IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඳුකරයේ වැසි හා සුළං තත්ත්වය පහව යයි

(රංජිත් රාජපක්‍ෂ)  

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පසුගිය දින දෙක තුළ ඇදහැණු අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය අද (1) පහව ගොස් කඩින් කඩ වැසි පවතින බව වාර්තා වෙයි.

ඉහළ කොත්මලේ ජලාශයේ විවෘත කර තිබු වාන් දොරටු හතරෙන් තුනක් දැනට වසා දමා ඇති බවත් එක් වාන්දොරටුවක් පමණක් තව දුරටත් විවෘතව පවතී. 

තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.

කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි පහ දක්වා ආසන්න වි ඇත.

කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් හා අධික සුළං තත්ත්වය හේතුවෙන් වතු නිවාස වලට අලාභ හානි සිදුවීම නිසා බගවන්තලාව සහ නොර්වුඩ් කඳවුරුවල සිටි අවතැන්වු ජනතාවගෙන් විශාල පිරිසක් මේ වන විට ජල මටිටම පහව ගිය නිසා තමන්ගේ නිවාස වෙත ගොස් ඇති බවත් තවදුරටත් කඳවුරුවල රැදීසිටින අයට අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය පවසයි.


 



අදහස් (0)

කඳුකරයේ වැසි හා සුළං තත්ත්වය පහව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site