(එච්. චන්දන)
රිය ධාවනයේ දී සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම පොලිස් වසමේ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් නිළධාරින්ට සමාන රුව සහිත ආකෘති තැබීම සිදු කළ බව පුත්තලම පොලීසියේ රථවාහන අංශය පවසයි.
පාලවිය ප්‍රදේශයේ දී වේගයෙන් ආ වෑන් රථයකට මාර්ගයෙන් ඉවතට පැන එහි වැදී මීට මාස 3 කට පෙර දරුවකු මියගිය ස්ථානයේ දී මෙහි ප්‍රථම ආකෘතිය විවෘත කිරීම පුත්තලම පොලිස් අධිකාරි ජේ.එම් චන්ද්‍රෙස්න මහතා අතින් සිදු කෙරිණි.
මෙම පොලිස් නිලධාරියාගේ ආකෘතියේ වේග මීටරය අතැති පොලිස් නිලධාරියකුගේ රුව දෙපැත්තටම දිස්වේ. මෙය දුටු තැනින් වේගයෙන් දිවෙන වාහන වල රියදුරන් ටිකක් හෝ වේගය පාලනය කරනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
මේ රැව තැනින් තැනට රැගෙන යන ආකාරයෙන් සකස් කර තිබේ.මෙම අවස්ථාවට පුත්තලම පොලිස් කොට්ඨාදයේ රථ වාහන නිළධාරින් හා පුත්තලම මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරින් සහභාගී විය.


COMMENTS
පොලිසියේ නියම ආකෘතිය දැන් තමයි එලියට ආවේ.
ඔව් ඉතින් මෙහෙම කලාම භාවනා වැඩ කටයුතු ටික පාඩුවේ කරගන්න පුළුවන්නේ.
බස් කාරයෝ එහෙම පොලිසිය දැක දැක යන විදියට මං හිතන් හිටියෙ දැන් ඉන්නෙත් පඹයෝ කියලා.
අනේ ඉතින් අමුතුවෙන් තියන්න ඕනිද ඒවගේ අය
හැංගිලා අල්ලනවාට වඩා මෙය කාලෝචිත ක්‍රියාවක්. දඩත් නැහැ අනතුරු අවම කර ගන්න පුලවන්. නමුත් කාලයක් යන කොට විකල්පයක් සොයන්න වෙනවා හැම කෙනාම මේකට පුරුදු වුනාම.
කොහොමත් අපේ පොලිසියේ මෙයිට වඩා ඇති වෙනස කතා කිරීම හා පගා ගැනීම පමණයි
මං පුද්ගලික බස් ඩ්‍රයිවර් කෙනෙක්. මට මේ නව තාක්ෂණේ තේරෙන්නේ නෑ. පඹ රාළහාමිලා මාව නැවත්තුවොත් ලයිසන් එකත් එක්ක රුපියල් 100 දෙන්නේ කොහොමද කියල, කවුරුහරි මට කියලා දෙනවද?
ප්‍රධාන මාර්ගවල තිබෙන අධි අවදානම් ස්ථාන සඳහා මේ වගේ බොළඳ වැඩ කරලා වැඩක් නෑ. මේක බස් කාරයෙක් එක පාරක් වද්දගන ගියාම රාළහාමි කාණුවේ... මීට වඩා අද තාක්ෂණය දියුණුයි. මේ ප්‍රදේශ වලට ස්වයංක්‍රීය වේග මනින යන්ත්‍ර අද වෙළඳ පලේ තියෙනවා. එය ක්‍රියා කරන්නේ සුර්ය බලයෙන් හා බැටරි අාධාරයෙන්.. ඒ වගේම මේවායින් ලබා ගන්නා වේග සීමාවන් ඩිජිටල් තාක්ෂණය මගින් වයිෆයි මාධ්‍ය ඔස්සේ ලඟම ඇති පොලිස් ස්ථානයේ සටහන් කරගන්න පුළුවන්... එවිට එම රියැදුරු විසින් කරන වරද හා දඩ මුදල බස් රථයේ හෝ අනෙක් රථවල හිමිකරුවන්ගේ ජංගම දුරකථනය වෙත ස්වයංක්‍රීයව එස්.එම්.එස් පණිවිඩයක් මාර්ගයෙන් දැනුම් දෙනවා. මෙය මසකින් නොගෙව්වොත් දඩය දෙගුණ වෙනවා. ඔහු එය නොගෙවීම කර ගතවන හැම මාසයකට වරකම එදිනට ඇති මුදල දෙගුණ වෙනවා. අවසානයේදී නව වසරට රථයේ අාදායම් බලපත්‍රය ලබා ගැනීමට රථයේ හිමිකරුට මුලින්ම මේ මුළු කාලයටම අදාල දඩමුදල් ගෙවා නිදහස් වන්න වෙනවා. නැතිනම් ඔහුට අාදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනවා. මෙයට පොලිසියේ උදවිය ගස් අස්සේ රිංගගෙන බෝක්කුවලට මුවා වෙවී කරන්න ඕනේ දේවල් නෙවේ. මේ ක්‍රමය මගින් රජයට ලැබෙන අාදායම දෙගුණ වෙන්නත් පුළුවන්...
මේ වගේ දෙයක් අතීතයේදීත් සිදුවෙලා තියනවා. සුද්දගේ කාලේ තේ වතුවල වැඩකරන මිනිසුන්ට සුද්දාගේ තොප්පිය ඈතට පේන්න කෝටුවක රඳවලා තිබුණාලු . එතකොට සුද්දා එතන ඉන්නවා කියලා හිතාගෙන මිනිස්සු හොඳට වැඩ කරනවාලු. හැටන් ප්‍රදේශයට ඒ නම වැටුනේ හැට් ඔන් කියන තේරුම ඇතුවයි කියලා මම අහලා තියනවා .
මේකට සීසීටීවී සෙට් කරන්න එතකොට වැඩේ හරිනේ
රුපියල් 500ත පඹයට පන දුන්නහැකි. නැත්නම් පන ඇති කෙනෙක් පඹයෙක් කළහැකි
පොලෝසිය කියන්නෙත් ඔකටම කියන තව නමක් නේද..?
අනේ එකනම් නරකම නැහැ. බය නැතුව එලවන්න පුළුවන්....... මෙය සල්ලි ඉල්ලන එකක් නැහැ නේද?
පොලිසියේ අය පණපිටින් හිටියත්, ඇතැමුන් පඹයින් වගේ තමයි. විශේෂයෙන්ම දේශපාලකයින් ඉස්සරහ...
සතියකට සැරයක් සත්‍ය ඩමියක් ඔතන හිටගත්තා නම් හොඳ ගානකට දඩ ගහන්න පුළුවන්...
හොඳ යෝජනාවක්... නමුත් මේ අනුරූ දිනපතාම එකම තැන තියන්න එපා.. එසේම බර දෙයකින් හදන්න... හැපුනොත් වාහනයටත් තුවාල වෙන ආකාරයට. ඇත්තටම පොලිසියට වුවමනා කරන්නේ දඩගසා මුදල් එකතු කිරීම නොව ජනතාවට මාර්ග නීති මතක්කර දීම බව මේ වැඩෙන් පැහැදිලි වෙනවා. ඒත් ත්‍රීවීලර් කාරයෝ මෝටර් සයිකල් කාරයෝ හදන්න පුළුවන් වේවිද?
සෑම්, ඔයා හරි, සී.පී.ද සිල්වා, දිවංගත ඇමැතිතුමාත් පොළොන්නරුවේ දිසාපති වෙලා ඉන්න කොට ඔය විදියට තොප්පිය ගහක් උඩ එල්ලා තබා රාජකාරියට සමගාමීව වෙනත් රාජ ක්රියාවලත් යෙදී සිටිය බව සඳහන් වේ.
අරාබියේ නම් කරන්නේ කුඩුපට්ටම් උන වාහන හන්දිවල තැබීමයි එතකොට මිනිසුන්ට හිතාගන්න පුළුවන් ඇතුලේ හිටියට මොකද උනේ කියලා. මම ඕවා දැක්කේ 1982 කාලේ දැන් මාර්ග නීති පිළිපැදීම අතින් බොහොම දියුණුයි අපි තාම නොදියුණු ජාතියක්.