IMG-LOGO

අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයක් නෑ

(නාලක සංජීව දහනායක )                           

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ කළ සම්පූර්ණ අනුශාසනාව නොඇසූ පිරිස්  රාජපක්‍ෂවරුන්ට හා මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පැවසීය.


එහෙත් එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය නොදක්වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. 
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද  කීය.   

  
හිටපු ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනයේදී වේඬරුවේ උපාලි හිමියන් විසින් සිදුකළ ප‍්‍රකාශයක් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙනවා.

මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා දැහැමි ඍජු ගතිගුණ තිබෙන පාලකයෙක් රටට අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළා. වේඬරුවේ උපාලි හිමියන්ගේ මෙම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම ඇහුවේ නැති උදවිය මහා සංඝ රත්නයටත්, රාජපක්‍ෂවරුන්ටත් විරුද්ධව විවිධ ප‍්‍රකාශ සිදුකරනවා.

        
මෙම ප‍්‍රකාශයෙන් වැඩියෙන්ම කළබලයට පත්ව සිටින්නේ බුදු පිළිම වහන්සේලාගේ බෙල්ලෙන් අල්ලන් සිටි බවට චෝදනාවට ලක්වූ මංගල සමරවීර අමාත්‍යවරයායි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හැරුණු විට යුද්ධය නිම කිරීමේ විශිෂ්ටතම කාර්යයක් කළ අනෙක් තැනැත්තා ගෝඨාභය රාජපක්‍ෂයි.

උම්බලකඩ කෑල්ලක්වත් නොකන ඉතාම සාමකාමී ජීවිතයක් ඔහු කිසිසේත්ම හිට්ලර් පන්නයේ කෙනෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂගේ නාමය කිසිසේත්ම ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි යැයිද කීය.


ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (33)

අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයක් නෑ

sirimal Sunday, 24 June 2018 10:30 AM

විරුද්ධ වුණානම් තමයි පුදුමේ. ජනාධිපති සිහිනයට අනුනායක හාමුදුරුවන්ගෙන් තල්ලුවක් වෙනුවට මුල්ලුවක් නේද වැදිලා තියෙන්නේ? දැන් කොච්චර නිවේදන නිකුත් කළත් වෙන්ට ඕන හරිය වෙලා අවසානයි. ඕකනේ කියන්නේ "ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය හැකි නොවේ" කියලා.

:       1083       1674

C.Kapukotuwa Sunday, 24 June 2018 10:59 AM

උම්බලකඩ කන්නේ නැති සමහර උදවිය මිනී මස් කනවානේ..............

:       1535       2542

V.warnakulasuriya Sunday, 24 June 2018 12:17 PM

දවසේ ⁣හොඳම කියමන.

:       122       238

mangala welarathnaMonday, 25 June 2018 05:03 AM

හොරුන්ට තමන් ගැන තමන්ගේ පැත්තට අශූචි ගොඩත් සුවඳයි.

:       0       0

එර්දි Sunday, 24 June 2018 11:06 AM

වෙන මොනව කරන්නද? කාලගෝලයන්ටත් ගෝඨාභය සරණයි කිව්වලු..

:       233       640

Sanath Sunday, 24 June 2018 12:00 PM

ඔබ නොදන්නවට හිට්ලරුත් සම්පූර්ණයෙන්ම වෙජිටේරියන් කෙනෙක් එයත් උම්බලකඩ කෑල්ලක්වත් කාල නැහැ.

:       24       333

udugama Sunday, 24 June 2018 12:02 PM

හාමුදුරුවෝ දේශනා කලේ කාලීන අවශ්‍ය තාවයයි සංහල නොතේරෙන බූරැ රැලට කඵාවේ යථාර්තය තෙරුම් ගන්න අමාරැයී

:       642       16

man dekka Sunday, 24 June 2018 01:18 PM

වෙල්ගම මහත්තය නම් ඉන්නේ වෙන අදහසක,

:       0       402

SKA Sunday, 24 June 2018 01:31 PM

අගමැති රනිල් මයා කීවානම් ඔය කතාව අම්මට සිරි ඒකාබද්දෙ අද එහනම් රටම කුලප්පු කරනවා ඔන්න වෙනස

:       0       312

Bamunuarachchi Sunday, 24 June 2018 01:48 PM

අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයක් නෑලු ඒක හරි ඒකාබද්ධ විපක්‍ෂයේ ගොන් තකතීරුවො නැහැනේ. නැතිනම් මොන බූරුවාද උපමාවකට ගත් වචනයට වාද කොරන්නේ. හාමුදුරුවෝ කීවානම් වසවර්තියා හරි කමක් නැහැ රට හරිමගට ගන්නවානම් කීවානම් වසවර්තියා ගැනත් වාද කරාවි. එහෙම ගොයියෝ මෙතන ලියන්නේ

:       351       1

athuraMonday, 25 June 2018 03:20 AM

තකතීරුවො නැති හින්ද තමයි මහින්ද මහත්තයට ජනාධිපති පුටුවත් දාල ගෙදර යන්න වුනේ. සමහරකට වහල් භාවය ඕන වුනාට අපිටනම් අවශ්‍ය නැත.

:       1       19

BamunuarachchiMonday, 25 June 2018 10:42 AM

මහින්ද මහතා ගෙදර යවපු අය දැන් තේරුම් අරන්. තේරුම් නොගත්ත අය ඉන්නවා කියලා තේරෙනවා

:       18       0

Cyril Sunday, 24 June 2018 01:56 PM

අගමැති තුමා කියපු සරදියෙල් කරපු විදිය එතුමාට අමතක උනේ අපේ වාසනාවකට,

:       118       1

රවීන්ද්‍ර Sunday, 24 June 2018 02:12 PM

හිට්ලරුත් උම්බලකඩ කෑල්ලක්වත් කෑවේ නැති වෙජිටේරියන් තමයි.. නමුත් මිලියන ගානකගේ ජීවිත අහිමිකළා. ගෝටා කළ හරිය ඩලස් වගේම අපිත් දැක්කනේ..

:       0       255

BamunuarachchiMonday, 25 June 2018 11:32 AM

අනේ ගෝඨා කල අපි නොදැක්ක ඔබ දැක්ක හරිය මොකක්ද? අවුරුදු 27ක් අතගගා තිබුණු යුද්ධය අවුරුදු 3න් ඉවරකළා... ජරාවට ගොස් තිබූ කොළඹ නගරය ලස්සන කළා. පේමන්ට්කාරයින් අයිතිකරගෙන සිටි ලක්ෂ ගාණක් කොටුවේ පාරවල් ජනතාවට නැවත ලබාදුන්නා. කොටුව අවලස්සන කරමින් තිබු අනවසර පෙට්ටිකඩ අසුරු ගහන සැනින් ඉවත් කළා. ලස්සන වැඩේ විරුද්ධව කාගෙන්වත් උද්ඝෝෂණ නැහැ. පාරේ නිදිය ගත්තේ නැහැ. බිත්තිවල පෝස්ටර් ගැහුවේ නැහැ. බාරගත්ත වැඩේ හරියට කළා. ඔහොම වැඩ කරන්න පුළුවන් එක පුද්ගලයෙක් නම් කරන්න.

:       0       0

Lokka Sunday, 24 June 2018 02:15 PM

ඩලස් කියනවා හිට්ලර් වෙජිටේරියන් කියලා. ඉතිහාසෙ ඉගෙන ගන්න.

:       41       238

ranesh Sunday, 24 June 2018 02:23 PM

හැකිනම් ගෝඨාභය විසින් අනුගමනය කළයුතු හිට්ලර්ගේ එකම හොඳ ගුණයක් හෝ කියන්න හාමුදුරුවනේ...

:       256       759

ධනුෂ්ක Sunday, 24 June 2018 04:16 PM

මම කියන්නම් කීපයක්. හිට්ලර් අමානුෂික ලෙස කෝටි ගනනකගේ ජීවිත විනාශ කලා. නමුත් ඔහු ස්වීඩන් ජාතිකයෙක් ලෙස ඉපදී ජර්මන් ජාතිය ලෝකේ උතුම්ම ජාතිය කරන්න උත්සාහ කලා. පලමු ලෝක යුද්ධයේ සොල්දාදුවෙක් වු ඔහු යුද්ධය පැරදිලා අවි බිම තියලා අැමරිකාවේ පුරවැසිභාවය අරන් හැන්ගුනේ නෑ. ඔහු රටේ නායකයා වෙලා ජර්මනිය බලවත් කලා. එ් වගේම යුද්ධ පැරදිලා සෝවියට් හමුදා අත්තඩංගුවට ගනී කියලා ඊට එරෙහිව බියගුල්ලෙක් වගේ අධිකරන නියෝග ගත්තෙත් නෑ.

:       0       453

සතයපාල Monday, 25 June 2018 07:27 AM

හිට්ලර් තම රටට අසීමිතව ඇදරය කලා රටේ තියෙන දේවල් හොරාකාලා කොමිස් ගහලා නැහැ. හිට්ලර්ගේ ඒ ආදර්ශයවත් මේ අයට නැහැ.

:       0       0

Ajith Nissanka Sunday, 24 June 2018 04:22 PM

ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයක් නෑ ඔය ප්‍රකාශ වලට! අනික ඕවා ගැන හිතන්න වෙලාවකුත් නැහැ! අපි මේ කලපනා කරන්නේ 2020න් පස්සේ කුට්ටි බෙදා ගන්න විදිය ගැන!

:       6       338

Saththaya Sunday, 24 June 2018 04:44 PM

බුදුදහමයි රටයි, දෙකම ඉවරයි... දැන් මොනවා සුද්ද කරන්නද?

:       3       549

මොට්ට පාල Sunday, 24 June 2018 05:12 PM

හිට්ලර් කියන්නේ හොදම වෙජිටේරියන් කාරයක්. හැබැයි එයා මිනිසුන් මිලියන ගානක් මැරැව. ඩලස් මහත්දතය ඒකවත් දන්නේ නැහැ.

:       0       368

අනේ ඉතින් Sunday, 24 June 2018 10:15 PM

ඔවු ඔවු විරුද්ධ වෙන්න එපා. ඕක පතුරවල ඇරියෙත් ඇතුලේ ඉන්න උදවියමනේ. වැඩේ හිතුවට වඩා බරපත්ලයිනේද?

:       60       265

Chanak Los angeles Sunday, 24 June 2018 10:31 PM

මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා දැහැමි ඍජු ගතිගුණ තිබෙන පාලකයෙක් රටට අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළා. වේඬරුවේ උපාලි හිමියන්ගේ මෙම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම ඇහුවේ නැති උදවිය මහා සංඝ රත්නයටත්, රාජපක්‍ෂවරුන්ටත් විරුද්ධව විවිධ ප‍්‍රකාශ සිදුකරනවා.

:       525       12

Chanak Los angelesMonday, 25 June 2018 05:13 AM

ඩලස්ට අනුව හිට්ලර් දැහැමි කෙනෙක් ????

:       0       33

BamunuarachchiMonday, 25 June 2018 11:00 AM

දැහැමි කෙනෙක් මේවගේ උපමාවකට ගන්නේ නැහැනේ. මීයන්ගෙන් කරදර නම් හාවේක් උපමාවට ගන්නේ නැහැනේ. එ්කනේ කීවේ බලලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවා නම් කියලා. කව්රුත් බලලා ගැන ගුණ දොස් කීවේ නැහැනේ. ඉතින් ඇයි මේ හිට්ලර් ගැන මෙතරම් වාද?

:       3       0

dhamneth Monday, 25 June 2018 01:05 AM

ඔබ කියන්නේ කොහොමද එකබද්දය ඔය කතාවට විරුද්ද නැහැ කියා කුමාර වෙල්ගම මහතාත් වාසුදේව මහතාත් වෙඩරුවේ හාමුදුරුවන්ගේ කතාව හෙලා දකිමින් ඊට විරුද්දව අදහස් ප්‍රකාස කල.

:       0       43

Chandra Monday, 25 June 2018 02:04 AM

දැනුත් මේ රටේ ඉන්නේ අහිංසක හිට්ලර් කෙනෙක් . එයා බණ කිය කියා, යටින් කපල දානවා හැමෝමව. බලය උදෙසා. ඒක නම් හරි බයානකය්. ජනතාවත් දන්නේ නැහැ මොකද වුනේ කියල. හිට්ලර් කොච්චර හොදද.

:       73       496

kalani Monday, 25 June 2018 04:25 AM

ධනුෂ්ක මහතාණනි, හිට්ලර් ඔස්ට්‍රියානු ජාතිකයෙක්.

:       0       0

padmini Monday, 25 June 2018 05:06 AM

කබරගොයා තලගොයා කරගෙන හරි කන්ටයි බලන්නේ. හිට්ලර් කියන්නෙත් කුඩා දරුවන්ට ආදරය කරපු වෙජිටේරියන් කෙනෙක්...

:       0       0

Shan Monday, 25 June 2018 06:10 AM

චණ්ඩි මල්ලිලා එක්ක ජනාධිපතිවරු හිටියා, කුඩු කාරයෝ එක්ක ආරක්ෂක ලේකම්ලා හිටියා, අයි.ආර්.සී. ලා බිහිකරපු රටක, මේ කතා මොනවද? අනිත් එක ඩලස් කියන්නේ කවුද?

:       0       12

Bamunuarachchi Monday, 25 June 2018 11:15 AM

එතැනම වැරදියිනේ... ධනුෂ්ක හිට්ලර් ඔස්ට්‍රියානු ජාතිකයෙක්. පියා අැලොයිස් හිට්ලර්...

:       0       0

ධනුෂ්කMonday, 25 June 2018 02:30 PM

ඔව්, බමුණුඅාරච්චි මහතා හා කළණි මහත්මිය කියපු දේ පිළිගන්න. මට වැරදුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 644 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site