IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම ගැන ජනාධිපති පිළිතුරු දිය යුතුයි- සරත් විජේසූරිය

බිඟුන් මේනක ගමගේ 
 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව විදේශගත විය නොහැකි යැයි ද ආරක්ෂක ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයා ඊට පිළිතුරු දිය යුතු යැයි ද මහාචාර්ය විජේසූරිය මහතා කීය.
 
ජනාධිපතිවරයා කතා කළ යුත්තේ හොඳ අගමැතිවරයකු පත්කරගැනීම නොව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන යැයි කී හෙතෙම වේදිකා මත සිට දර්ශනය ගැන පුරසාරම් දෙඩුව ද නීතිය මත රට පාලනය කිරීමේ දර්ශනයක් නැති බව ජනාධිපතිවරයා ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි ද ලංකාදීප සමඟ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා කීය.
 
ඉදිරි ජනාධිපතිවරණයකදී නැවත පත්කරගැනීමට ජනාධිපතිවරයා නුදුසුස්සෙකු යැයි ද එපරිද්දෙන්ම ඊළග පාර්ලිමේන්තුවක අගමැතිවරයකු වීමට රනිල් වික්‍රමසිංහ මහතා ද නුසුදුස්සෙකු යැයි ද මහාචාර්ය විජේසූරිය මහතා පැවසීය.
 
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රණවිරුවන්ගේ බේරුම්කරුවා හැටියට පෙනී සිටිමින් තමන්ට බලයට ඒමට උදවු කළ දේශපාලන බලවේගයන්ට එන්.ජී.ඕ කාරයන් ලෙස ලේබල් ගැසීම ගර්හාකටයුතු යැයි ද නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු බලයට පත්කර රටේ නීතිගරුක පුරවැසියන් උගෙනගත්තේ ජීවිතයටම අමතක නොවන පාඩමක් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (18)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම ගැන ජනාධිපති පිළිතුරු දිය යුතුයි- සරත් විජේසූරිය

indra Monday, 10 September 2018 12:35 PM

අපිත් මේ රජය පත් කිරීමට දායක වුනා. දැන්නම් හිතෙනවා මහා පාපයක් කරේ කියලා, නැවතත් රට වෙනුවෙන් අලුත් මුහුණක් සෙවිය යුතුයි. රට වෙනුවෙන් අවංකව හඩ නගන ඔබතුමාලා වගේ කෙනෙක් ඉදිරිපත් වෙනවනම් කාලෝචිතයි .

:       717       696

gunarathnaTuesday, 11 September 2018 01:11 AM

කවුද රට වෙනුවෙන් කතා කරන්නේ මෙයාද?මෙයාට ඕනේ උනේ රට බේරාගන්ට නෙමෙඉ ගෝටව,මහින්දව ,හිරේ දාන්ට.ඒක වුනේ නැතිනිසා තමා මෛත්‍රීට දොස්කියන්නේ.කොල්ලන්ට ලෙක්චර් දෙනවා වගේ කියල හිතනවා ඇති රටක් පාලනය කරන එකත්.

:       161       125

lalith Monday, 10 September 2018 01:12 PM

මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැතිනම්... පාර්ලිමේන්තුවට ප්‍රශ්නෙකුත් නැතිනම්... උසාවියට ගැටළුවකුත් නැතිනම්... මේ කව්ද?

:       430       352

කාන්ති Monday, 10 September 2018 02:43 PM

මිනීමැරුම් 11කට චෝදනා තියෙනවා.. රටෙන් පැනලා ..

:       173       188

Janaka from MataraTuesday, 11 September 2018 12:20 AM

කවුද මේවා ඔහෙට කිව්වේ ??? "..මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැත... පාර්ලිමේන්තුවට ප්‍රශ්නෙකුත් නැත... උසාවියට ගැටළුවකුත් නැත ..."

:       0       10

Raveendra Monday, 10 September 2018 01:14 PM

අනේ මම දැනගත්තෙත් පත්තරේ දාල තිබුණු නිසා කිව්වොත් උත්තර හොයන්න වෙන්නේ ටිකිරි මොලවලටම තමයි...

:       21       112

anura Monday, 10 September 2018 01:16 PM

මේ අය බලාගෙන ඉන්නේ රණවිරුවන්ට කෙළවෙනකම් තමයි.

:       518       624

අමරේ Monday, 10 September 2018 02:46 PM

රණවිරුවෝ කියන්නේ රට බේරා ගන්නට සටන් කරන හමුදාවේ අයට. මිනීමරුවෝ කියන්නේ ඉස්කෝලේ යන සිංහල, දෙමළ ළමයින්ව වද දීලා මරපු හමුදාවේ වධකයින්ට...

:       528       665

Sira Monday, 10 September 2018 01:27 PM

ආත්මාර්ථකාමී, අදූරදර්ශී, දේශද්‍රෝහී අය නිසා මගේ මව්බිම විනාශවෙනවා. උදාර මගේ මව්බිම වෙනුවෙන් මටකළ හැකිදෙය නම්, විෂ්ණු අවතාරයෙන් මේ අය පසුපස ගොස් ආත්ම ගණනාවකට දඬුවම් කිරීමයි.

:       14       101

සතයපාල Monday, 10 September 2018 01:42 PM

අනිවාර්යෙන්ම ඔහු මෙයට වගකිව යුතු පමණක් නොවේ. ඒ ගැන ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටත් කටයුතු කල යුතුයි. ඒ වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම් මේ ගැන අධිකරණයට පැමිණිලි කල යුතුයි.

:       163       478

chamith Monday, 10 September 2018 04:06 PM

අනේ මහත්තයෝ අයේ මිනිස්සුන්ව රවට්ටන්න එන්න එපා.. මේ රට මේ තත්වයට පත්වීමට ඔබතුමන්ලත් වගකියන්න ඕනේ.. දැන් නිකන් ඇඟ බේරගන්න හදන්න එපා...

:       0       0

Kamal sanjeewa Monday, 10 September 2018 04:08 PM

ආයෙත් හොරු පත්කරන්න වෙහෙස ගන්න එපා මැතිතුමනි, " නාගනන්ද කොඩිතුවක්කු " මැතිතුමන් ගැන සලකලා බලමු නේද?

:       89       636

nasrudin Monday, 10 September 2018 08:11 PM

මහැදුරු තුමණි, ඔබ තැනගේ අධ්‍යයනවේදී ප්‍රාමාණික දැනුම් සම්භාරයට හිස් වැසුම ඉවත් කර ගරු කරමි. රටට ගැලපෙන දේශ පාලන නායකයෙකු තෝරා බේරා ගන්න කරපු මෙහෙවරේදී ටයිටේනියම් වටින ඔලුවක් නිරපරාදේ කීතු කීතු වලට කැබලි කර ගත්ත නේද? කනගාටුයි, මහැදුරෙක් යන්න නිර්වචනය කිරීම අපහසුයි. සරලව ගත්තොත් ඔහුට තුන් කල් දක්නා නුවණක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මගේ ටිකිරි මොලයට එන පැනය නම් ඔබ තැන අඩු තරමින් එම නුවණ ස්පර්ශ කර තිබේද? යන්නයි. ඔබ තැන ගේ අධ්‍යයන වේදී කාර්ය සාඵල්‍ය සර්වප්රාකාරයෙන්ම සාර්ථක වේවා!!! ආයු රඛන්තු ආවඩා!!!

:       0       7

kudabandara Tuesday, 11 September 2018 01:10 AM

උගත්කම නෙති මිනිස්සු වේදිකාවල මොර දෙනවා. අපි කරගත් මෝඩකම මහ ට හරකෙක් මු න හිත මතම් දර්සනය කතා කරනවා රනිල් හිතෙන දේ කරනවා. මංගල එයට හිතෙන දේ කරනවා ජනතාව දුක් විඳිනවා. අනේ අපට වෙච්චදේ??? මුන් රට යනවා. රට කනවා අපිත්කනවා.

:       28       6

Adam Tuesday, 11 September 2018 01:40 AM

ඇත්තම කියනවනම් අපේ ගෙදර කුස්සියේ ඉන්න අය අපේ ජනාදිපති තුමාට වඩා රටේ වෙන දේවල් ගැන දන්නවා. මෙතුමා රට ගැන දැනගන්නේ අපේ පත්තර වලට පින්සිද්ද වෙන්න. මෙතුමා වගේ අසාර්ථක නායකයෙක් මේ මුළු ලෝකෙම පහල වෙලත් නැහැ අායෙ පහල වෙන්නෙත් නැහැ. මෙතුමාව ජනාදිපති කරලා අපි අපේ රටට කලේ ලොකු අපරාදයක්.

:       0       102

ranga Tuesday, 11 September 2018 03:44 AM

එකනේ යහ පාලනය කියන්නේ

:       0       3

දිලු්ම Tuesday, 11 September 2018 03:57 AM

උණ විකාරෙන් වගේ මෙයා දැන් කියවන්නේ. රට කන්න මුල පුරපු අයට දැන් කොහොමත් උණ තමයි. අපේ රටට හෙන ගෙනාපු අයගෙන් ප්‍රමුඛයෙක්නේ මෙයත්.

:       96       297

විජිත් Tuesday, 11 September 2018 06:14 PM

කමල්, මමත් එකඟයි ඔබ සමග.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site