IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


එංගලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිකුරාදා රාත්‍රියේ තොරතුරු වාර්තා වී ඇති නමුදු තම ගිණුම්වලට පිවිසීමට හෝ විද්‍යුත් ලිපින පණිවිඩ ලබාගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ  (24) යැයි ද වාර්තා විය.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු විද්‍යුත් ලිපින ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් හදිසි පණිවිඩ තිබේ නම් කෙටි පණිවිඩයක් යොමු කරන්නැයි දැයි ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් රෙනාඩ් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

හැකර්කරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ විද්‍යුත් ලිපින ගිණුම්වල රහස්‍ය අංක අන්තර්ජාලයේ විකිණීමට දමා ඇතැයි ද වාර්තා වී තිබූ අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව එරට බලධාරීහූ ප්‍රකාශ කළහ.
 
ඩේලිමේල් ඇසුරිනි 055



අදහස් (0)

එංගලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මෝදි මූදු පතුලේ පූජාවක
2024 පෙබරවාරි මස 25 1260 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය.


සටන් විරාම සාකච්ඡා පැරිසියේදී
2024 පෙබරවාරි මස 25 73 0

ගාසා තීරයේ ගැටුම් නිමා කිරීම සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම සාකච්ඡා ප්‍රංශයේ පැරිස් න


හිරේ ඉන්න ඉම්රාන් ලිපියක් යවලා
2024 පෙබරවාරි මස 25 118 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14 ක සිරදඩුවමක් විදින ’තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායකයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා ද වන ඉම්රාන් ඛාන්, ජාත්‍යන්තර මූ


ඉරාන හමුදාව පාකිස්තානයේ මෙහෙයුමක
2024 පෙබරවාරි මස 25 1249 0

පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තා


නවල්නිගේ දේහය මවට දෙයි
2024 පෙබරවාරි මස 25 900 0

සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත.


මකරකු වැනි සතකුගේ පොසිලයක්
2024 පෙබරවාරි මස 24 2712 0

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 289 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site