ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදි මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි දායකත්වය හා සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න සහ එහි සෙසු සාමාජිකයින් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් වල විශාල මුදලක් ගැවසෙනවා. අනෙකුත් ක්‍රීඩාවලට ගැවසෙන මුදල අවම විමනිසා දක්ෂතා තිබෙන ක්‍රීඩකයින් පවා රැඳෙන්නේ නැහැ. ක්‍රීඩාවෙන් සමුගන්නවා . ඉන් පසුව ඔවුන්ගේ අනාගතය ගැන අවිනිශ්චිතයි. මෙනිසා ICC සමගත් එකඟත්වය ලබාගෙන, මලල ක්‍රීඩා වැනි අංශවලට ක්‍රිකට් වලින් යම් මුදලක් දීමට ක්‍රියාත්මක වීම යෝජනා කරනවා
ඉස්සෙල්ලා ක්‍රීඩකයන්ගේ විනය හදන්න ඕන. පඩ ෂෝ විතරයි, ටීම් එක ලොන්තයන්ගේ.