"අද ඔබ අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. නව දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ කියලා. මේ අලුත් පරම්පරාවට ඔබින දේශපාලන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා."යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ ඊයේ (26දා) පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
"පහුගිය කාලෙත් මේ ආණ්ඩුව බලයට ආවේ ඔය කාරණා ඔය විදියටම කියලා. හැබැයි බලය ගත්තට පස්සේ අපේ හාමුදුරුවනේ, ගතානුගතික, සාම්ප්‍රදායික, යල් පැනගියපු දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ සමහර ප්‍රතිපත්ති අසූ ගණන් වලට ගැලපෙයි. අනූව මුල භාගයට ගැලපෙයි. අඩුම ගානේ දෙදහටවත් ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති මාලාවක් අද ඔවුන් අනුගමනය කරන්නේ.
එක පැත්තකින් මර්ධනය. තවත් පැත්තකින් තර්ජනය. හැබැයි ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නැහැ. අද අසීමිත බදු බරක් ආණ්ඩුව ඔබ වෙත පටවලා තියෙනවා. ඔබ බදු ගෙවන්න විරුද්ධ නැහැ, ඔබ කැමතියි ගෙවන්න. හැබැයි ඔබ ගෙවන බද්ද සාධාරණ වෙන්න ඕනේ. ඔබ ගෙවන බදු ප්‍රමාණය සාධාරණයි වගේම ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ ඒ බද්ද නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා. නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා.
ඔබ ගෙවන බද්ද ගමේ පාරේ බෝක්කුව, ඇල වේල්ල හැදෙන්නේ නැත්නම්, ඔබ ගෙවන බද්දෙන් ඉස්කෝලේ, ඉස්පිරිතාලේ ගොඩනැගෙන්නේ නැත්නම්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ නැත්නම්, ඔබ අසීමිත බදු ගෙව්වත් අද රෝහලකට ගියාම බෙහෙත් නැත්නම් අපේ හාමුදුරුවනේ, එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්න තැනට රෝහල් තදබදය සහ සංවර්ධනය අවම කරලා තියෙනවා නම්, එවැනි අසීමිත බද්දක් ඔබෙන් ගන්න එක සාධාරණද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
පහුගිය කාලේ නම් JVP එක කිව්වේ මේ බදු සල්ලි හොරකම් කරනවා කියලා. අද ඔවුන්ගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔවුන් කියන විදියටම හොරකම් කරනවා. හැකර් කෙනෙක් පැනලා අරන් ගිහිල්ලා.
ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ ගිණුමට හැකර්ලා පැන්නේ නැහැනේ.වැරදි ගිණුමකට මුදල් දැම්මාලු. එතකොට මුදල් අමාත්‍යාංශයේ ඉන්නේ පොඩි ළමයි, මහ බැංකුවේ ඉන්නේ පොඩි ළමයි, මුදල් ලේකම් පොඩි බබෙක් වැරදි ගිණුමකට සල්ලි දාන්න. හැබැයි තමන්ගේ ගිණුමේ සල්ලි වැරදි ඒවට දාන්නේ නැහැ. ආණ්ඩුවේ ගිණුමේ සල්ලි තමයි වැරදි ගිණුමට දාන්නේ.
අද මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් මේ දෙකට හැප්පෙනවා කවුද වැරදි කියලා. හැබැයි දෙන්නගේ අවසාන නිගමනය මොකක්ද? මේ පාඩුව ජනතාවගෙන් පියව ගන්න ඕනේ, ඒ කියන්නේ ඔබෙන්. ඔවුන් වැරදි ගිණුම්වලට සල්ලි දාන්නත් ඔබ ඒකට ගෙවන්නත්.
මට තියෙන සැකය, ඔය කියන හැකර් ඉන්නේ පැලවත්ත කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඔය කියන හැකර් ඉන්නේ ජේවීපී කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd