
“තිසේරා - කොහෙද අනේ ඕගොල්ලො - පේෂන්ට් කෙනෙක් ඉන්නව - වෝඩ් නම්බර් නයින් යවන්න-”
තිසේරා ෆෝන් එක සාක්කුවෙ ඔබා ගෙන කමිසෙට අත දික් කළා. රෑ එකොළහයි. මේසෙට ඔළුව ගහගත්ත ගමන් වගේ වුණාට පැයක් ගිහින් - කෑවෙ අටහමාරට. නමේට ඩොක්ටර් එදිරිසිංහගෙ පණිවිඩයක් අරන් හතේ වාට්ටුවට. ඒ ඇවිත් සිස්ටර් කාංචනාගෙ පාර්සලයක් අරන් මේන් ගේට් එකට. එතනින් ඇවිත් ලෙඩෙක් අරන් හතළිස් දෙකට.
ෑඔඹ එක ළඟ බංකුව හිස්. තිසේරා fදාරකඩ හිටගෙන උන්නු මේල් නර්ස් සපරමාදුගෙ ඇඟේ හැප්පීගෙන ඇතුල් වුණා. මංගලිකා මිසී නං හිනාවෙච්ච ගමන්මයි.
“කොහෙද අනේ ඕගොල්ලො අතුරුදන් වෙන්නෙ - ඉන්නකො අහල පහළක - කෝල් කරල ඉවරයක් නෑ - ලෙඩාගෙන් ලෙඩාට-”
අනෝජ මිසුත් නරක නෑ - ඒත් නෝක්කඩුවක් කියනව ම තමයි. ඉතිං මේ ඉන්නෙ තිසේර එහෙම පිටින් ම.
“එනවනෙ මිසී ට්‍රස් ගාල - නැද්ද මංගලිකා මිස්?”
ඩොක්ටර් සකුන්තලා නෑහුණා වගේ, එක පාරයි ඔළුව උස්සල බැලුවෙ. ආයෙම ෆෝන් එක දිහා බලාගෙන.
ලෙඩාට සිහියක් පතක් නෑ, හයි කරන්න ඕන ඔක්කොම හයි කරල. ඔක්සිජන්, සේලයින්, මොනිටරේ ඔක්කොම. වයස අසූවක්? නෑ - එච්චර නෑ වගේ - හැත්තෑව නං පන්නල ඇති. හොඳ උස. අවුරුදු දාසයේදි කොල්ල කොහොම ඉන්න ඇද්ද?
“පේෂන්ට්ගෙ කවුරුවත් නැද්ද?”
“නෑනෙ-”
සපරමාදු උත්තර දෙන්නෙ කබා සාක්කු දෙකෙන් අත් දෙක එළියට නොගෙන ම.
“කවුද ගෙනාවෙ?”
“පොලීසියෙං බං - පාරෙ වැටිල ද කොහෙද - උඹට තනියෙන් වෝඩ් එකට තල්ලු කරන්න බැරි නං කියපං - පොලිස් පෝස්ට් එකේ ඉන්නව එස් අයි මහත්තයෙක් - කාව හරි එවයි - ඒගොල්ලොනෙ ගෙනල්ල බාර දුන්නෙ - කියපං-”
තිසේර, සපරමාදුගෙ නොසන්ඩාල හිනාව මඟෑරල සේලයින් බෝතලේ කොක්කෙන් පන්න ගත්ත. හදිස්සි වෙලාවක fදාස්තර මහත්තය තල්ලු කළත් සපරෙ නෙවෙයි ඇඳක් තල්ලු කරන්නෙ - පුකේ රෙස්පෙක්ට් එකනෙ - ඌ කැතීටරේ දානව - ගලවන්න ඕනෙ අපි. හරියට පොතේ ලියල තියෙනව වගේ.
“සුගත් සුගත් -”
fදාරෙන් ඔළුව දාල ආපහු හැරෙන්න ගිය සුගත් ව සපරමාදු නවත්ත ගත්ත.
“අනේ සුගත් - දීපං බං සපෝට් එකක් - මෙයා නාහෙන් අඬනව-”
“මං අඬාපු ඇති එකක් නෑ-”
තිසේර වහා ම කියා ගත්ත.
“මිනිස්සු පාව දෙන්න එපා - මං කිව්වද බෑ කියල.”
“හරි හරී- අල්ලපංකෝ-”
ඉහේ කෙස් ගානෙ ඇඳං, රෝද පුටු තල්ලු කරල තිබුණත්, පේෂන්ට්ගෙ කවුරු ම හරි නැති වුණා ම ඒ මොකෝ කියල අහන්න බලන්න ඕන කෙනෙකුට හිතෙනව නේ - එහෙම නැතුව ලෙඩෙක් වාට්ටුවකට ගෙනියන එක වැඩක් නොවෙයිනෙ
“ලෙඩාගෙ කට්ටිය?” ඇඳ ලිෆ්ට් එකට ඇතුල් කරල බොත්ත ම ඔබන ගමන් සුගත් අහන්නෙත් ඒක ම තමයි. ඉන්න එපෑ.
“නෑනෙ - පොලිසියෙන් දහනවයයි අනූවට කතා කරගෙන ගෙනැල්ල තියෙන්නෙ-”
“එහෙම ද?”
“පාරෙ වැටිල...”
“සංසාරේ...”
“වයසනේ - අපෙත් හිටිය - අත්තම්ම - මෙලෝ හසරක් නෑ - ඔහේ පාරෙ බැහැල යනව කියහංකො - ඉතිං අම්ම හොයල ඉහ ගිනි අරං අපිට කියනව - ඉතිං අපි යනව බයිසිකල්වල නැඟල හොයන්න-”
“කීයෙ වාට්ටුවට ද?”
“නමේට - හතරසිංහ සර්ගෙ”
“හතර නෙමෙයි බං - සතර”
ලතා මිස් ඇඩ්මිෂන් ලියන්න කලින් ම ඔන්කෝල් ඩොක්ටර්ට කතා කරනව. සර්ධා මිසී ඉස්සි ඉස්සි බලන්නෙ ලෙඩාගෙ කවුද ඉන්නෙ කියල - දෙපැත්තට කඩා වැටිච්ච කකුල් දෙක මැද්දෙන් සේලයින් බෝතලේ අරන් එල්ලන ඩිංගට සුගත් අතුරුදන් වෙලා - සාරධා මිස් මොනිටරේ කොළ විදුලි රේඛාව පණ ගැහිල දුවන හැටි තත්පරයක් බලා ඉඳල ආපහු හැරුණ. ලෙඩාගෙ උගුරෙන් මතු වෙච්ච සෙම ගොර ගොරය තත්පරයක් දෙකක් තිබිල අදින හුස්මෙ හඬට යට වෙලා ගියා.
“කෝ කවුද ලෙඩාගෙ ඉන්නෙ?”
“කවුරුවත් නෑ මිසී - ලෙඩා පාරෙ වැටිල - පොලිසියෙන් ද කොහෙද දහනවයයි අනූවෙ ගෙනැල්ල තිබුණෙ - හෙට උදේ එයි පෝලිමේ-”
සර්ධා මිස් බලන බැලිල්ලට තිසේරට හිනා යන්නත් ආව. හරියට කවුරුවත් නැති එකට මං වග කියන්න ඕන වගේ. තිසේරට එහෙම හිතුණා.
රයන් තෝමස් වේදිකාවේ දකුණු පස දෙවන තිරය පසු පස කුඩා මේසය මත තබා තිබුණු බ්‍රැන්ඩි බාගයේ අවසන් උගුර බී, හිස් බෝතලය කැරකෙමින් ඉහළ යන්නට සලස්වා, අනතුරුව වමතින් ගෙන දකුණතට විද්දේ ය. එලෙස බෝතල දෙක තුනක් වුව එකවර කරකවමින් ඉහළ දැමීමේ, නැවත හසුකර ගනිමින් චක්‍රය නොබිඳ පවත්වාගෙන යාමේ කුසලතාව ඔහු සතු වේ. කිසිවෙකු දැව පුවරුවකට පිට දී සිටින්නට සලස්වා ඔහු හෝ ඇය වටා පිහි වටයක් ගැසීමේ හැකියාව ඇතුළු බොහෝ විස්මිත දෑ ඔහුට කළ හැකි විණි. එහෙත් ඒ කිසිවක් ඔහු කිසි දිනෙක වේදිකාවේ ප්‍රදර්ශනය කළේ නැත්තේ ඒවා මැජික් නොවන බැවිනි.
රසල් සාවුන් දෙදෙනා දැමූ කූඩුව ගෙන ගියේ ය. ඔහු ඊට කලින් අළු කොබෙයියන් දැමූ කූඩුවත්, ඇඳුම් සූට්කේසය හා මේකප් පෙට්ටියත් ගෙන ගියේ ය. ගිලටීනයත්, සිග් සැග් ලේඩි පෙට්ටි තුනත් ගෙන යන්නට තිස්ස ද ලොරිය හරවා ගෙන දොරටුව ආසන්නයට ම ගෙනවිත් නවත්වා බැස අවුත් සහාය දුන්නේ ය. බඩු පටවා ගැනීමෙන් අනතුරුව ලොරිය පළමුව පිටත් විණි. සංවිධායකයන් ඒ වන විට මුදල් ගනුදෙනු පියවා හමාරව තිබුණෙන් රයන් නීලියාගේ උරහිසට තට්ටු කර යාමට එන්නැයි සංඥා කොට මෝටර් රථය කරා ආවේ ය. පුරුදු ලෙස අතර මඟ නැවතී සප්පායම්ව වාහන දෙක එපිටමුල්ලට ළඟාවන විට කොහොමටත් රෑ දහය පසුවනු ඇත.
“අනිද්ද කොහෙද කිව්වෙ රයන්?”
නීලියා අසන්නේ සනියේ ඉදිරි දොර විවර කරමිනි.
“ගම්පහ”
නීලියා පසු පසින් ආ රෙබෙකා රථයේ පසු පස ආසනයට ගොඩ වේ. ගෙවීමකින් තොරව, සිය කැමැත්තෙන් නීලියාගේ ඇරයුමින් පැමිණි නිරූපණ ශිල්පිනියක වූ ඇය, ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගනිමින් රයන්ට සහාය දුන්නේ පුරුදුකාරියක ලෙසිනි. එහෙත් ගිලටීනයට ඇතුළු කිරීම වැනි දර්ශනාංකයකට ඇයට තව කල් වුවමනා බව රයන් දනී. ඇගේ සැහැල්ලු, වේදිකාව හුරු පුරුදු ගමන් ලතාව ද, ඉරියවු ද, වටොර තෙක් ආංශිකව විවර ඇඳුම් විලාසිතාව ද ප්‍රේක්‍ෂක දෑස් බැඳ තබා ගන්නට සමත් ය. ‘සිග් සැග් ලේඩි’ අවසන්ව ප්‍රේක්ෂකාගාරයට ආචාර කළ ඇයට ලැබුණු උණුසුම් ප්‍රතිචාර ශාලාව දෙදරුම් කැවී ය.
නවාතැන ඉදිරිපිට රථය නැවැත්වීමෙන් පසු ඇති තරම් කෑම බීම ඇනවුම් කිරීම රයන්ගේ සිරිත ය. හයිලෙවල් පාරේ එන විට එය අනිවාර්යයෙන් ම සේරා ඊන් ය. නීලියාට මුදල් දැමූ ලියුම් කවරය පිරිනැමෙන්නේ අතුරුපසින් අනතුරුව නැඟිට ගන්නට පෙර ය. රෙබෙකා දෙස බලන රයන් තම හිස් දෑත්ල පාන්නේ, ඇයට දීමට තමන් ළඟ කිසිත් නැති බවට ඉඟි කර ගත් මුවිනි. තත්පරය දෙපළුව කරකැවෙන දකුණු අත්ලින් මැවෙන්නේ තවත් ලියුම් කවරයකි. දෝතින් ම මුව වසා ගන්නා රෙබෙකා තමන් වෙත පෑ එය ගම් දෝ නොගම්දෝ යි විපිළිසර ය. ඈ අත මුදල් කවරය තබන රයන් රථයට නැඟෙන්නේ සතුටිනි. රසල්ට හා තිස්සට ගෙවීම් සංදර්ශනයෙන් සංදර්ශනයට නොව, මාසිකව ය.
මුලදී, ඈත සංදර්ශනයකින් පසු දෙවන සහායිකාව වූ තේජා නිවසට ඇරලා, සිල්වි පදිංචිව සිටි වල්පොල නිවසේ හෝරාවක් දෙකක් ගත කොට යාමේ පුරුද්ද රයන්ට තිබුණි. ඇතැම් දිනෙක ඔහු ආපසු ගියේ පසුදා උදයේ ය. ගංගා නිම්න සංවර්ධනයට සිය ජීවිතය කැප කොට සිටි ඇගේ සැමියා දින දෙක තුනක් ගෙදර රැඳුණේ මසකට වතාවකි. රයන් නීලියා සමඟ ඇගේ නිවසේ හෝ අන් තැනක කිසිදා රැයක් ගත කොට නොතිබිණි. එහෙත් රයන්ගේ බිරිඳ මල්ලිකා ඒ බව කිසිසේත් විශ්වාස කළේ නැත.
හයිලෙවල් පාරේ හංවැල්ල පසු කරමින් කාරය තරමක වේගයෙන් ධාවනය වේ. සාර්ථක තවත් මැජික් සංදර්ශනයක අවසානය! ශාලාව ගිගුම් දෙන අත් පොළසන්, උද්වේගකර හීල්ලුම්, පුපුරා යන ප්‍රහර්ෂය තවමත් ඉන්‍ද්‍රජාලිකයාගේ සිත් පසු බිතෙහි හැපි හැපී රැව් දෙයි. ඔහුගේ දෙතොල් උල් වී, ප්‍රියතම ගීතයක තනුවක් උරුවම්බෑ වෙන්නේ ද, වචන සෙමෙන් මිමිනෙන්නේ ද අනතුරුව ය.
නීලියා බැස ගන්නේ බත්තරමුල්ලේ රජමල්වත්තෙනි. රෙබෙකා ඇරලිය යුත්තේ ඇතුල්කෝට්ටේට ය. රථය දියවන්නා පාලම පසුකොට වමට හරවා නිවාස පේළියේ මැද, ඇගේ නිවසට ඇතුළු වන සුදු කුඩා ලී ගේට්ටුව ඉදිරියේ නැවැත් වේ. හොඳින් අලෝකවත් නිවසේ විසිත්ත කාමරය කෙළවරක නත්තල් ගස දැල්වෙන නිවෙන රතු, කොළ, නිල් විදුලි බුබුලින් අලංකාර ය. දහවල් රෙබෙකා රථයට නංවා ගනිද්දී ඇගේ නැඟණිය මිදුලේ වියනක් මෙන් පැතිරුණු චෙරි ගසට දැල් ගොටුවක් මානමින් සිටියා ය. ඇගේ සුරතල් පෙනුමට තුටු සිතින් රයන්, ‘චූටික්කී’ යි තොල් මැතිරුවේ ය. දැන් ඈ සිටිනු ඇත්තේ නිදමිනි.
“අද පළවෙනි දවස වුණාට රෙබෙකා- ඔයා හොඳට ම කළා. ඨදා ඉකැි හදමග ඨදදා බසටයඑග,
..ඔය්බන හදම ිසරල ඨදදා බසටයඑ,
ඇගේ උණුසුම් මුදු කොපුලට තම කඩතොලු රළු කොපුල තෙරපා ඇයට සමු දෙන රයන් නැවත රියදුරු අසුනට ගොඩවන්නේ සතුටිනි. දැන් රසල් හා තිස්ස සතුන් කූඩුවලට මුදා හැර, කෑම දා, බඩු බාමින් සිටිනු ඇත.
තම නිවසට යාබදව ඊට දකුණු පසින් වන මැජික් කාමරය පරිපූර්ණ මායාගාරයක් බවට පරිවර්තනය කර ගැනීමේ සිහිනය රයන්ගේ සිත කූද්දයි. එය වඩු කාර්මිකයන්, විදුලි කාර්මිකයන්, ප්ලාස්ටික් හා ඇළුමිනියම් ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් හා ආලේපකරුවන් ද ඇතුළු සියල්ලන්ගේ සහායෙන් නිම කර ගැනීමේ සැලසුම නුදුරේ ම ක්‍රියාත්මක කළ යුතු බවට හැඟීම බලවත් ය. එය ්ාඩ්බජැ ඵ්ටසජ ීඑමාසද එකක් ලෙස වර්ධනය විය යුතු ය. කළු එහි මුඛ්‍ය වර්ණය ද, රිදී පැහැය දාර හෝ තීරු පමණක් දැක්වීමට ද යොදා ගත යුතු වේ. එය සෙටප්, බෆල්, බිත්තියක් පුරා ටෙලිතිර - වීඩියෝ ප්‍රදර්ශන සහිත සියලු නූතන අංගෝපාංගයන්ගෙන් සමන්විත එකක් වීම අවශ්‍ය ය. අලුතින් ක්‍ෂේත්‍රයට පිවිසෙන්නන්ට ලබා දීමට මැජික් උපකරණ තැනීමේ අංශය ස්ටුඩියෝවෙන් බැහැරව ද, ප්‍රදර්ශනය පමණක් ඇතුළත ද විය යුතු ය.
අවුරුදු දහ හතරේ දී, මුල් ම මැජික් දර්ශනය රයන් පෙන්වූයේ පංතියේ ඔහුගේ හොඳ ම මිතුරා වූ ජානකට ය. ඔහු තම දකුණු අතේ මහපටැඟිල්ල දෙකට වෙන් කොට පෙන්වා යහළුවා මවිත කළේ ය. විනාඩියක් ගත වන්නටත් පෙර මැජික්කාරයා පිළිබඳ ආරංචිය පංතිය පුරා පැතිර ගියේ සුලි කුණාටුවක් මෙනි.
“අනේ - අනේ - ආයි පෙන්නන්න කෝ”යි මිතුරු මිතුරියන් කොතෙක් ඇවිටිලි කළත්, එක ම විජ්ජාව දෙවරක් නොපෙන්විය යුතු ය යන දහමේ ඒ වන විට ද තදින් එල්බ ගෙන සිටි රයන් ගෙන් ඒ ඉටු නොවිණි. ආරංචිය පංතිභාර ගුරුවරියට ද ගියේ ය. සිකුරාදා අවසන් කාල පරිච්ඡේදයේ දී පැවැත්වෙන පන්ති
රැස්වීමේ දී මැජික් දර්ශනයක් පැවැත්වීම පැහැර හැරීමට රයන් ට නොපිළිවන් විය. ඔහු ඒ මොහොතේ කර පෙන්වූයේ පුවත් පතක පිටුවක් කැබලිවලට ඉරා යළි සැණෙකින් ඒ කැබැලි සියල්ල හා කොට, පත්තර පිටුව තිබුණු අයුරින්ම ප්‍රේක්‍ෂකයන් අත පත් කිරීම ය. උඩට ඇදගත් හුස්ම පහළ නොහෙළා මවිත වූ සිසු පිරිස මොහොතකින් නැගූ ඔල්වරසන, කාලයක් ගත වී නව රඟහළේ ද, ටවර් රඟහළේ ද, ජුබිලි ශාලාවේ ද රට පුරා කොතැන නමුත් නැගුණු ඔල්වරසන් පරයා රයන්ට අදත් සිහි වේ. මුළු විද්‍යාලය පුරා ම මැජික්කරුවා පිළිබඳ පුවත හඹා ගිය ඉක්බිති දසනායක නම් ගුරුවරයාගේ ඉල්ලීම පරිදි ඔහු සාහිත්‍ය සමිතියේ දී විනාඩි පහක මැජික් දර්ශනයක් පැවැත්වූවේ ය. ඒ සඳහා ද්‍රව්‍ය ද, උපකරණ ද, ඒ වෙනුවෙන් ම සාදාගත් ඇඳුමක් ද ඔහුට අවශ්‍ය විය. විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සැලකිය යුතු සංඛ්‍යාවක් සිසුන්ට අතිරේකව ශාලාවේ අසුන් ගෙන සිටියහ. රයන් දිලිසෙන පෙට්ටියක් ගෙන එහි හිස් ඇතුළත සභාවට පෙන්වීමෙන් මැජික් දර්ශනය ආරම්භ කළේ ය. අනතුරුව ඔහු ඉන් නිල්, කහ, රතු, කොළ සිල්ක් ලේන්සු නොකඩවා අදින්නට වූවේ ය. මවිතය පහ වන්නටත් පෙර වීදුරුවකට වතුර පුරවා අනික් හිස් වීදුරුවට ඒ වතුර වත්කරමින් කිරි බවට පත් කළේ ය. කිරි වීදුරුවට ගිජුව, බීමට ගොස්, එය පසුවට කල්තබන බවක් හඟවා, සභාව සිනාගැස්වූ ඔහු, වට දෙකක්, සභාව කුතුහලයෙන් පුරවමින් වේදිකාවේ ඇවිද ඊළඟ තත්පරයේ අසුරක් ගසා සිගරැට් පැකට්ටුවක් මවා ගත්තේ ය.
ෂ්..................
ඊළඟ අසුර ගැසෙන පමාවෙන් වමතට ලයිටරයක් පැමිනුණි!
ෂ්...............
පැකට්ටුවෙන් සිගරැට්ටුවක් ගෙන දල්වා ගත් රයන් දුම් උගුරක් ඇද කමිසයේ දකුණු අත්වාටියට පිඹ මදක් නැමී පසු පසින් ඒ දුම පිට කළේ ය. කොලු කෙල්ලන්ගේ ද, ඇතැම් ගුරුවරුන්ගේ ද සිනාවෙන්, අත්පොළසනින් ශාලාව ගිගුම් දෙද් දී මැජික් දර්ශනය නිමා විණි. රයන් දෙපසට විහිදූ දෑතින් නැමී සභාවට අචාර කරත් ම, විදුහල්පතිවරයා රකුසු මුහුණින් නැඟිට යන අයුරුත්, දසනායක මහතා ඔහු පසු පසින් දිව යනුත් රයන් දැක ගත්තේ ය.
ඉන් පාසල් මැජික් අවසන් විය. සති දෙකක පංති තහනම පසුව සතියකට අඩු කෙරිණි. සිද්ධිය දැන ගන්නට ලැබී තාත්තා දුන් කම්මුල් පහර වළක්වා ගැනීමට හොඳට ම ඉඩ තිබුණත් රයන් එය තාත්තාගේ සාධාරණ කෝපය වෙනුවෙන් ඉවසුවේ ය. දඬුවම් සතිය ඉකුත් වීමෙන් පසුත් පාසල් නොගොස් කට්ටි පනිද්දී වෙන පාසලකට හෝ ඇතුළත් වන ලෙස දන්වා සිටියේ ද, ඊට උදව් කළේ ද, විදුහල්පතිවරයාගේ ද අනුදැනුම යටතේ දසනායක මහතා ම ය.
“අර කිරි එක හරි - ලේන්සු - ඒව තැනක පෙන්නන්න පුළුවං ඒව- ඉස්කෝලෙක - තියෙනවනෙ විනයක් - එතනනෙ ප්‍රශ්නෙ වුණේ - සිගරැට් පැකට් මවල, බීල, පස්සෙන් දුම් පිඹල - පිස්සුවක් කළානෙ-”
“නෑ සර් - මැවුවෙ නෑ - කඩෙං ගත්තෙ - ඕන්නං සර් වෙන තැනකින් වුණත් දුං යවන්න තිබුණ - හිනස්සන්නත් පුළුවන්නෙ කියල වැඩි හොඳට එහෙම කළේ-”
“කොහොමත් සිගරැට් එක්ක බෑනෙ- ඉස්කෝලයක්නේ - වැඩි හොඳ ගිය දුර දැක්කනේ - ඕනම දේක සීමාවක් තියෙනව - තැන නොතැන තියෙනව - දැං හරිනෙ - යන තැන නම් මැජික් පෙන්නන්න යන්න එපා - ඒකෙ තේරුම මැජික් අතාරින්න කියන එක නෙවෙයි - මගෙ අතෙත් වැරැද්දක් තියෙනව - මං නෑ කියන්නෙ නෑ - මං මඟ පෙන්නුවෙ නෑ- මං ලොකු සර්ටත් කිව්ව - සර්රුත් දැං කනගාටු වෙනව-”
මැජික් නොපෙන්වන කොන්දේසිය මත රයන් ඉසිපතනයට ඇතුල් කිරීමට පියා කටයුතු කළේ ය.
“විභාගෙට ගිහින් උඹට උත්තර මවන්න බෑනෙ - ඒ හින්ද ළමයෙක් වගේ ඉස්කෝලෙ ගිහින් පාඩම් වැඩ ටික කරපං-”
පියා අධ්‍යාපයන ගැන ඔහුට දුන් අවසාන උපදෙස එය ය. සියල්ලට ආරම්භය සැපයුවේ පියාගේ ම පොත් රාක්කයේ වූ දුඹුරු පැහැ ගැසුණු කුඩා පොත් පිංචක් බව රයන් එවෙලේ කීමට නොගියේ ය. පාසලේ මැජික් නොපෙන්නුවත් විභාගයට කලින් මායාකාරයා බොහෝ දුර ගොස් සිටියේ ය. ඒ නිසා ම, ඔහු පෙනී සිටියත්, විභාගයේ ප්‍රතිඵල ගැන කිසිවෙකුත් විමසන්නට ආවේ නැත.
රයන් ඒ වන විට පසු කරමින් සිටියේ ජීවිතයේ හතළිස් පස් වන සැතපුම් කනුව ය. බිරිඳ මල්ලිකා කිසිදා මැජික් සංදර්ශන සඳහා සහභාගි වූයේ නැත. සිල්වි පළමුව කෙටි කලකට, මාලදිවයිනට ද පසුව ස්ථිර පදිංචියට කෙන්යාවට ද සංක්‍රමණය වූවා ය. විවාහයෙන් පසු තේජාගේ සැමියා නෙවිල්, ඇය මැජික් සංදර්ශනවලට සහභාගි වනවාට මනාප නොවූ නිසා,
නීලියාටත් ඩේසිටත් අවස්ථාව ලැබිණි. රසල් අවුරුදු පහළවක පමණ කාලයක සිට සම්බන්ධව හිඳී. තිස්ස පැමිණ තිබුණේ ඊටත් කලිනි.
තමාගේ දෑස්වල ද, ඉරියවුවල ද අවාචික සන්නිවේදනය ප්‍රේක්‍ෂකයන්ට, නීලියාට මෙන් ම ඩේසිට ද ඇතැම් විට දුරවබෝධ බව රයන්ට දැන් දැන් වැටහේ. කොතෙක් කර පුරුද්ද ඇතත් නීලියාට ද ඇතැම් විට අවුල් වේ. මේසය ඈ තල්ලු කරගෙන ආවේ අනවශ්‍ය මොහොතක ඒ අවුලින් ය. දෙතොල් නොසොල්ලා අවශ්‍ය එය නොවන බව කී විට, ඈ වෙනස නොපෙන්වා ඡසටපහ ඒඉකැ එක මත වූ උදබාැර ව්ර එක එහි තබා ගෙන සීරුවට ආපසු ගියා ය. වමත කරකවා අහසට දිගු කොට ප්‍රේක්ෂක දෑස් එක විට ඒ වෙත යොමු කළත් හැම දෑසක් එසේ යොමු නොවන බව දැන් ප්‍රත්‍යක්‍ෂ ය. දැන් ඒ දෑස් යොමු වන්නේ දකුණත යන සැඟවුණු තැන් සොයා ය. පෙර එසේ වූයේ ප්‍රේක්‍ෂකාගාරයකට ම එක් දෑසකි; දෙකකි. දැන් ඒ සංඛ්‍යාව හරි අඩකටත් වැඩි යැයි සිත අවිශ්වාස ය.
පුරුදු උපන් දින සාද, වාර්ෂික හමු, සුබසාධන සංගම්, ඇලුම්නායි කතන්දර වලට වඩා මහා පරිමාණ යමක් සැලසුම් කිරීමට ඇත්නම්! රයන් සිටියේ තරුණ අංකූර ශිල්පීන්ට ක්‍දකදමර ක්‍ය්බටසබට රදඉැල ක්‍්බැ එද ත්‍කදඇර ආදී සිය ගණන් මැජික් උපකරණ විකුණමින්, මුදල් නොමැති විට නොමිලේ ම සපයමින්, ගුරු මුෂ්ටි නොතබා ශිල්පය දායාද කරමින් ස්ටුඩියෝවට ම වී මහා සැලසුම මනසේ ද, ඇතැම් විට කඩදාසිවල ද සටහන් කරමිනි.
රයන් නුවර එළියේ වසන්ත සැණකෙළියේ මැජික් සංදර්ශනයට සහභාගි කර ගත්තේ රෙබෙකා ය. නීලියා සැත්කම හේතුවෙන් සිටියේ විවේක ගනිමිනි. ගණන් මිනුම් බේරුම් කර ගැනීමේ දී අපේක්‍ෂිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව අලෙවි නොවුණු බව පවසමින් එකඟ වූ මුදල යම් ප්‍රමාණයකින් කප්පාදු කිරීමට සංවිධායකයින් කටයුතු කළෙන් ගැටලුවක් මතු විණි. සංදර්ශන ආරම්භයට පෙර ම එකඟ වන මුදල ලබා ගැනීමේ ප්‍රායෝගික දුෂ්කරතාවක් පැවතුණත් දැන් දැන් එය අත්‍යවශ්‍ය බව පැහැදිලි ය.
‘අනික් ආටිස්ට්ල වගේ ම තමයි. ගායකයන්ට කලින් නොගෙවුවොත් එන්නෙ නෑ; ආවත් සිංදු කියන් නෑනෙ-
අසූවෙ මැද - කානිවල් එහෙම අත් අරින්න තමයි තීරණේ වෙලා තිබුණෙ - හිතා මතා අත අරින්න කියල දෙයක් ඇත්තට ම තිබුණෙ නෑ. ඒ වෙන කොට කොහොමටත් සෙනඟ ගැවසීම්වලට තහංචි වැටිල කානිවල් වගේ දේවල් විතරක් නෙවෙයි - සති පොළක්වත් තියා ගන්න බැරි වෙන තැනට කටයුතු සිද්ධ වෙලයි තිබුණෙ - පෙරහැර, වේල්, මේලා සංදර්ශන ඔක්කෝ ම යෝධ පෙට්ටගමක දාල ලොක් කරල යතුර එකැස් යෝධයෙක් කටේ ගහගෙන දිග නින්දකට වැටිල හිටියෙ - ටී පනස් හයේ ඉඳන් මිසයිල, ක්ලේමෝ, ලෑන්ඩ් මයින්, මල්ටි බැරල් පිපිරෙන ගානෙ ඒ යෝධයගෙ නින්ද තව තවත් ගැඹුරු වුණා-’
ආදායම පහත බැස නැවත නොනඟින්නට නතර විණි. වාහන විකුණා දැමුණු පසු ගමනාගමනය ත්‍රිරෝද රථවලට සීමා විය. නීලියා ඇඟලුම් කම්හලක රැකියාවකට ද, ඩේසි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ද මේ වන විට සම්බන්ධව සිටියහ. රෙබෙකා මොඩ්ලින් වෙතින් බියුටි කල්චර් කරා අවතීර්ණව සිටියා ය. ඩාවින්ට අනුව පරිසරයට අනුවර්තනය වන්නට නොහැකි වුවහොත් සිදු වන්නේ වඳ වීමට ය. එහෙත් හෝමෝසාපියන් මැජීසියන් වර්ගය එසේ වඳ වීමට නියමිත යැයි කොතැනක හෝ ලියවී නැති බැව් රයන් මැජික් ස්ටූඩියෝව අස්පස් කරනා රසල්ට, කෝපි උගුරකින් උණුසුම් වෙමින් දේශනා කළේ ය. “ලෝකේ තියෙන තාක් කල් මැජික් තියෙනව - මොකද ඇහැ
රැවටෙනව කියල හිතන්නෙ නැති ඔක්කොමත් මැජික් ම නිසා.”
දික්කසාදයෙන් පසු මල්ලිකා පදිංචිව සිටියේ කඳානේ ඇගේ මහම්මා සමඟ ය. ඈ අසනීපව තිබුණේ එසේ ජීවත්වීම අරඹා වසර පහකට පසුව ය. ඒ වන විට ඔවුන්ගේ පුතා දරු පවුලත් සමඟ ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගොස් අවුරුදු අටක් විණි. මල්ලිකා විකිරණ ප්‍රතිකාර සඳහා මහරගම එන බව අනියමින් ආරංචි වීමෙන් පසු රයන් ඈ බලන්නට කඳානට ගියේ ය.
“අපි යං ගෙදර - මං බලාගන්නං.”
“මාව?”
“යං මල්ලිකා - මං බලා ගන්නං.”
“වැඩක් නෑ.”
මල්ලිකා කීවා ය. ඇගේ දෑස් ඉවත හැරවී තිබුණු අතර සුදුමැලි තුනී දෙතොලේ දැවිලි දෙන වේදනාවක් සැඟවී තිබිණි. ඇගේ හිස කෙස් තුනීව හිස් කබල මත ඇලී තිබෙනු දුටු ඔහු සිත පසුතැවිල්ලකින් පෑරිණි. ඇගේ එකඟතාව ගැන විශ්වාසයක් නැතත් රයන් නැවත ද එම ඉල්ලීම ම කළේ ය.
එද ඵ්ය්ර්ට්ප් රෙදප එයැරුග”
ඈ නැවත ද ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා ය.
“ඒක පහසුවක් වෙන්නෙ නෑ - අනික දැන් කිසිම දේකින් වැඩකුත් නෑ-”
රයන් දෑස් පියා ගත්තේ ය. ඇගේ වචන තුළ සියල්ල කැටිව ඇති බැව් ඔහුට වැටහිණි. ඔහු එදිනට පසු ද දෙවතාවක් ඈ බලන්නට ගියේ ය. අනතුරුව ගියේ ඇගේ මෘත ශරීරය තැන්පත් කොට තිබූ පාලර් එකට ය. පුතා මවට සමු දෙන්නට පැමිණ සිටියත් එපිටමුල්ල ගෙදරට නොආවෙන් රයන් හා කතා බහ කෙරුණේ වචන දෙක තුනක් පමණි.
ඒ වන විට බිල් නොගෙවීම නිසා දුරකථනය විසන්ධි කොට තිබිණි. මල්ලිකාගේ මරණය රයන්ට දැන් වූයේ එකල පදිංචි
ඔහුගේ හිතවතෙකු ඔහු හමුවීමට විශේෂයෙන් පැමිණීමෙනි. ඉන්‍ද්‍රජාල කවයේ සංවත්සරයට ඔහුට සහභාගිවන්නට පුළුවන් වූයේ නැත. ආරාධනා පත්‍රය තැපැල් කළ බව පසුව කියවුණත් එය ලියුම් පෙට්ටියට නොවැටුණේ ඇයි දැයි සිතා ගත නොහැකි විණි. හිතවත්ව ම සිටි මැජික්කරුවන් වූ සුගතදාසත්, බෝධිනායකත් පසුව කියා සිටියේ දුරකථන ප්‍රශ්නය නිසා කතා කිරීමට නොහැකි වූ බව ය.
රයන් සන්ඩේ ඔබ්සවර් පත්‍රයේ මිත්‍රයා, මැතිව්ට කතා කළේ ය. ඒ සඳහා ඔහුට විහඟ කොමියුනිකේෂන් වෙත කිලෝමීටර් තුන් කාලක් පයින් යා යුතු විය.
“ෆෝන් එක නැතුව කොහොමද කෙනෙක් කතා කරන්නෙ - මං හිතුවෙ නෑ මොබයිල් එකත් නෑ කියල - මං කතා කරන්න තමයි හිටියෙ - වැඩ අස්සෙ බැරි වුණා - මට ඒකනායක කිව්ව සර්කල් එකටත් ඇවිත් හිටියෙ නෑ කියල-”
තුන්වන වරට කතා කළ වේලේ මැතිව් ඉරිදා උදේ නොවරදවා ම එන බව කියා සිටියේ ය. කී ලෙස ම ඔහු පැමිණියේ ය.
රයන්ට වුවමනා වී තිබුණේ තම සැලසුම හෙළිදරව් නොකිරීමේ කොන්දේසිය මත මිතුරාට පැහැදිලි කිරීමට ය. මහා මායා සංදර්ශනයේ සියල්ල ලොකු ඩ්‍රෝවින් කොළයෙන් කොළය පියවර එකේ සිට සිතුවම් සටහන් සහිත විය.
“මේක ඇත්තට ම මැතිව් ඵැට් ියදඅ එකක් - මේක මගෙ ඔළුවෙ කැරකෙන්න පටන් අරන් අවුරුදු දහයකට වැඩියි- අනික මේ වගේ වැඩක් කොහෙද කරන්නෙ කියල මම කල්පනා කළා- මෙහෙ කරන්න බැරි නෑ- අපිට එතෙන්ටත් එන්න පුළුවන් - ඒත් මෙහෙ කළොත් ඒක එතනින් ඉවරයි - ඒ හින්ද මං හිතුවෙ වේගාස්වල කරන්න. එහෙ එන්ටටේනින් කම්පනි එකක් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන්න වෙනව- මෙහෙ අපට ස්පොන්සර් කරන කම්පනි එකයි ඒ එන්ටටේනින් කම්පනි එකයි අතරෙ- අපි වගකියන්න ඕන මෙහෙ අපේ අනුග්‍රාහකයට - ඒක පැහැදිලි කර ගන්න ඕන වෙන විදිහ - මෙහෙම හිතුවොත් - එහෙ කම්පනි එක සංවිධාන කටයුතු ඔක්කොම කරල - සැපයුම් ඔක්කොම කරල - වියදම් දරල - ඇඩ්වාන්ස් පේමන්ට්ස් කරල සංදර්ශනේ කරනව - ඔක්කොම ගෙවීම් මෙහෙ කම්පනි එකට - ඒකෙන් තමයි අපට අපේ කොටස ලැබෙන්නෙ - මම ෆයිනල් පේමන්ට්ස් වලින් පස්සෙ අපේ කට්ටියට ගෙවනව-”
“හරි රයන් - මොකද්ද කියමුකො පෙන්නන්නෙ?”
රයන් ඩ්‍රෝවින් පේපරයක් ගෙන දිග හැර ගත්තේ ය.
“මැතිව් - මේ තියෙන්නෙ - අංක එක - වේගාස්වල තියෙන බිල්ඩින් පහක් - හයක් වුණත් වෙන්න පුළුවන් - මේ මැද තියෙන්නෙ - ග්‍රීන් ලයින්ස් වලින් පෙන්නල තියෙන්නෙ ටාගට් බිල්ඩින් එක - තට්ටු විස්සක් හරි ඊට වැඩි එකක් වෙන්නත් පුළුවන් - මං වේගාස් ම කියල ගත්තෙ මං දන්න - දැකල පුරුදු තැන නිසා- සිඩ්නි හරි ටෝකියෝ හරි වෙන ඕන තැනක වුණත් පුළුවන් - ඒත් ඉස්සෙල්ල ගිහින් බලල ඉන්න ඕන-”
රයන් පෝස්ට් කාඩ් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් මැතිව් අත තැබී ය.
“මේක මං ගත්තෙ අසූ දෙකේ මං වේගාස් ගිය වෙලේ - දැං වෙන කොට වෙනස්කම් ඇති - ඒත් පදනම හැටියට මේක ගත්තට වරදක් නෑ - වැඩේ කෙරෙන කොට අද තියෙන විදිය බලාගෙන ආයෙ වෙනස්කම් කරන්න වෙයි - දෙක - අපේ ඕඩියන්ස් එකයි බිල්ඩින් ටිකයි අතර තියෙනව සෑහෙන දුරක් - ඒ දුර අවශ්‍යයයි - අර ආටිෆිසල් සී එක නැවක් ක්‍රුඅ එකත් එක්ක ගිනි ගන්නෙ - ඒ ඔක්කොමත් එක්ක - ඕඩියන්ස් එක තමයි මේ ඩොට් වලින් පෙන්නන් නෙ - ඕඩියන්ස් එක එළිමහනේ - වෙලාව රාත්‍රිය අපි හිතමු රෑ අට කියල - මොකද මගෙ එක්ස්පීරියන්ස් එක හවස හත වෙන කොටත් හොඳටම එළිය තියෙනව - අට තමයි හොඳම වෙලාව-
“හරි-”
“දැන් මේ පේපර් ත්‍රීවල - මේ තියෙන්නෙ - මේක කරන්න බෑ- මේ ඉමෙජිනේෂන් එක ඇක්ට් එකක් වෙන්න විශාල - කියන්නෙ - විශාල හිතක් ඕනෙ මැතිව් - මේක වෙන්නෙ කොහොමද කියන එක නෙවෙයි - ඒකත් අවශ්‍යයයි - ඒත් මිනිස්සු දකින්නෙ මොකද්ද කියන එක අපේ ස්පොන්සර්ට ඒත්තුගන්ව ගන්න එක තමයි පළවෙනි ම කාරණේ - මේකෙ ඔෆිෂියල් මීඩියා කවරේජ් එක දෙමු....
“හරි - මොකක්ද මිනිස්සුන්ට පේන්නෙ?-”
රයන් මඳ විරාමයක් ගත්තේ ය. ඔහුගේ බොර දෑස් හදිසි කාන්තියකින් දිස්න දිනි.
“පේන්නෙ - අපි මේ ලකුණු කරපු ගොඩනැගිල්ල උගුල්ලගෙන ප්‍රේක්‍ෂකයො උඩට ගේනව - බිල්ඩින් එක එහෙම තමන්ගෙ ඔළුවට උඩින් එද්දි කඩා වැටෙයි කියල ඔක්කොම මිනිස්සු දුවන්න පටන් ගන්න කොට තමයි ෂෝ එක ඉවර වෙන්නෙ-”
“මොකක්?”
මැතිව් ගේ ඇස් මහත් විණි.
“කොහොමද රයන්?”
“මැතිව්- මං මේ අතට කුරුලු පිහාටුවක් වගේ ත්‍ක්ියසබට ඡ්චැර එකක් අරන් - ඒක ගිනි තියල කොබෙයියෙක් ඉගිල්ලවන්නෙ කොහොමද? ඒ වගේ ම තමයි-”
“වට නොගහ කියමුකො රයන් - මං දන්නව උඹ අමු වංචාකාරය කියල.”
“මොකද්ද වංචාව?”
අප්‍රසාදයෙන් රයන් ගේ දෑස් ද, මුව ද උණ්ඩි වේ. මැතිව් ඔහුගේ උරහිස් මිරිකා ගන්නේ සමාව අයදිමිනි.
“සොරි රයන් සොරි - මොකද්ද වෙන්නෙ ඔතන-”
“වෙන්නෙ මෙහෙමයි - මැජික් කියන්නෙ මැජික් - මෙතන තාක්ෂණේ පාවිච්චි වෙන්නෙ - මැතිව් - උඹ ඉඳන් ඉන්නව කියමු ඕඩියන්ස් එකේ - උඹට පේන්නෙ මොනවද? බිල්ඩින් එක - ඒ බිල්ඩින් පෙළම පේනව - මැද බිල්ඩිම තම යි උගුල්ල ගෙන එන එක - ෂෝ එක පටන් ගන්නෙ - ඈතින් හෙලිකොප්ටර් දෙකක් ඇවිත් ඒ බිල්ඩිම උඩ අහසෙ නවතිනව - යෝධ දම්වැල් හතරක් හෙලිකොප්ටර් වල ඉඳන් පහළට ඇවිත් බිල්ඩිමේ මුදුනට සම්බන්ධ වෙනව - ඊළඟට හෙලිකොප්ටර් දෙක ඉහළ නැගෙන්න පටන් ගන්නව - එතකොට අර දම්වැල්වල ඇමිණිච්ච ගොඩනැගිල්ලත් පොළොවෙන් ගැලවිලා ඉහළ නැඟිල එන්න පටන් ගන්නව - බිල්ඩිම ටිකින් ටික එනව මිනිස්සුන්ගෙ දිහාට - ඉහළින් - බිල්ඩින් පේළියෙ හිඩැස දත ඉගිල්ලිලා වගේ පේන්න ගන්නව - එන බිල්ඩිම තමන්ගෙ ඔළුවට උඩින් ඇවිත් කඩා වැටෙයි කියන බයට සමහරු දුවන්න ගන්නව - ඇතිනේ-”
“ඇති ඇති-”
“මේකට තාක්‍ෂණේ ඕන - ශිල්පියො ඕන - දැවැන්ත තිර -
නෑ - ඒ ගැන අපි දැනට හිතන්න යන්නෙ නෑ - ප්‍රොජෙක්ටර් - ආලෝකෙ - තව හුඟක් දේවල් තියෙන්න පුළුවන් - ඒව හිතනවට ගෙවනව නං හිතන අය හිතයි - කරයි-”
“ෂ්-”
“ඇයි-”
“නෑ හරි-”
“මොකද්ද හරි?”
“නෑ- ලේඩි කෙනෙක් පෙට්ටියක් ඇතුළෙ හිටෝල කෑලි තුනකට වෙන් කරල පෙන්නන එකයි - මේකයි-”
“එකයි.. අපි යමක් කරනව.. මිනිස්සු ඒ දිහා බලල පුදුම වෙනව - සන්තෝෂයක් ලබනව - අනික ලෝකෙ අපි දකින හැමදේම ඇත්ත වගේ පෙනුණට ඇත්ත නෙවෙයිනේ -
ඒත් විස්මය - සතුට ලැබෙනව නම් ඒ විස්මය සතුට බොරු නෙවෙයිනෙ - ම් - මේක මෙහෙත් කරන්න පුළුවන් - සීගිරිය ගලෝගෙන උඩින් අරන් එන්න - නැත්නම් ගෝල්ෆේස් එකට ගිහින් ඔය තියෙන්නෙ හෝටලයක් හරි මොකක් හරි ගොඩනැගිල්ලක් - බැරි නෑ-”
“හරි හරි - මං කොහොමද මැජීසියන්ට නෑ කියන්නෙ - මට දැන් තිබහයි - ගෙදෙට්ට අමුත්තෙක් ආව - අඩුම ගානෙ තේ කෝප්පයක්වත් - වෙන ඕන නෑ - ම්හු - ඔන්න සැලකීම - බලමු-”
රයන් දිග හැරුණු සැලසුම් සියල්ල ක්‍රමානුකූලව රෝල් කර ටීපෝව උඩින් තබා දෑත් දෙපසට විහිදා ගත්තේ ය. පියවා ගත් දෑසින් ඔහු හෙලිකොප්ටර් දෙකෙහි එල්ලී අහසින් එන දැවැන්ත ගොඩනැගිල්ල දැක ගත්තේ ය.
මල්ලිකා සිටි කාලයේ සිට ම මැතිව්ට මේ මුළුතැන්ගේ හුරු ය. ඔහු ශීතකරණයේ fදාර දෙක ම විවෘත කර බැලුවේ ය. රවුම් මේසය මත වූ ප්ලාස්ටික් කූඩය ඔසවා බැලූ විට පාන් පෙති දෙකක් ද, මාමයිට් බෝතලයක් ද දැක ගත හැකි විය.
“රයන්-”
මැතිව් මුළුතැන් ගෙයි සිට ම හඬ නැඟුවේ ය.
“ෆ්‍රිජ් එකේ මෙලෝ දෙයක් නෑ-
බියර් එකක් - පළතුරක් - ලිංගුස් කරලක් - මෙලෝ දානයක් නෑ - උඹට මක් වෙලා ද?”
රයන් පුටුවෙන් එසවුණේ මැතිව් කිව් කිසිවක් ඇසුණු නිසා නොව, ඔහුට කීමට තවත් යමක්, හදිසියේ ම තම සිත තෙරපා මතු වූ බැවිනි.
“නැත්නම් කන්සෙප්ට් එක විකුණනව - එහෙමත් පුළුවන් - ඩොලර් විසි දාහකට... ඇයි... කියන්නෙ රුපියල්...”
මැතිව් යටිතොල උඩු ඇන්දේ දත් වෙත තෙරපා ගත් වන ම මොහොතක් හිඳ, වචනය පිට නොකර ම මිදුලට බැස මෝටර් රථය වෙත ගමන් කළේ ය. ඔහු විනාඩි තිහ හතළිහක් ගත කොට නැවත ආවේ ෂොපින් උර දෙකක් දෑතින් උස්සා ගෙන ය. පාන්, බටර්, බිත්තර හා චිකන්ද, ඇපල්, නූඩ්ල්ස් හා සොසේජස් ද, සලාද කොළ ද, ගර්කින් ද බෑග්වල විය.
“රයන් - උඹේ එකවුන්ට් නම්බර් එක දීපන් මට - මිසිස් ගුණතිලක - උඹේ පරණ ෆෑන් කෙනෙක් - යූකේ ඉඳන් ඇවිත් ඉන්නව - මං දෙන්නං එයාට - හරි -”
“ඕ - ඔල්ග - ආන්න - අපේ වැඩේ වෙනව නං අපි ඉන්වයිට් කරමු ඔල්ගටත් වේගාස්වලට එන්න කියල - බලන්න -”
6
“ඔක්කෝ ම ඩිසයින් කරල තියෙන්නෙ සනා - ීඑැච ඉහ ීඑැච - ශදම ඒකන එද හදමර ක්‍ෑධ - මිස්ටර් අරූන් ප්‍රසාද් නේ ද? ඔයා කෙලින් ම කතා කරන්න ප්‍රපෝසල් එක - හොඳ ද?”
“හරි අංකල් - මං වෙලාවක කතා කරන්නං - අපි බලමු - ෆෝන් එක කොහොමද? හොඳයි නේ ද අංකල්?”
“ඔව් සනා - ඒක නියමයි - මට දැන් හරි පහසුයි - කාට වුණත් කතා කරගන්න - මට ඒකට ගෙවන්නත් ඕනෙ-”
“නෝ පොබ් අංකල් - ඒක හරි -”
“ඉතිං සනා - මේක හරියට තේරුම් කරන්න ඕනෙ -
“මට විනාඩියක් දෙන්න අංකල් - කෝල් එකක් එනව - අංකල්ට මං කතා කරන්නං - හෙට නැත්තං අනිද්ද - ෂුවර්-”
“ඕකේ සනා - මං බලන් ඉන්නවා ඔයාගෙ වචනෙ එනකල්-”
* * *
රෑ තුන පහුවෙලා. තිසේරා කොරිඩෝරය දිගේ නවය වාට්ටුව පැත්තට ගියා. අනෝජා මිසී ලෙඩා ළඟ සේලයින් බෝතලේ මාරුකරනව. තමන් ගෙනාපු වයසක සුදු, උස ලෙඩා වෙනසක් නැතුව ඒ විදියට ම--
තිසේරා වටයෙන් ඇවිත් ලෙඩාගෙ ඇඳ ළඟ නැවතුණා. එහෙම ඇවිල්ල බලන්න කොහොමින් හරි තිසේරට හිතුණ, නින්ද ගිහිල්ල ද, නැත්නම් තාම සිහියක් නැද්ද?
කොහොමත් ගේන කොටත් සිහියක් තිබුණෙ නෑනෙ. ලෙඩා හුස්ම අදින්නෙ එන කොට ඇද්දට වැඩිය අමාරුවෙන් කියල තිසේරට හිතුණ. කකුලේ පිට පතුල් පිපිහලු වෙලා. පවුඩර් දාල වගේ. ඒ පියරු තට්ටුවට යටින් නිල් වෙලා - සේලයින් බිංදුවක් වැටිල ඊළඟ බිංදුව වැටෙන්න සෑහෙන වෙලාවක් ගන්නව - ස්ලෝ යන්න වෙන්න ඇති ඕනෙ.
“තිසේරගෙ කවුද?”
අනෝමා මිසී ඇඳ ළඟ බලා ඉන්න තිසේරගෙන් ඇහැව්ව.
“මගෙ කවුරුවත් නෙවෙයි.”
“එහෙනං?”
“නිකං බැලුවෙ - මංනෙ ගෙනාවෙ.”
“ඒක මිසක්.”
“අමාරුයි වගේ නේද මිසී.”
අනෝමා මිසී උත්තරයක් නොදී හිස් සේලයින් බෝතලේ ඩස්ට්බින් එකට දාල අත් සෝදන්න පටන් ගත්ත. තිසේරා වාට්ටුවෙන් එළියට ඇවිත් පඩිපෙළ බැහැ ගෙන පහළට ආවා.
“කරුණාපාල අයියෙ-”
“කොහෙද බං ගියේ?”
“අර ලොඩාට කොහොමද බැලුව-”
“මොන ලෙඩාටද බං?”
“මං රෑ ගෙනත් දාපු ලෙඩා - වයසයි - ඔහොම තමයි ඉතිං - මේ අපි දැං මෙහෙම උන්නට - කියන්න බෑනෙ-”
“ඒ කිව්වෙ?”
“නෑ මං නිකමට කිව්වෙ - දැං අපි මේ විදියට හිටියට -”
“මේ විදියට කියන්නෙ?”
“කියන්නෙ දැං අපිට ඕන දෙයක් කරන්න කියන්න පුළුවන්නේ - යන්න එන්නද, කන්න බොන්නද බැරි දෙයක් නෑනෙ-”
“බැරි දෙයක් නෑ?”
“ඔව් - අපිට ඕන දෙයක් අපිට කරන්න පුළුවන්නෙ - අර ලෙඩා දිහා බලනකොට අනේ කියල හිතෙනව-”
“දැං උඹ කියන්නෙ - උඹට ඕන දෙයක් උඹට කරන්න පුළුවං කියල - ආ?”
“ඔව් -”
“එහෙනං තිසේරො - උඹේ පර්ස් එකෙන් මට රුපියල් දාහක් අරං දියං-”
“දාහක්!”
“ඔව් බං - රුපියල් දාහක්.”
“යක්ෂයො - උඹ හිතුවද මං මැජික්කාරයෙක් කියල - අන්න එහෙම නං මවන්න තිබුණ.”
කරුණාපාල හතේ වාට්ටුවට හැරුණ. ආපසු හැරි හැරී බල බලාත් විරිත්තන ඔහු දිහා තිසේරා බලා හිටියෙ ඇඬුම් මිරික ගත්ත මූණකින්.
7
ග්ලෝමාට් සුපිරි වෙළඳ සංකීර්ණයට ඇතුළු වෙද්දී රයන්ගේ කකුල පටලැවිණි. විසි වන්නට ගියත් ඔහු අසීරුවෙන් ගුරුත්ව තුලනය සකසා ගත්තේ ය. ඒ දෙය සිදු වූයේ ටයිල් පඩියේ දාරයට ඇල්ලූ ඇළුමිනියම් පටිය සෙරෙප්පුවේ පැටලීමෙනි. ෂූ... කකුල ඉස්සුණා මදි ද, නැත්නම් ඇළුමිනියම් පටිය ඉස්සී තිබුණා දැයි සිතා ගත නොහැකිව රයන් මොහොතක් විපිළිසර වූවේ ය. කකුල ඉස්සුණා මදි - වීදුරු fදාර ඒ වන විටත් ඔහු ඇතුළුවන බලාපොරොත්තුවෙන් දෙපසට දිග හැරී ගත් ගමන් පසු විණි. පිළිමයක් මෙන් බලාගත් ගමන් ඉන්නා සෙකියුරිටි තරුණයා එය නිශ්චලව ම සිදු කළේ කෙසේදැයි අදහා ගත නොහැක්කාක් මෙන්, ඇතුළු නොවී සිට ගෙන රයන් මොහොතක් කල්පනා කළේ ය. ‘නෑ - ඉබේ ඇරුණෙ - කොච්චර හරි ඒක අමතක වෙනව.’
සෙකියුරිටි තරුණයා රයන් දෙස බැලුවේ කුහුලිනි. රයන් ට්‍රොලියක් අදින විට, ඔහු ඉදිරිපත්ව ඇමිනුණු අනික් ට්‍රොලියෙන් එය ගලවා දුන්නේ ය. අත්වාරුවක් වන් ට්‍රොලිය ද තල්ලු කර ගෙන ඔහු බෝතල්, ටින්, පැකට්, විවිධ මාදිලියේ ඇසුරුම් පිරී ඉතිරී ගිය රාක්ක අතර පටු මඟකට පිවිසුණේ ය.
රයන් රාක්ක අතර ගමන් කළේ තමන් මිල දී ගන්නට ආවේ මොනවා දැයි නිශ්චිත අදහසකින් තොරව ය. රාක්ක පුරවා ඇති ටින්, බෝතල්, පැකට්, විවිධ මාදිලියේ ඇසුරුම් සියල්ල මදක් දකුණු පසට ඇලව ඇතිවාක් මෙනි. ඇයි? රාක්ක ඇලවෙලා? නෑ. රයන් නාසයේ පහළට වැටෙන උපැස් යුවළ දෑඟිලි යවා ඔසවා ගන්නට බැලී ය. කන්නාඩියේ එක් ඇසක පහළ දාරයක් හසු වූයේ දඹරැඟිල්ලට පමණි. ඇඟිලි අතර කාසිය දුවයි - ඕනෑ විටෙක සැඟවෙන්නට ද මතුවන්නට ද ඊට හැකියාව ඇත. ්ඊඍ්ක්‍්ෘ්ඊඍ්!
සිහින් උස් බෝතලයේ වන්නේ ළා කොළ පැහැයෙන් යුතු, ද්‍රාවණයක බහා ඇති ඔලිව් බව රයන්ට පැහැදිලි විය. රාක්කයේ බෝතල් පේළියට පහළින් ලේබලයේ කළු අකුරු බොඳ වූවත් ඉලක්කම්...
එසැණින් රයන් ඒ සිඟිති දිදුලන පියාපත් යුගල දැක ගත්තේ ය. මුලින් ඒවා සිඟිති ලෙස ළා කහ පැහැයෙන් මතුව සැලී යන්නට පටන් ගත්තත් වහා ම තද දීප්තිමත් රත් පැහැයකට හැරී ගිනි දලු ලෙළවමින් දකුණු පස වූ රාක්කයේ මෙතෙක් හිස් ව තිබූ ඉහළින් තැන්පත් වීම අරඹනු පෙනිණි. බෝතල් පේළියම ගිනි දලු පියාපත් ලෙළව ලෙළවා පියඹා ගොස් වාඩිලා ගත්තේ කුරුලු රංචුවක් මෙනි. වම් පස මැද රාක්කයේ වූ සියලු ටින්, බෝතල්, කුප්පි ආදියට ද ඒ ගිනි පියාපත් වහ වහා සවි වෙමින් තිබිණි. ඒ සියල්ල ද පියඹා ගොස් අත පොවන මානයට ඉහළින් වන රාක්ක අරා තැන්පත්ව ගිනි පියාපත් හකුළා ගනු පෙනිණි.
ෂ්.....
විස්මය කැටි වූ රාවයක් රයන්ගේ උගුරින් පිට වූ අතර ඒ ආශ්චර්යය තවත් අයවලුනුත් දුටුවා දැයි උපන් සංශයෙන් ඔහුගේ හිස අඩ වටයක් වම් පසට හැර විණි. තරුණ මවකගේ අතේ එල්ලී ගත් කුඩා දරුවෙක් කිසිවකට කේවෙල් කරමින් උඩ පනියි. ඈ තල්ලු කර ගෙන යන ට්‍රොලියේ දමා ගත් බඩු භාණ්ඩාදියේ නම් ගිනි පියාපත් පෙනෙන්නට නැත. ඈ ඉදිරි පසින් සිට ගෙන සිටිනා තරුණයෙක් ඈත සිටිනා කිසිවෙකුට හස්ත සංඥාවක් දෙයි.
දරුවා වැටුණෙන් රයන්ට, “ඕහ්”යැයි කියවිණි. තරුණ මව ඔහු නැඟිටුවා ගනිත් ම රයන් ආපසු බලා පියවර කිහිපයක් ඉදිරියට තැබී ය. තමන් ආවේ කුමකට දැයි යළි සිහිපත් කර ගත යුතුවාක් මෙනි. ගන්න. මොනවද? පැස්ට. ඔහු දකුණු පස රාක්කයේ ඇසිරූ ටින්වල හා දිදුලන වර්ණවත් පොලිතින් දවටන තුළ වන්නේ මොනවාදැයි මොහොතක් පරීක්‍ෂාවට ලක් කළේය. බිස්කට් - ජිංජර් බිස්කට් සමඟ සෙන්ට් ක්ලෙයාර් තේ!
රයන් අත දිගු කළේ ය. ඒ සැණින් රවුම් ටින් ඇසුරුම දෙපසින් පළමුව ළා කහ පැහැයෙන් ද, අනතුරුව වහා රතු වර්ණයෙන් ද ගිනි පියාපත් සැලෙන්නට විය. මොහොතකින් ඔහු හිස මතින් පිය සැරුම ඇරඹූ එය මදක් ඈත වූ රාක්කයක මුදුන් පියසේ තැන්පත් විණි. රාක්කයේ වූ අනිකුත් ටින් හා පැකට් ද වහ වහා මතුවන ගිනි අත්තටු සලමින් ඔහු හිස මතින් පියඹා යාම ඇරඹිණි. ඕහ්!
තම හිස භ්‍රමණය වනු රයන් තෝමස්ට දැනිණි. ඔහු රාක්ක අතර හතර මං හංදියක වූ කුලුනක් අල්ලා ගත්තේ ය. තමන් වැටෙනු ඇතැයි බියක් දැනුණ ද ඔහු වහා තම සිත තැන්පත් කර ගැනීමට සමත් විය. රයන් මඳක් ඉදිරියට ගොස් දකුණු පස රාක්කයේ වූ ඇපල් ජූස් බෝතලයට අත දිගු කළේ ය. බෝතලය දෙපසින් මතු වූ කහ සිඟිති පියාපත් වහ වහා සැලෙමින් රතුවන් විය. බෝතලය ඉගිලෙත් ම රයන් පසු පසට විය. ගිනි දලු පියාපත්! ෂූ... කවුද? කවුද ඒව අල්ලන අල්ලන බඩුවලට සවි කරල පියාඹවන්නේ?
අවසන් වතාවට තමන් පැවැත් වූ මැජික් සංදර්ශනය රයන්ට සිහි විණි. ඒ මීට අවුරුදු දෙකකට පමණ පෙර ගල්කිස්ස මහ හෝටලයේ දී, පැය බාගයකට පමණක් බවට තරයේ ගිවිස්වා ගනු ලැබූ ‘ලයන්ස්’ලාට ය. එදා ඔහු එහි ගියේ තනිව ම ත්‍රිරෝද රියකිනි. ගෙල කපා පෙන්වන්නට ගැහැනියක හෝ ගිලටීනයක් හෝ පිහාටුවක් දවා ඉගිලවන්නට කොබෙයියන් හෝ ඔහු වෙත නොවිණි.
සුදු තේඩාවක්, කාඩ් කුට්ටමක්, සිල්ක් ලේන්සු කිහිපයක් හා කාසි දෙක තුනක් පමණකි ඔහු අත වූයේ - එයින් පසු ඔහුට මැජික් සඳහා ආරාධනා ලැබුණේ නැත. දැන් මොහොතකට පෙර අදෘශ්‍ය කිසිවෙකු තමන් අඟුටු ප්‍රේක්‍ෂකයෙකු බවට පත්කර හමාර ය!
රයන් සැලී ගියේ ය.
ඔහු තවදුරටත් රාක්ක දෙස බලන්නට බිය වී ය.
තම මුව අමි රහකින් ද, වියළිව ද ඔහුට දැනිණි. මේ සුපිරි වෙළඳ සැලක් නොව මායා අඩවියකි. එහි මොහොතකුදු තවත් ගත නොකොට වහා ආපසු හැරී යා යුතු බව ඔහුට දැනී ගියේ ය. මස් මාළු දැමූ දිගු වීදුරු බහලුම් ද අයිස්ක්‍රීම්, සොසේජස්, බේකන් හා හැම් පිරවූ ශීත පෙට්ටි ද තම ඇස ගැසෙත් ම දාර අගින් මතුවන සිහින් ගිනි පියාපතින් යුතුව එසවෙන්නට යනු දැක ගනිමින් රයන් fදාරටුව අසලට ඇදී ආවේ ය. එය සිදු වූයේ කිසියම් යාන්ත්‍රික ක්‍රියාන්විතයකට යටත් වීමෙන් මෙනි. තමා පය තැබීමෙන් නොව, වහන් සඟළෙහි යටි පතුල් වලට සවි වූ රෝද විශේෂයක ධාවනයට හසු වූවාක් මෙනි. එහෙත් දහවල් මෙන් එළිය වූ රථ නැවතුම මැදින් එද්දී ඒ රෝද තව දුරටත් ඔහු වහන් සඟලේ වූයේ නැත.
රයන් මහා මාර්ගයට අවතීර්ණ වූවේ ය.
* * *
තිසේරා රාත්‍රී වැඩ මුරය අවසන් කරල බෝඩිමට යන්න කලින් ජෑම් ගහ යට බංකුවේ ඉඳගෙන බලා හිටියෙ අමරසේන එනතුරු. අමරසේන හදිස්සියකට අත මාරු කරගෙන තිබුණු රුපියල් පන්සීය, සති අන්තේ තිසේරා ගෙදර යන නිසා නොවැරදී ම උදේ හයට ගෙනත් දෙන බවට පොරොන්දු වෙලා තිබුණෙ. කිව්වට කොහෙද? දැන් හය නෙවෙයි හතත් පහු වෙලා. අමරසේන ගෙන් පන්සීය ගෙන, බෝඩිමට ගිහින් බෑග් එකත් අරන් පිටකොටුවෙන් ඇඹිලිපිටිය බස් එකට ගොඩවෙලා අයිනක් අල්ල ගත්තම දෙක වෙන කොට ගොඩකවෙල - කියන්නෙ ගෙදර.
“යන්නැද්ද?”
“අමරසේන අයිය එනකල්.”
“අමරෙ අද නෑ වගේ - දැං කීය ද හතයි විස්සයි.”
“නෑ - එනව.”
තිසේරා කියා හිටියෙ සැකයක් නැතුව. ඔහුගේ ඇස් දහස් වෙනි වතාවටත් කිංසි පාරට ඇරුණු ගේට්ටුව දිහාට යොමු වුණා. අමරෙ අයිය දන්නව මං ගෙදර යන්න ඉන්න බව.
ෆෝන් එක වදින්න ගත්ත. තිසේරා ෆෝන් එක සාක්කුවෙන් අරන් බැලුව. හිතුණෙ ම අමරසේන අයිය කියල. කවිරත්න.
“ඇයි?”
“තිසේරා - මට මෙතෙන්ට පේනව උඹව - උඹ දැන් ම යන්නෙ නෑ නේද?”
“යනව - අමරසේන අයිය ආපු ගමන් - එනකං ඉන්නෙ - උඹ කොහෙද ඉන්නෙ?”
“මං නමේ වාට්ටුවෙ - ආව විතරයි - බොඩි එකක් තියෙනව බං - මෝචරි දාපු ගමන් මං ටක් ගාල එනව-”
“බොඩි එකක්?”
“ඔව් බං - යන්න එපා හරිද - වැඩක් තියෙනව කියන්න-”
ඇමතුම විසන්ධි වුණා. නවේ වාට්ටුවෙ බොඩි එකක්? මදෑ- මනුස්සය ගිහින්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd