
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 95,000ක් හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අද (10) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 95,735ක් වන අතර එය දිනක් තුළ ආසාදිතයන් හඳුනාගැනීමේ නව වාර්තාවකි.
මේ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 4.4 ඉක්මවයි.
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,172ක් වාර්තා වී තිබෙන අතර එය මසකට වඩා වැඩි කාලයකට පසු ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන ද වේ. ඒත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 75,000 ඉක්මවා ගියේය.
ලොව අන් කිසිදු රටකින් වාර්තා නොවන අයුරින් ඉන්දියාවෙන් දිනපතා වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනෙන අතර දෙවැනි වන්නේ තවමත් ලොව නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තාමත් ටෙස්ට් කරකර ඉන්නවා. ටෙස්ට් වැඩිවෙන තරමට කොරෝනා පැතිරෙනවා කියලා තාම දන්නේ නැහැ. බලන්න ලංකාව කොච්චර සාර්ථකව ටෙස්ට් පාලනය කර කොරෝනා මැඩපැවැත්වූවාද?!
තමන්ගේ දේවල් බලාගෙන ඉන්නේ නැතිව අනිත් අය හදන්න යන ඉන්දියන් කාරයින්ට වෙන්නේ මේක තමයි.