IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


උතුරු කොරියාවෙන් හිතුවක්කාර ප්‍රකාශයක්

(බී.බී.සී ඇසුරිනි -055)

ජාත්‍යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවද ඉදිරියටත් මිසයිල අත්හදා බලන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

“අපි සතිපතා , මාසිකව සහ අවුරුදු පතා මිසයිල අත්හදා බැලීම් කරනවා” යැයි උතුරු කොරියාවේ සිටින බී.බී.සී වාර්තාකරු ජෝන් සුද්වර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එරට උප විදෙස් අමාත්‍ය හන් සෝන්ග් රියෝල් මහතා පැවැසීය.

ඇමෙරිකාව කිසිදු වගකීමකින් තොරව ආයුද භාවිත කළහොත් එහි අවසන් ප්‍රතිඵලය බිහිසුණු යුද්ධයක් ඇතිවීම යැයි උතුරු කොරියා උප විදෙස් අමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය.

උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කළ උපායමාර්ගික ඉවසීම දැන් අවසන් වී ඇතැයි මෙම සම්මුඛ සාකච්ඡාව පළ වීමට පැය කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේය. මේ වනවිට ඇමෙරිකා නියෝජ්‍ය ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටියි.

කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සීතල යුද්ධය උග්‍ර වී තිබේ. ඇමෙරිකාව, රුසියාව හා චීනය ද ඊට මැදිහත් වී ඇත.

දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති හ්වාන්ග් කියෝ අහ්න් සමඟ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේ උතුරු කොරියාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව පරීක්ෂා නොකළ යුතු බවයි.  

“පසුගිය සති දෙකක කාලයේදී ලෝකය අපේ නව ජනාධිපතිවරයාගේ ශක්තිය හා ඔහුගේ ක්‍රියාකාරකම් දුටුවා. ඔහු සිරියාවේත් ඇෆ්ගනිස්තානයේත් සිදුවීම් වලට මැදිහත් වූ ආකාරය ලෝකයම දැක්කා” යැයි මයික් පෙන්ස් මහතා කීය.

උතුරු කොරියාව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ හෝ කලාපයේ ඇමෙරිකා හමුදාවල ශක්තිය පරීක්ෂා කිරීමට උත්සාහ නොකළ යුතු බව ප්‍රකාශ කළ ඇමෙරිකා නියෝජ්‍ය ජනාධිපතිවරයා දකුණු කොරියාවට ඇමෙරිකාවේ 100% සහාය හිමිවන බව ද අවධාරණය කළේය.

 

(ඡායාරූප-ඒඑෆ්පී)



අදහස් (0)

උතුරු කොරියාවෙන් හිතුවක්කාර ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 410 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1656 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site