(නිමල කොඩිතුවක්කු)
කුකුලූමස්, බිත්තර, ටින්මාලූ සහ කරවල ආනයනය කිරීම ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම නතර කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා කොළඹදී පැවසීය.
එයට අදාළ කැබිනට් පත‍්‍රිකාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශ ශ‍්‍රවනාගාරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව පැවසීය.
දේශීය නිෂ්පාදකයන් සහ ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගන්නා බවද අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.