( පුෂ්පකුමාර ජයරත්න )
වල් ඌරන් දඩයමේ ගිය පුද්ගලයකු විසින් වල් ඌරෙකු මරා දැමීම සඳහා තබන ලද වෙඩිල්ලක් වැරැදී ගොස් සිය මිතුරාගේ හිසට වැදීමෙන් මිතුරා මරණයට පත්ව ඇති බව පොතුහැර පොලීසිය කියයි.
අද (25 ) අලුයම 5.30 ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් රඹුක්කන පොලිස් වසමට අයත් කුදුම්බුව පලාගල පදිංචිකරුවකු වන ආර්.සෙනෙවිරත්න නමැත්තා මරණයට පත්ව ඇති බව පොලීසිය කියයි.
රඹුක්කන පොලිස් වසමට අයත් අලුගොල්ල නම්වූ වනයේ සතුන් දඩයමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇති බව අනාවරණය වී තිබේ. උත්සසවයක් සඳහා අවශ්‍ය ඌරු මස් සපයා ගැනීමේ අරමුණින් මියගිය පුද්ගලයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු අද අලුයම් කාලයේදී අලුගොල්ල වනයේ දඩයමට ගොස් ඇත.
එහිදී වල් ඌරෙකු දැක එම සතාට වෙඩි තැබීම සඳහා මිතුරන් තිදෙනාම බිම දිගාවී සතාට නොපෙනෙන ආකාරයට සූදානම් වී ඇති අතර, ගිනි අවිය අත තිබූ පිටුපසින් සිටි පුද්ගලයා සතා ඉලක්ක කර වෙඩි තබද්දී ඔහුට ඉදිරියෙන් බිම දිගාවී සිටි පුද්ගලයා එක්වරම හිස ඔසවා ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.
මේ අවස්ථාවේ පිටුපස සිටි පුද්ගලයා එල්ල කළ වෙඩි පහර ඔහුගේ හිසට වැදීමෙන් බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයා සමඟ සිටි මිතුරන් දෙදෙනාම ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
අවි ගත්තෝ අවියෙන්ම නසිති. පර පණනසන්න හදන කාටත් ඕවා පාඩම්.
දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදේ.......
හොඳ වැඩේ අහිංසක සත්තු මරන්න යනවට.........
හොඳ වැඩේ අහිංසක සත්තු මරන්න යනවට..
කරුමේ. සහයට ඩැනී හරියට කවුද කියලා නොදැන එක්ක ගියහම වෙනදේ. මොන වැඩේට ගියත් එක්ක යන්නේ කවුද කියලා හරි හැටි නොදැන යන්න නරකයි. පණ්ඩිතකමට වෙඩික්කාරයාට ඉස්සෙල්ලා යන්න ඇති. ඌරාට හරියට වෙඩිල්ල වැදුනේ නැතිනම් සතා හැරිලා ආපහු එන්නේ වෙඩිල්ල ආපු පැත්තට කියලාවත් නොදැන තමා මේ මනුස්සයා ගිහිල්ලා තියෙන්නේ.
නොසැලකිලිමත්ව සිදුවන මෙමැනි අනතුරුවලින් අසරණ ඡීවිත නිකරුනේ අහිමි වී යයි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන මා අතිශයින්ම කණගාටු වෙමි. වඩා සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් බොහොමයක් අනතුරු වළක්වා ගත හැකිබව මා කල්පනා කරමි. තාප්පවල චිත්‍ර අඳිමින් සිටියදී මාරක රිය අනතුරකට මුහුණ පෑ සිසුවාගේ අනතුරද සැලකිලිමත්ව කටයුතු කළා නම් ඔහුගේ ඡීවිතය බේරාගත හැකිව තිබුණි යයි මට වැටහේ. මාගේ දැඩි සංවේගය හා ශෝකය ඔවුන්ගේ පවුල්වල නෑ මිතුරන් වෙත පලකරමි.
සතුන් මැරීම වැරදියි වගේම එසේ මරාගත් සතුන්ගේ මාංශ වෙළඳාමත්, මිලදී ගැනීමත්, පිසීමත්, අනුභවයත් එකසේම වැරදි ක්‍රියාවන් වේ. සතෙක් මරනවිට අනේ පව් කියනා බොහෝදෙනෙක් එම සතාගේම මස් හොඳින් අසුරා පැකට්කර එවූවිට රස කරමින් වළඳා තමාවම රවටාගනී.
පාණාතිපාතා වේරමණී...
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පාංශුකූලයට වැඩම කරගන්න පුළුවන් වේවිද?