
(ගයාන් සූරියආරච්චි සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්)
ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ පසුගිය වසරේ කාවාඩි නර්තනයට සම්බන්ධවූ කාවාඩි කණ්ඩායමක් 45 කට මෙවරද පෙරහරට සහභාගිවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර ඇත.
කාවාඩි නර්තනය පවත්වෙන්නේ ද යන්න පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිසාපතිවරයා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද සවස පැවැති රැස්වීමකින් අනතුරුව එම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී අද පැවැත්විණ.
එහිදී දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ 769 වන වරටත් පැවැත්වීමට නියමිත අතර මීට වසර 35ක - 40ක පමණ සිට පෙරහැරට එක්ව ඇති මෙම කාවඩි අංගය ඉදිරිපත් කිරීමේදී පසුගිය වසරවල යම් යම් අශෝභන සිදුවීම් වාර්තා වී ඇති බවත් විශේෂයෙන්ම නර්තන ශිල්පීන් අසභ්‍ය ලෙස හැසිරීම, අඩනිරුවතින් පෙනී සිටීම සහ අධික ලෙස මත්පැන් භාවිත කරමින් නැටුම් ඉදිරිපත් කිරීම වැනි විනය විරෝධී ක්‍රියාකාරකම් දැකගැනීමට හැකිවූ බවත්ය.
ඒ අනුව පසුගිය වසරේ පෙරහැරෙන් අනතුරුව, මෙවැනි විනය විරෝධී කණ්ඩායම් කිහිපයක් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ හේතුවෙන් පාතාල කණ්ඩායම් කිහිපයක් අතර යම් යම් මතභේදාත්මක හා සංවාදශීලී තත්ත්වයන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වී ඇති බව කී දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ මෙම තත්ත්වය සලකා බලා ජනතාවගේ සහ පෙරහැරට සහභාගී වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, පොලිස්පතිතුමා විසින් රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ වාර්තා පදනම් කරගනිමින් නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දේවාලවල පන්සල් වල පෙරහැර වල නැටුම් නටනවද නැද්ද තීරණය කරන්නේ පාතාලේ එකාලා
ඔය DIGත් ලඟදීම කාවාඩි නටයි අර ගිං ගඟේ අල්මේදගෙ කේස් එක ඇදුනම.
දැන් එතනොට ඔක්කොම හරිද ?
ඔ්නෑම පෙරහරක කිසියම් අංගයක් තියෙනවානම් එම අන්ගයට ඉදිරිපත් කරන ශිල්පීන් සහ ශිල්පියන්ට ඇන්දිය යුතු ඇදුම් සම්බන්දව පැහැලි නිර්නායකයක් තිබිය යුතුයි. එවැනි අන්ගයන් හො නර්තනයන් පිලිබදව හසල දැනුමක් තියෙන අයගෙන් සැදුම් ලත් මන්ඩලයක් විසින් අනුමත විය යුතුයි. එක්නා එක්කෙනාට හිතුනු හිතුනු විදියට හිතවත්කම් උඩ ඇදුම් ඇන්දීම, සහ එවනි දේවල් වලට වග කිව යුතු අය විසින් ඉඩ දීම තමයි මෙවැනි ආරාවුල් වලට් මුල. පෙර වැරදි සිදුවෙලා තිබුනානම් එවා නැවත සිඩු නොවෙන විඩියට, වැරදි හරි ගස්සා ගෙන කවුරු කවුරුත් සමගියෙන් සමාදානයෙන් පෙරහැර ලස්සනට පවත්වලා ලස්සනට ඉවර කරන එක තමයි හොඳ. දෙවියන්ගෙ ආශිර්වාවාදයත් නොමදව ලැබෙයි.
මේ රජයෙන් නර්තන කලාවට කල විශිෂ්ඨ සේවාවක්..