(නිමල කොඩිතුවක්කු)
අඩු ආදායම්ලාභී, අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ලක්ෂයක් සදහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේ සිට ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද(23) පැවැසීය.
රැකියා ලාභියා දැනට සමෘද්ධි ප‍්‍රතිලාභ ලබන්නෙකු වීම සහ අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ අසමත්ව තිබීම මෙම රැකියා සදහා සුදුසුකම් ලෙස අනිවාර්‍ය කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
රැකියාව හිමිවීමත් සමග එම පවුලට ලැබෙන සමෘද්ධි ප‍්‍රතිලාභ අහිමි වී යන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප‍්‍රවෘත්ති ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෙම වැඩපිළිවෙළ රැකියා සැපයීමටත් වඩා දිළිදුකම පිටුදැකීමේ වැඩසටහනක් ලෙස රජය ක‍්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.
රැකියා ලාභීන්ට මාස 6ක පමණ පුහුණුවක් ලබාදීමෙන් පසු මසකට රුපියල් විසිපන්දහසක, තිස්දහක පමණ වැටුපක් ලබාදෙමින් ඔවුන් තමන් ජීවත්වන ප‍්‍රදේශය තුළම ඩෙංගු මර්ධන වැඩසටහන්, පරිසර සංරක්ෂණ වැඩසටහන්, සිවිල් ආරක්ෂාව වැනි වැඩසටහන් සදහා ඵලදායී ශ‍්‍රාම බලකායක් ලෙස යොදවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය
COMMENTS
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තවත් පරපුටුවන් 100000 බිහිවෙයි. ලංකාවේ රාජ්‍ය සේවයට අවශ්‍ය වන්නේ 300000 ශ්‍රම බලකායක්. නමුත් 1500000 ක් සිටී. එයට තවත් එකතුවක්.
අඩු අධ්‍යාපනයක්-අඩු ආදායම්ලාභී පවුල්වලට අඩු පඩියක් ලැබුනොත් වැඩක් නෑ. අඩු ආදායම්ලාභී පවුල් නඩත්තු කල හැකි වැටුපක් ලැබේ නම් වටිනවා
රට රකින්න ජනපති ගෝඨා - රට හදන්න අගමැති සජිත්
මොකටද ඔච්චර ලොකුපඩියක්..? 2500කින් කාලා ඉන්න පුළුවන්නේ...
අමන වැඩක්, දුප්පත්කම රජයේ රැකියාවක් ලබන්න සුදුසුකමක්ද? එහෙනම් පාරේ අතන මෙතැන ඉන්න හිඟන්නන් අල්ලන් ගිහින් එක්සෙකටිව් රස්සා දෙන්නකෝ, පව්නේ හරිම හිඟන අඩියකනේ ඉන්නේ...