
(ඩි.ජී.සුගතපාල)
ඉල්ලිම් හයක් මුල්කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් 10 වැනි දින සිට ආරම්භ කර ඇති ආහාර වර්ජනය අද (13) සවස වනවිටද ක්‍රියාත්මක බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරම්භයේදී රැඳවියන් 45ක් ආහාර වර්ජනය කළත් අද එම පිරිසෙන් 32 ක් ආහාර ලබාගෙන ඇති අතර තව දුරටත් ආහාර වර්ජනයේ යෙදී ඇත්තේ රැඳවියන් 13 ක් පමණක් බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි බුරුලක් දෙන්න එපා. උපවාස කරලා මැරුණොත් ඒක හිරකාරයාගේ කැමැත්ත. අපරාධයක් කරලා හිරේ ගියා නම් ගල් බැංකුවේ නිදා ගන්න ඕනේ, කල්දේරම් බත් කන්න ඕනේ. පවුලේ ඥාතීන්ගෙන් ඈත්වෙලා ඉන්න ඕනේ. ඒක තමයි දඬුවම. ඒ දඬුවම විඳින්න අකමැති නම් වැරදි නොකර ඉන්න ඕනේ. නීතියට පටහැනිව වරදක් කළාම, එම අපරාධකාරයා සිරගත කරලා ශිෂ්ඨ සමාජයෙන් වෙන් කරන්නේ, ඒ පුද්ගලයා නැවත එම වරදම නොකරයි කියලා කිසි කෙනෙකුට සහතිකයක් දෙන්න බැරි නිසා. හිරකරුවන්ට ඕනේ විදිහට දඬුවම් වෙනස් කරගන්න පුළුවන් කියලා නීතියේ කොහෙද කියලා තියෙන්නේ? බන්ධනාගාර නිලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕනේ උසාවියෙන් දුන් නියෝගය මිසක් සිරකරුවන්ගේ හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම් නෙමෙයි.
ඔය කී දෙනෙක් මැරෙන්නම කරයිද? එහෙමනම් කොච්චර හොඳක්ද අපේ සමාජයට...
කන්න දෙන්න එපා ඒ අයට.. බඩගින්නේ මැරෙන්න අරින්න ඕනේ... රටකට කරන විනාශයට. පවක් සිද්ද වෙන්නේ නැහැ. ජාති ජාතිත් ජින්..