රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බොම්බ තොගයක් හමු වී ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පරවිපන්චාන් ප්‍රදේශයේ වැසියකු විසින් සිය ගෙවත්තේ පිහිටි ළිඳ පිරිසිදු කිරීමට යාමේදී ළිඳ පතුලේ දමා තිබූ අදාළ යුද උපකරණ තොගය හමු වීමෙන් පසුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දීමෙන් අදාළ ක්ලේමෝ බෝම්බ තොගය හා පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩට ගෙන ඇත.
අවසන් යුද සමයේ පළා ගිය කොටි සාමාජිකයින් විසින් අදාල බෝම්බ ළිඳට තුළට දමා පලා යන්නට ඇති බවටත් සොයා ගත් ක්ලේමෝ බෝම්බ හා ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරවංශ ,ගම්මන්පිල දෙන්න ගිහින් බලපන් මේ අළුත් බඩුද පරණ බඩුද කියල !