IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි 80 තහනම් භාණ්ඩ තොගයක් රේගු දැලේ

(ඉන්දිකා රාමනායක)

ආනයනය තහනම් කර ඇති සහ ආනයනය සීමා කර ඇති  කහ ,  විදේශ මත්පැන් ,  ආහාර ද්‍රව්‍ය ඇතුලු රුපියල් කෝටි 80 ට අධික වටිනා භාණ්ඩ තොගයක්  නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබියදී රේගු බාරයට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම භාණ්ඩ අතර කහ , විදෙස් මත්පැන් , චීස් , පැස්ටා ,  එළවළු,  ඔලිව් තෙල් ,    තිබූ බවත් මේවා වරින්වර  මෙරටට එවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙරටට එවා තිබූ කහ කන්ටේනර් 16 ක්  අත්අඩංගුවට ගෙන ඇති අතර එහි  කහ කිලෝ දස ලක්ෂ පහලොස් දහසක  ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල්  කෝටි 76 ට අධික බව සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඉතාලියේ වෙසෙන  පිරිස මෙරට වෙසෙන ඥාතීන් වෙත එවා තිබූ  භාණ්ඩ අතර සඟවා මෙම මත්පැන් ඇතුලු තහනම් භාණ්ඩ  මෙරටට ගෙන්වා ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 3 කට අධික  බවද හෙතෙම කියා සිටියේය.

ගත වු මාස 3 ක පමණ කාලයක  තුළ මෙම නීති විරෝධී භාණ්ඩ මෙරටට ගෙන්වා  ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම නීති විරෝධී  භණ්ඩ මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම අද (21) රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානාත්වයෙන්  ඔරුගොඩවත්ත  ආර්.ටී.සී බහාලුම් අංශනයේ දී  සිදුකෙරිණි.

 (ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 

 

 

 

 

 

 



අදහස් (11)

කෝටි 80 තහනම් භාණ්ඩ තොගයක් රේගු දැලේ

බද්රානි Monday, 21 September 2020 08:49 PM

මුල් පින්තූරවල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්නේ ගෙවල් වලට එවාපු බඩු වගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි. මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි.

:       0       0

බද්රානි Monday, 21 September 2020 08:54 PM

මුල් පින්තුර වල තියෙන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්නේ ගෙවල් වලට එවපු බඩු වගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි... මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි.

:       0       0

බද්රානි Monday, 21 September 2020 08:58 PM

මුල් පින්තූරවල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්ගේ ගෙවල් වලට එවාපු බඩු වගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහුදේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි. මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි.

:       0       0

Pradeep Tuesday, 22 September 2020 03:02 AM

කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්...

:       0       0

Pradeep Tuesday, 22 September 2020 03:02 AM

කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන් කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්...

:       0       0

බද්රානි Tuesday, 22 September 2020 04:01 AM

මුල් පින්තුර වල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ විරුවන්නේ ගෙවල් වලට එවාපු බඩු වගෙයි පේන්නේ.

:       0       0

බද්රානි Tuesday, 22 September 2020 04:02 AM

මුල් පින්තූරවල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්නේ ගෙවල්වලට එවාපු බඩු වාගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි. මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි...

:       0       0

Pradeep Tuesday, 22 September 2020 05:07 AM

කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්...

:       0       0

Pradeep Tuesday, 22 September 2020 05:07 AM

කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිලිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්..

:       0       0

Pradeep Tuesday, 22 September 2020 05:07 AM

කවුරු කොහොම එව්වත් මේ දේවල් වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්..

:       0       0

Kamal Koyrala Tuesday, 22 September 2020 10:24 AM

කහ කන්ටේනර් ටික මාට්ටු වුණාට පස්සේ නිරුවත වහගෙන දැන් මීඩියා එක්කම බැහැලා වැඩ කළාට දන්නවා රේගු හොරුන්ගේ හැටි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site