( එම් .සුසිල් ප්‍රියන්ත )
ජීව අත් බෝම්බයක් සමග වැරැල්ලැන වෙරළ තීරයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ මිනි මැරුම්, ගෙවල් ගිනි තැබීම් හා මත් පෙති ජාවාරම් කිරීම් ඇතුලු දරුණු ගනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගාලු දිසාවේ ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු ලෙස හංවඩු ගැසී ඇති මෝල් අමියා නමැති පාතාල කණඩායම් සාමාජිකයා ජුනි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ කොරොට්ටෙගොඩ පදිංචි ලද්දු අමිල සංජීව නොහොත් මෝල් අමියා නමැත්තාය.
මේ සැකකරු බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පවතින මිනීමැරුම් දෙකක ප්‍රධාන සැකකරුවකු බවත් බටපොල ප්‍රදේශයේ නිවසක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ සැකකරු බටපොල පොලීසියට අවශ්‍යව සිටින අයෙකු බවත් සැකකරු අත් අඩංගුවටගත් මීටියාගොඩ පොලීසියට කරුණු ගොනු කළේය.
මේ කරුණු සියල්ල සැලකිල්ලටගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ජුනි මස 25 වැනිදාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු සන්තකයේ තිබී අත් අඩංගුවට ගැනුනු ජීව අත් බෝම්බය පොලිස් විශේෂ කාර්‍ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ගෙන්වා නිෂ්ක්‍රීය කරවන ලෙසත් නියෝග කළේය .
මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ,අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පූජිත වරුෂවිතාන ,පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍ර කුමාර (58406 )බණ්ඩාරිගොඩ (40180), පොලිස් සැරයන් රියදුරු කරුණාරත්න(33647 )පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (68136 )මයුර (92941) යන නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා රිමාන්ඩ්