IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආයෝජන මණ්ඩලයේ සීතාවක අපනයන කලාපයේ ආරක්ෂකට මැර ප්‍රහාරයක්

(බිඟුන් මේනක ගමගේ)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සීතාවක අපනයන කලාපයේ ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක ප්‍රධානියා මැර ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුට ශල්‍යකර්ම දෙකක් සිදුකළ යුතු යැයි වෛද්‍යවරු අද(17) නිර්දේශ කර තිබේ.

අපනයන කලාපයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරියෙහි නියුතුව සිටියදී පුද්ගලයකු විසින් කඩුවකින් පහර දෙනු ලැබීමෙන් පසුගිය 13 වැනිදා මෙසේ තුවාල ලැබ ඇත්තේ එහි ආරක්ෂක ප්‍රධානී ජේ.එම් ජයවර්ධන මහතාය. 

කඩු පහර හේතුවෙන් ජයවර්ධන මහතාගේ වම් අතට තදබල ලෙස හානි සිදු වී ඇති අතර මේ වනවිටත් එක් ශල්‍යකර්මයක් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ආයෝජන කලාපයේ වාහන අංගනයට නිසි අවසරයකින් තොරව ඇතුලුවීමක් සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක නිලධාරියා කළ ප්‍රශ්න කිරීමකින් දින දෙකකට පසු සැකකරු විසින් මෙසේ පහර දෙනු ලැබ ඇතැයි සිදුවීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ සැකකරු ආයෝජන කලාපයේ ප්‍රවාහන පහසුකම් සැපයූවෙකු හැටියට මීට පෙර ක්‍රියා කර ඇතැයි එහි නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ප්‍රහාරයට ලක් වූ ජයවර්ධන මහතා වසර 32 ක් තිස්සේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවය නිරත දක්ෂ නිලධාරියකු යැයි ද බාහිර පුද්ගලයන් හා වාහන ආයෝජන කළාපයට පිවිසීමේදී මුදල් ගෙවා ලබාගත යුතු ප්‍රවේශපත්‍ර නිසි ලෙස නිකුත් කිරීම හේතුවෙන් අයථා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පිරිස්වල නොමනාපයට ලක්ව ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (2)

ආයෝජන මණ්ඩලයේ සීතාවක අපනයන කලාපයේ ආරක්ෂකට මැර ප්‍රහාරයක්

ravin Monday, 17 February 2020 02:13 PM

ඉතින් ඇයි ඔය කියන මැරයාට වෙඩි තිබ්බේ නැත්තේ....?ආරක්ෂක අංශ වලට තුවක්කු නිකුත් කරලා තියෙන්නේ නිකම් නොවෙයි.මැරයාව මැරුණත් ප්‍රශ්නයක් නැහැ...මොකද ඒ වගේ උන් මේ රටට ඔනෑ නැතිනසා.

:       0       1

sarath Monday, 17 February 2020 03:53 PM

ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කල යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site