IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන් වූවන් ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.

මෙසේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන්වන්නන් වෙනුවෙන් නීතිමය රැකවරණයක් අවශ්‍යයැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවූ නායයාම්වලින් 212 දෙනකු මිය ගොස් ඇති අතර 79 දෙනකු අතුරුදන්ව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

ගංවතුර සහ නායයෑම් පමණක් නොව දේශගුණ විපර්යාස හේතුවෙන් ඇතිවන වෙරළ ඛාදනය වැනි අවස්ථාවන්හිදී ද විශාල ලෙස ජනතාව අවතැන්වන බවත් මෙසේ අවතැන්වූවන් ඉදිරියේ දී රටට පමණක් නොව කලාපයේම ප‍්‍රශ්නයක් බවට  පත්වනු ඇති බවත් විතානගේ මහතා පෙන්වා දුන්නේය.

දැනට ගණන් බලා ඇති ආකාරයට 2050 වන විට දේශගුණික විපර්යාස නිසා ලොව පුරා කෝටි 20කට අධික පිරිසක් අවතැන් වූවන් බවට පත්වනු ඇතැයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන බව ද විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාස ඇතිවන අන්දමේ ක‍්‍රියාකාරකම් වහ වහා වෙනස්  කරගන්නට රාජ්‍ය සුදානම් නැත්නම් මේ ශතවර්ෂය අවසාන වනවිට අදට සාපේක්ෂව ආසියානු කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 කින් ඉහළ යනබවට විද්වතුන් අනාවැකි පළ කර ඇතැයි ද හෙතෙම පැවසීය.



අදහස් (0)

අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site