොට්ටාශයක් තමයි මේ. හැම දෙයක්ම නිකම් ලැබෙනකොට ඊළඟට ඇති වෙන්නේ අනෙක් කෙනාට එක ලැබෙන්න ඕනා නැහැ අපිට විතරයි කියන කුහකකම . මේ උන්දලා සයිටම් නෙවෙයි තමන්ගේ නැදයෙකුගේ ළමයෙක් ඉගෙන ගන්න ටියුෂන් ගියොත් ඒ පන්තිය වහන්න කියලා උද්ගෝෂණය කරන කුහකයෝ. !

:       0       182

Ravi Saturday, 14 October 2017 11:20 PM

පොදු දේපල විනාශ කල උදවියගේ හතර වරිගයටම රජයේ රැකියා ලැබෙන්න හොඳ නැහැ. අපි මහන්සියෙන් හම්බු කරලා බදු ගෙවන්නේ බාල තරුණ පරම්පරාව නිසි විදියට අධ්‍යාපනය හමාර කොට රටට වැඩක් කරනවා දකින්නයි . එහෙම නැතිව සරසවියේ ඉගෙන ගන්න කෙනෙකුටවත් ඒ කටයුත්ත කරගන්න ඉඩ නොදී පිස්සු නටන එක බලන් ඉන්න නෙවෙයි.

:       0       146

kawantissa Sunday, 15 October 2017 02:27 AM

හොඳයි තවත් කට්ටියක් උද්ගෝෂණ කලොත් මේ අය උල හිදුවා මරා දමන්ඩ කියා එතකොට මොකද කරන්නේ මහදනමුත්තේ?

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28727 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18205 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11178 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 687 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site