ඇතැම් ක්‍රීඩකයන් ලංකාවෙන් ශාරීරික යෝග්‍යතාවය (ෆිට්නස්) හදාගෙන ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන බව ක්‍රීඩා ඇමැති සහ කැබිනට් සම ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේය.
ක්‍රිකට් ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් අවශ්‍ය නැති බවට ලසිත් මාලිංග මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇසීය.
ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා කීවේ එක එක්කෙනා කියන කතාවලට උත්තර දීමේ අවශ්‍යතාවක් නැති බවයි.
කෙසේ වෙතත් ඇතැමුන් ලංකාවේ ‘ෆිට්නස්‘ හදාගෙන ඉන්දියාවට ගහන බව කී ඇමැතිවරයා ලංකාවේ ක්‍රීඩකයන් අදක්ෂයැයි කිසි ලෙසකින් නොකියන බව ද පැවසීය.
තමා කියන්නේ ලංකාවේ ක්‍රීඩකයන් ශරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් විය යුතු බව යැයි ද, ඉදිරියේදී ක්‍රීඩා තරඟවලට සහභාගී කරවන්නේ ශාරීරික සුවතා පරීක්ෂණයෙන් සමත්වන පිරිස් පමණක් යැයි ද ජයසේකර මහතා කීවේය.
වෙනත් රටවල ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාවය ඉතා ඉහළින් බලන බවත්, වෙනත් රටවල ක්‍රීඩකයන් බොහෝ වේලාවක් ක්‍රීඩා කරද්දී ලංකාවේ ක්‍රීඩකයන් සුළුවේලාවක් ක්‍රීඩා කර භෞත චිකිත්සක ලවා පරීක්ෂා කර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තෙන්ම හොඳයි. ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය හොඳින් මැනබැලිය යුතුයි..
මෙතුමාත් වැඩේ අනාගන්න වගෙයි හදන්නේ....
ඔබතුමා ගැනත් ජනතාව හොඳින් දන්නවා. ඔය කියන හමුදා පුහුණුව ඇමතිතුමා ගෙන් පටන් ගත්තොත් තමයි හොඳ... අනුන්ට බණ කියන්න කලින් ඇමතිතුමා ආදර්ශමත් වෙන්න ඕනේ. දැන් කියාවි මම පුහුණුව අරන් තමයි ඉන්නේ කියා. අපි ඔක්කොම මිනිස්සු, මිනිස්සුන්ගේ අතින් වැරදි සිදුවේවි. එය තමා ස්වභාවධර්මය. ඇමතිතුමා පිටියට ගිහින් සෙල්ලන් කරොත් තේරේවි... ඇමතිතුමනි, ඔයාට වඩා ලසිත් මාලිංග රටට සේවය කරලා තියෙනවා. ඔබතුමාගේ නමවත් අහලා නැතුව ඇති පිටරට ක්‍රීඩා ලෝලීන්. ඒ වුණාට ලසිත් මාලිංග කවුද කියා ඔවුහු දනිති. තමුන්ගේ රාජ කාරිය හරියට කළොත් හොඳටම ඇති පීලි පනින් නැතුව...
ඉන්දියාවට කඩේ යන්න පුළුවන් නම් සෙල්ලන් කරපුවහම මොකද? බලනකොට රටම විකුණලානේ...
මොන පක්ෂේ අාවත් පැනලා ඇමතිකම් ගන්න හදන මේ වගේ පුද්ගලයන් හින්දා තමයි ලංකාවේ ක්‍රීඩාව වල පල්ලට යන්නේ...
ඇමතිතුමාගේ යෝග්‍යතාව බලන්න ඕනේ නැද්ද?
ලෝක ශුරතාවය දිනපු අවුරුද්දේ පළමු යෝග්‍යතා පරීක්ෂණයෙන් නායක, උපනායක ඇතුළු ගොඩක් අසමත් වුණා මතකද? සියලුම දෙනා පුහුණුවීම්වලට ඇවිත් දෙවැනි එක කල හැමෝම ගොඩ ගියා. කප් එක දිනලා රටම දිනුවා. මේවා කරන්න තිබුණේ අද ඊයේ නොවේ. ක්‍රීඩාවේ ප්‍රවීණයන්ගෙන් වැඩ ගන්න දැනගන්න ඕනේ. පුහුණුකරුවන් වගේම හිටපු ක්‍රීඩකයන්ගෙන්.... ඒ අයව අමතක කරලා වැඩ කලාම ඕක තමා පිළිතුර. පමාවී හෝ තේරුම් ගත්තා නම් ලොකුදෙයක්. තව පහළට යන්න කලින්....
එහෙම නැතිනම් අපි මෙතුමාව ජාතික කණ්ඩායමේ නායකයා කරමු. ෆිට්නස් එක එතුමා ප්‍රායෝගිකව පෙන්වයි.
ඇමතිතුමා බලන්නේ තර්ජනය කරලා වැඩ ගන්න. ක්‍රීඩකයින්ට කියලා කොන්දක් තියෙනවා. අපිට නම් "ලසිත් මාලිංග" ව ගොඩක් වටිනවා. ක්‍රීඩාව දේශපාලනීකරණය වුණාට පස්සේ තමයි ලංකාවේ ක්‍රිකට් මෙච්චර පරිහානියට පත්වුණේ. ලැජ්ජාවක් කියලා කොහේ හරි පොඩ්ඩක් හරි ගෑවිලා තියේනම් ඉල්ලා අස්වෙන එක හොඳයි. එ්ක රටට වගේම අපි මෙච්චර ආදරය කරන ලංකාවේ ක්‍රිකට් වලටත් කරන ලොකු සේවයක් වේවි....
දයාසිරි මැතිතුමා ගැන සමහරු දන්නේ නෑ. ක්‍රීඩාව නගා සිටුවන්න නම් තද පාලනයක්, විනයක් තියෙන්න ඕන. ඇමතිතුමනි අපි ඔහොම යමු. මෙයාලව හරි පාරට දාමු. නැත්නම් අපිට අනාගතේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් වගේ ක්‍රිකට් කණ්ඩායමක් තමා ඉතුරු වෙන්නේ. මහේල වගේ හොඳ පුහුණුකරුවෙක් ගමු. ලබන පාර ලෝක කුසලානේ අපිට තමා. ජය වේවා !!!
සමහර රටවල් නියෝජනය කරන ක්‍රීඩකයන් සූදූ ඔට්ටුත් අල්ලනවා. අනේ අපේ අහිංසක ක්‍රීඩකයන් එහෙම කරනවා කියනවා එහෙම නම් නොවේ.
ක්‍රිකට් ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් අවශ්‍ය නැහැ නමුත් යහපත් සරීර සවුක්යක් නැති පුද්ගලයන් ලංකාව නියෝජනය කිරීම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කලේ පිරිහීමට එක්තරා හේතුවක් , නිතරම ලෙඩ වෙනවනම් ලොකු නම් තිබුනට වැඩක් නැහැ , නිරෝගී ආදේශක සොයා ගත යුතුය
මෙය මේ කතාකරන්නේ රෙද්දක් ඇඳගෙනද ? පක්ෂ මාරු කර කර විලිලජ්ජාවක් නැතිව කරන කියන දේවල් බලපුවහම මාලිංග කියන දේ මොකද්ද ? රිලවගේ කතාව නම් සම්පුර්ණ ඇත්ත ....
මාලිංගගෙන් පුවත්පත්වේදියෙක් අහපු ප්‍රශ්නයක් නේ මේ කතාවට හේතුව. එයාගෙන් ඇහුවේ එදා මැච් එකේ තිසර අතින් ගිලිහුණු උඩ පන්දුව නිසා මැච් එක පරාද වුනාද කියල.. පොඩ්ඩක් හිතන්න.. මාලිංග ඒ වෙලාවේ හිටියේ පුද්ගලික සාකච්චාවක නෙවෙයි.. කියන දෙය මුළු ලෝකෙටම එවෙලේම ප්‍රචාරය වෙන තත්වයක්. ඉතින් එවන් තැනකදී තමන්ගේ කණ්ඩායමේ තමන් එක්ක එකට සෙල්ලම් කරන සගයෙක් ගැන රිනාත්මක හෝ අසුබ විදිහට ප්‍රකාශයක් කිව්වා නම් එය මුළු ලෝකෙටම ප්‍රචාරය වෙනවා.. ඒ වෙලාවේ මාලි කෙරුවේ ඉතාමත් පරෙස්සමින් උත්තරයක් දුන්න එකයි....
පැත්තෙන් පැත්තට පනින මේ අවස්තාවදියට මම කොහෙත්ම කැමති නැහැ. හැබැයි සුස්නතිකාගෙ කේස් එකේදිත් දැන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ කේස් එකේදිත් එයා කියන ඒවයේ සෑහෙන ඇත්තක් තියෙනවා. ක්‍රීඩකයෙක්නම් ෆිට්නස් අනිවාර්යයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්නම් රට නියෝජනය කිරීමට අවශ්‍ය යෝග්‍යතාවය පවත්වාගෙන යන එක තමයි ප්‍රධානම කටයුත්ත විය යුත්තෙ. ඒකටනෙ දීමනා සහ පහසුකම් දෙන්නෙ.
ඇමතිවරුන්ගේ මානසික යෝග්‍යතාව ගැනත් හොයල බැලුවොත් නරකද?
ඔව් මේ කියන අයත් ශ්‍රී ලංකාවේ මහජනයාගේ ඡන්දෙන් ඇවිත් වැඩ කරන්නේ බටහිරට නේ...
වඳුරට දැලි පිහිය අහුවුණා වගේ තමයි දයාසිරිට ක්‍රීඩා අමෙතිකම ලැබීමත්, ක්‍රීඩාව දියුණු කරන්නේ අපේ වටින ක්‍රීඩකයන් හැල්ලුවට ලක් කරලා ප්‍රසිද්දියේ විවේචනය කරලා නෙමෙයි. කැපී පේන්ඩ කැමති මෙවැනි පුස් දේශපාලුවන් නිසා රටේ ක්‍රීඩාව ලොකු අගාධයකට යාවි. රට මෙනුවෙන් මෙතරම් සේවය කර ඇති ලෝක ප්‍රසිද්ධ ලසිත් මාලිංග , සුසන්තික වැනි අයත් හැල්ලුවට ලක් කරන මෙවැනි මන්ද බුද්ධිකයන් නිසි දඬුවම් දී ඉවත් කල යුතුයි. සනත්, සංග, මහේල, වාස්, දිල්ෂාන්,මැතිව්ස්, ඇතුළු කී දෙනෙක් නම් IPL play කලද, මාලිංග තමයි අකණ්ඩව ප්ලය් කරන්නේ,මාලිංග දක්ෂි. මුළු ලෝකෙම කතා කරනවා , ගරු කරනවා මාලිංගට.
මේ ආණ්ඩුවෙන් ඇමතිකම් අරගෙන ඒකාබද්ධේ පස්සේ යන අයගේ නන් දෙඩවිලි කවුද ගණන් ගන්නේ?
පළමුව විනය දෙවනුව ක්‍රීඩාව
ලංකාවේ ඇතැම් නායකයොත් සෙල්ලම් කළෙත්, කරන්නෙත් ඉන්දියාවට. 2015 ලෝක එක දින ශූරතාවය ඉන්දියාවට පුජා කළ හැටි අමතක වෙලා වගේ...