උද්ඝෝෂණ කිරීමට ඕනෑම අයකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇති බවත් තම වෑයම රට වනසන යුද්ධයකට යළිත් ඉඩ නොතබා සියලූ ජාතින්ට එකට ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව මිනිසුන් එක් කිරීමට පාලමක් කරගත යුතුයි.භාෂාව හේතුවෙන් මිනිසුන් වෙන්කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වුවත් මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් ලෙස රටේ සෑම භාෂාවකටම ගරු කළ යුතුයි වගේම එම භාෂා හැදෑරිය යුතුයි.
කළු කොඩි වෙනුවට සාමයේ කොඩි ලෙළදවමින් මතු පරපුරේ අපේක්ෂා ඉටුකිරීමට යන ගමනට සහය වන ලෙස සියලූ උදේඝෝෂකයින්ට ආරාධනා කරනවා.“යැයි ජනපතිවරයා පවසයි.
ජනපතිවරයා මේ බව පැවසුවේ යාපනය හින්දු විද්‍යාලයේ දී අද (14) පැවති ජාතික දෙමළ භාෂා දින උත්සවය අමතමිනි.
“සියලූදෙනා පිළිගන්නා ජාතික සංහිඳියා පිළිවෙත කරා යන ගමනේදී ඊට බාධා කරන්නේ මනුෂ්‍යත්වය නොහඳුනන පිරිස්.රටේ සියලූ දරුවන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදෙන්නේ, ඔවුන් සියලූ දෙනා දැනුමෙන් යුත් පුරවැසියන් බවට පත්කිරීමටයි, ආගම් බේදයකින් තොරව රටේ සෑම දරුවෙකුම අනාගතය ජය ගැනීමට සූදානම් කිරීමේ වගකීම රජය ඉටුකරනවා.
ඉදිරියේදී අර්තාපල් පිටරටින් ගෙන්වීම නතර කර දේශීය අර්තාපල් ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරනවා.“යැයි ජනපතිවරයා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතියක් තියෙනවා, හැබෑව. ඒ වගේම කම්මුල්පාර කන්නත්, කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු පාර කන්නත් අයිතියක් තිබෙනවා. හැබැයි ඒ ඔක්කොම මෙහෙ. උතුරේ ඒ මොකුත් නැහැ. ඕනේ සෙල්ලමක් දාන්න පුළුවන්. සැබෑ වෙනසක්....
කටින් කයිවාරු ..... අච්චාරු...
උද්ඝෝෂණ සහ වර්ජන කිරීමට ඕනෑම අයකුට අයිතියක් තිබීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වර්ජන වලින්, වර්ජන වලට සහභාගී නොවන බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවාහනය, රෝහල් සේවාව වැනි මූලික අවශ්‍යතාවයන් අඩාල වේ නම්, රජයේ වගකීම සහ යුතුකම විය යුත්තේ එවැනි වර්ජන තහනම් කිරීමයි. ඊට හේතුව නම්, අද රටේ සුළුතරයක් විසින් කරන මේ වර්ජනවලට, සාමාන්‍ය ජනතාවට දිය හැකි පිළියමක් හෝ විසඳුමක් නොමැති බැවිනි.
මෙහේ උද්ඝෝෂණ කරන අයට පොලීසිය දාලා ගස්සනවා. යාපනයේ ඒවා බැරි ඇයි දන්නේ නැහැ නේද? ලංකාවේ අපේ ලංකාවේ....
මේකේ දහම් නමින් අදහස් දාන කෙනා හැමදාම දාන්නේ මෝඩ අදහස්ම තමයි.
මෙහි .'' උද්ඝෝෂණය කිරිමට දෙමල හැමෝටම අයිතියක් තියෙනවා '". නිවැරදි යැයි සිතේ.
උතුරටයි දකුණටයි වෙනස් විදියට සලකනවයි කියල අදහස් දාපු අය දකින්නෙ නැද්ද උතුරෙයි දකුණෙයි උද්ඝෝෂණවල වෙනස. මෙහෙ අය කරන්නෙ පාරවල් වහගෙන අනික් මිනිස්සුන්ට කරදර කරන එක. එහෙ අයත් එහෙම කරනවනම් කෑම හම්බ වෙයි
ජනාධිපතිතුමනි, ඔබතුමා මුළු ලංකාවේම පුරවැසියන්ට එකම විදිහට සලකනවානම් හම්බන්තොට උද්ඝෝෂකයන්ටත් යාපනයේ උද්ඝෝෂකයන්ට වගේම අයිතියක් තිබෙන බව ප්‍රසිද්ධියේම කියන්න. ඔබේ අද මුදල් ඇමතිවරයා අපේ එජාප සොහොයුරන් උද්ඝෝෂණය කරපු වෙලාවේ කුරුඳු පොලු වලින් ගස්සපු එකත් හෙලා දකින්න. කැලේ ගහක් නහින්න මුල් වෙන්නේ කැලේ ගහක්ම නේද කියලත් හිතන්න.
1948 සිට අද දක්වා මොනරජයද උද්ඝෝෂකයන්ට නොගහන්නේ. රජයකට කරන්න පුළුවන් දේවල් තිබෙනවා බැරි දේවල් තිබෙනවා. ඔය විරුද්ධ පක්ෂයේ ඉන්න කොට තිබෙන සෙනෙහස නැහැ ආණ්ඩුවේ ඉන්න කොට. කවදාහරි දවසක... රටට ඇත්තටම ආදරය කරන ශක්තිමත් නායකයෙක් බිහිවෙයි ඒ කියන්නේ තව පරම්පරා දෙක තුනකින් විතර.. එදාට අපි නැතිවුණත් අද අපි හෙලන සුසුම් රැල් පැතුම් මේ ලක්පොලොවේ අහසේ කොහේ හෝ රැඳී තිබේවි..
එහෙනං මොන කෙං ගෙඩියකටද නඩු කාරයො ඒවා තහනම් කරන්නේ...
දකුණේ කරන උද්ඝෝෂණ වලයි, උතුරේ උද්ඝෝෂණ ලොකු වෙනසක් තියෙනවා නේද? දකුණේ අය හැම දේකටම හැමදාම උද්ඝෝෂණ. උතුරේ අය උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ නෑදෑයො ගැන දැනගන්න.
අයියෝ සිරිසේන තමයි කියන්න වෙන්නේ...
අයිතියක් තියෙන හින්දද පොලීසිය ලවා කන් අඩි පලවන්නේ?මෙයාට දකුණේ උද්ගෝෂණ කරුවන් ලගට යන්න බයද?උතුරේ උද්ගෝෂණ අතරට යන්නේ මොකද? දකුණට නැති නීතියක් උතුරට මොකද?මේ සෙප්පඩ විජ්ජාව තව කොපමණ කල් කරන්නද බලාපොරොත්තුව?
මේගොල්ලෝ නම් සලකන්නේ සිංහල නොවන සියලු දෙනාට උද්ගෝෂණය කිරීමට අවසර ඇත. සිංහල නම් හරි රට ගැන නම් හරි උද්ගෝෂණය කරනවා නම් පොලු පර සහ හිර ගෙදර තමයි !
උද්ගෝෂණ කරන්න අයිතියක් තියෙනවා වගේම උද්ගොෂණයකට යන්න කලින් ඒවාට පිළියම් යොදන්න ආණ්ඩුව විදිහට ඔබලාට වගකීමක් තියෙනවා.