IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කවටයා

 

ඒ ශිත සෘතුවේදී අත්හදා නොබැලූ කුමන ආකාරයක හෝ රැකියාවක් නොමැත යන අදහස ඇතිව ගීත ගායනා කළ මගේ මිතුරකු සමග ගිටාරය වයමින් ආපන ශාලාවල ඇවිදීමට පටන් ගත්තෙමි. මේ මිතුරාට කීවේ මිලෝන් කියාය. ඔහු එක් කාලයක ස්වීඩන් ජිම්නාස්ටික් සරඹ ඉගැන්වූ නිසා "පර්වෘෆෙස්ද " (මහාචාර්ය තුමා) යන විකට නාමයෙන්ද අමතන ලදී. ඔහු පුටුවල වාඩි වෙන විට කිරි. කිරි ගාන තරමට බර, සැරපරුෂ, බරපතළ මුහුණක් සහ සත්‍ය වශයෙන්ම මහත ම නොව ශක්තිමත් ස්ථුල ශරීරයක් ඇති, අවුරුදු පනහක් පමණ වූ ලොකු මිනිසෙකි. මා කලාකරුවකු විණා විගඩමකු නොවන හෙයින් සන්සුන් ලෙස, නිසලව, නෙත් බිමට යොමා ගෙන, මගේම අදහස් අනුව ගිටාරය වාදනය කළෙමි. විගඩමාගේ කොටස රඟ පෑවේ මිලෝන්ය. සිය පරණ හිස් වැස්ම දෙනෙත් දක්වා පහත් කොට, අත් රහිත කබායේ අත දමන සිදුරු තුළ මහපටඟිලි රුවා ගෙන,මුදුනින් පිටට නෙරා ඇති කලිසමේ බඩට ආධාරකයක් ලෙස හම් පටියක් බැඳ, ඔහු නැගිට බිත්තියකට හේත්තු වී අහම්බෙන් මෙන් ආරම්භ කරයි. හේ පෙනුමෙන් හඳට ගී කියන බේබද්දකු වැනිය. ක්‍රමයෙන් ඔහු උණුසුම් වී, ඔහුට කට හඬක් හෝ කනක් නොතිබුණු නිසා සැබවින්ම ගැයිමක් නොකළ මෙන් තමා ම අපූර්ව දර්ශනයක් කොට අවසන් කරයි. මා පවසා ඇති පරිද්දෙන් විගඩමාගේ කොටස රඟ පෑවේය, යන්න වඩා නිවැරදිය. මිනිසුන් සසල කොට ඔවුන්ගේ නෙත්වලට කඳුළු ගෙනෙන බොහෝ සේ ජනප්‍රිය. සංවේදී සරල ගීත ඔහුගේ විශේෂ ගායනය විය. නමුත් එම ගීත ඔහුගේ මුවින් කෙසේවත් මිනිසුන් සසල කළේ නැත. වැඩියෙන් එයින් මිනිසුන් සිනහ ගැන්විය. මන්ද ඔහු තමන්ගේ ම අපිස් අඳුරු විලාශයකින් ඒවාට විකාර මුහුණුවරක් දෙන්නේදැයි කෙසේද? දැන සිටි හෙයිනි. මේ මිනිසාගේ ඇති වැරැද්ද කුමක්දැයි මම නොදනිමි. ඇතැම් විට ඔහුගේ තුරුණු වියේදී යම් ස්ත්‍රීයක නපුරු අන්දමින් සලකා ඇත්ද? නැතහොත් මාහැඟි ලස්සන දේට උසුළු විසුළු කිරීමෙන් තෘප්තියක් ලබන ජාතියේ චරිතයන් ඇතිව ඔහු ඉපදී ඇත්ද නොදනිමි. නමුත් ඔහු නිකම්ම චරිතයක් නොවේය යන කාරණය ඉතිරිව පවති. නැත. ඔහු සිය කටයුත්තට එක්තරා උන්මාදනීය මෝස්තරයක් ඇතුළත් කළේය. ඔහුගේ රංගනය වේදනාකාරි තරමට මුඪ නොවන බව තේරුම් නොගැනීමට ආහාර අනුභවයේ යෙදී සිටි මිනිසුන්ගේ සකල මොට්ටකම් අවශ්‍ය විය. ගැහැනියකගේ චලනයක සුළු කොටසත් ප්‍රත්‍යුත්පාදනය කිරීම ප්‍රයෝගයෙන් රැවටීම, මුහුණ විරූප කිරිම වැනි ප්‍රශ්නයකදී විශේෂයෙන් ම ඔහු තමන් විසින්ම තමන් පරදවා ගන්නා ලදි. ගැහැනියක් කුමක් කරන්නීද? ඇය හාවභාව පාමින් සිනා සෙන්නීද? ඔහු හිස් වැස්මේ වාටියට යටින් අවිනීත වෛශ්‍යාවකගේ විරිත්තීමක් ඉදිරිපත් කරයි. ඇය මඳක් උකුළ සලන්නීය? ඔහු සොල්දාදුවකුගේ බඩුමල්ල මෙන් සම චතුරශ්‍ර ශක්තිමත් සිය නිතඹ නෙරවා නාරි රංගනයක් ඉදිරිපත් කිරීමට පටන් ගනී. ඇය ඇගේ කටහඬ කෝමල මිහිරි එකක් කරන්නීද, ඔහු දෙතොල් තද කොට නියත වශයෙන්ම බඩ දඟලන, සිහිත් බට නලාවක වන්, කට හඬක් ඉදිරිපත් කරයි. සැබවින්ම ඔහුට සංයමයක් නොතිබුණි. හේ නිතරම සීමාව ඉක්මවා ගොස් එය අශිෂ්ට, ජුගුප්සිත, එකක් කළේය. එවැනි ගැළපීමක් ගැන සැබවිත්ම මම ලැජ්ජාවට පත් වුණෙමි. මන්ද, ගිටාරය වාදනය සඳහා ගායකයකු ගෙන යාමට සිදුවීම එක් හේතුවක්ද, විකටයකුගේ සහාකරුවකු වීම තවත් හේතුවක් ද වීම නිසයි. එවිට නුදුරු අතීතයේ දී මාහැඟි කලාකරුවකු විසින් ගම්භීර ලෙස ගායනා කරන ලද මෙම ගීතවලට මා ගිටාරය වාදනය කර ඇති බව මට සිහිපත් වේ. ඒවා මේ අන්දමට බාල්දු කරනවා, අනන්‍යතාතාව කෙලෙසනවා, අශෝහන කරනවා දකින විට මා තුළ දොම්නසක් ඇති විය. එක් ආපන ශාලාවක සිට තවත් එකකට අප වීදි දිගේ කඩිසර ගමනින් යන එක් අවස්ථාවක මම ඔහුට මේ ගැන කීවෙමි. "නමුත් ගැහැනු තමුසෙට මොකක්ද කරලා තියෙන්නනේ? මම ඔහුගෙන් ඇසුවෙමි. සිරිත් පරිදි විගඩමාගේ කොටස රඟ පෑමෙන් පසුව, සෑම ආකාරයකම විස්මිත සිතුවිලි හිස තුළ දිව යන කලෙක මෙන් ඔහු අඳුරු සහ සිහි කල්පනාවෙන් තොර ගතියකට පත්වීය. "මට?" ඔහු කීය. "ඔවුන් මට කිසිවක් කර නෑ * මම අහන්නේ.............මම පැහැදිළි කළෙමි. "තමුසේ ඔවුන්ට සමච්චල් කිරීමට තද ආශාවක් දක්වන නිසයි. හේ පිළිතුරක් නො දුන්නේය. එය සංවාදයේ අවසානයයි.

ඔහු මා සමඟ සිටීම මගේ වාසියට නොසිටියා නම් මා ඔහු අතහැර දැමිය යුතුව තිබුණි. මෙය කළ නොහැක්කක් ලෙස පෙනී යන නමුදු - ඇවිදිමින් මිහිරි ගී ගයා මා හැඟි ගායකයන් උපයනවාට වඩා වැඩි මුදලක් හේ සිය අශිෂ්ටත්වය තුළින් ඉපයුවේය. අප වැඩි පුරම ගියේ මිල අධික ආපනශාලා වටේ නොවේ. අලංකාරයෙන් තොර සාමාන්‍ය තැන්වලට වුවද කෙසේවත් ලාභ තැන්වලට නොවේ. මිනිසුන් බඩපුරා කා බී විනෝද වීමට යන, තැන්වලටය. අප ඇතුළට ගිය හැටියේම මම කිසි ශබ්දයක් නොකර කොපුවෙන් ගිටාරය ගත්තෙමි. සෙනග පිරුණු මේස වෙතින් එකම තනි හඬක් නැගෙයි. මෙන්න මහාචාර්ය තුමා මෙහාට එන්න මහාචාර්ය තුමා, සැරපුරුෂ පෙනුමෙන් යුත් නෙරුණු ඇස් ඇති මිලෝන් බොහොම සැහැල්ලුවෙන් බිම දෙපා ලිස්සා යමින් " ඔබේ සේවය සඳහා" යි, පවසමින් පෙනී සිටි. මේ '' ඔබේ සේවය සඳහා " යන්න ඔහු පවසන ආකාරය කෙතරම් හාස්‍ය ජනකද කිවහොත් හැම කෙනෙක්ම මහ හඬින් සිනාසෙයි. මේ අතර ස්පැගෙටි ගෙනෙනු ඇත. සේවකයා ඒවා බෙදමින් රවුමේ දිව යන විට "ඇත්තෙන්ම ලස්සන කවි කතාවක්. රොසිනා ඇගේ ගමේ සිට එන විට............මම රොසිනා වෙන්නම්." සිතට වදින මඳ අමන හඬකින් මිලෝන් දැනුම් දෙයි. නිකම් හිතාගන්න. ඔහුගේ සුපුරුදු පල්හෑලි, සුපුරුදු අශ්ශීල භාෂාවෙන්
ඉදිරිපත් කරමින් රොසිනාගේ චරිතය රඟපාන විට එය නරඹන  මිනිස්සු පිඟානත්, මුවත් අතර ගෑරුප්පුවේ ස්පැනේ ස්පැගේත්ති එල්ලෙමින් ඇත්තෙන් ම නැවතී බලා සිටිති. ඔවුන්  මොන ආකාරයකින් හෝ කෑමට සතුන් මරන්නන්ගේ කණ්ඩායම්  හෝ එවැනි මිනිසුන් නොවේ. ඒ සියලුම මිනිස්සු තද නිල් ඇඳුම් කට්ටලවලින් සැරසුණු, තෙල් ගා හිස පීරූ, මුතු සහිත ටයි කටු පැලැඳි, ශිෂ්ට සම්පන්න වූවෝ වෙති. ලොම් ඇඳුම් හැඳි, බොහෝ ආභරණ පැලැඳී සිවුමැලි කාන්තාවෝ වූහ. මිලෝන් කවටයාගේ කොටස රඟපාන විට."එයා හරි ඉහළයි................. ඇත්තටම එයා හරි ඉහළයි ", ඔවුහු එකිනෙකාට කියා ගනිති. "කරුණාකර අපි එයා සොයා ගත්තා කියලා හැම දෙනාටම කියන්න.එපා ....... එහෙම නූනොත් එයා නරක් වෙන්න පුළුවන්." යළි කෙනෙකු අනතුරු අඟවමින් පවසනු ඇත. මිලෝන්ගේ අනෙකුත් අශිෂ්ට දේවල් අතර මා වැඩි විස්තර සඳහන් නො කරන, චරිතය වඩාත් හාස්‍යජනක කිරීම සඳහා එක්තරා අවස්ථාවක ඔහු මුවින් විශේෂ ශබ්දයක් නිකුත් කිරීමට පුරුදුව ඇති එක් ගීතයක් තිබුණි. ඉතින් ඔබ විශ්වාස කරනවද එම ගීතය යළි, යළිත් ගයන ලෙස ඉල්ලා සිටින්නේ එකී මනහර, කෝමල කාන්තාවන්ය.

මේ සියලු අත් පොලසන් දීමෙන් මිලොන්ගේ හිත තරමක් නොපිට ගොස් ඇති බව ඇත්ත වශයෙන් පිළිගත යුතුය. ඔහු වාසය කළේ චිම්මරා වීදියේ ඇඳුම් මහන්නියකගේ නිවසෙහි ලී බඩු සහිත අඳුරු තෙත කාමරයකය. ඔහු කැටුව ඒම සඳහා සෑම අවස්ථාවක ම මම එම නිවසට ගියෙමි. ඔහු කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන නව පිළිකුලක් ගෙන දෙන ග්‍රාම්‍ය කොටසක් පුහුණු වෙනවා මට දකින්නට ලැබේ. විශිෂ්ට නළුවෙකු රඟපෑමට සැරසෙන්නාසේ ඔහු සිය පෙරහුරුවට අඳුරු සහගත ශ්‍රේෂ්ටත්වයක් ඇතුළු කරයි. මම ඇඳ උඩ වාඩි වී පෙට්ටගම මත වූ කණ්ණාඩිය ඉදිරිපිට ඔහු උදරය කරකවා නාරි රඟපෑම් කරනවා බලා සිටින විට ඔහුට තරමක පිස්සුවක් නැත්තේ දැයි ඇතැම් විට මවිත වීමි. "ආකර්ෂණීය යමක්, සිත් සසල කරන යමක් නිර්මාණය කිරීමට දැන් කාලය නොවේද? '' දිනක් මම ඔහුගෙන් ඇසුවෙමි.

" තමුසේ ඒ ගැන දන්නා දෙයක් නෑ............මිනිසුන් කෑම කන විට ඔවුන්ට ඕනෑ හිනා වෙන්න. සසල වෙන්න නොවේ." ඔහු පිළිතුරු දුන්නේය." මම ඔවුන් සිනහ ගන්නවනවා." ඔහු සැර පරුෂ ලෙස වැඩිදුරටත් කීවේය.

මේ හාම අනවරත අභිවෘද්ධිය සඳහා ඇති එකම ලැදියාව නිසා උපහාසය වඩාත් හාස්‍ය ජනක කරනු වස්, එවේලේම ඇදගනු පිණිස ගැහැනු ඇඳුම් කීපයක්. උදාහරණයක් වශයෙන් කුඩා හිස් වැස්මක්, උතුරු සළුවක්, යට සායක් වැනි කුඩා ඇඳුම් පෙට්ටියක දමාගෙන යාමේ අදහස ඔහු තුළ තිබුණි. ගැහැනියක ලෙස ඇඳ පැලඳ ගැනීමේ මෙම දැඩි ආශාව සම්පූර්ණයන්ම වාගේ ඔහු තුළ තිබූ උමතුවක් බඳුය. කුඩා හිස් වැස්ම නෙතු යුග තෙක් පහත් කොට කලිසමට උඩින් පටියට යට ගවුම තද කොට ඔහු දුව පැන යනවා දැකීම කෙතරම් වේදනාකාරි ද යන්න මට පැහැදිලි කළ නොහැකිය. අන්තිමේදී තවත් ප්‍රයෝග පිළිබඳව සිතිය නොහැකි වූ හෙතෙම මා ගිටාරය වයද්දී ............. චාං යන ශබ්දය නගමින් කම්බිය ඇද අරින අවස්ථාවේ මාද විගඩමෙකු ලෙස එය කරනවා දකින්න ඔහුට වුවමනා විය. නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි.

දොළහත් තුනත් අතර සහ අටත් මධ්‍යම රාත්‍රියක් අතර අපි අපට හැකි තරම් ආපන ශාලා වලට ගියෙමු. අපි ඒවා දින අනුව සමූහ වශයෙන් ගත්තෙමු. එක් වේලාවක ස්පැග්නා චතුරශ්‍රය අවට ඇති ආපන ශාලා තවත් වේලාවක වැනීසියා චතුරශ්‍රය වටේ ඇති ඒවා, ඊළඟට ට්‍රැස්ටෙවරේ දිස්ත්‍රික්කයේ, යළි දුම්රියපොළ අසල ඒවා ආදී වශයෙන් එක් ආපන ශාලාවක සිට තවත් එකකට වීදි දිගේ කඩි මුඩියේ යන විට අපි කතාබහ නොකළෙමු. අප අතර සැබෑ දැඩි මිත්‍රත්වයක් නොවීය. අපේ චාරිකාව නිමවූ පසු වයින් සාප්පුවකට ගොස් මුදල් බෙදා ගත්තෙමු. ඒ වේලාවේ මා නිහඬව සිගරැට්ටුවක් උරන අතර මිලෝන් වයින් කාලක් බොයි. සවස් වරුවේ මිලෝන් කණ්ණාඩිය ඉදිරිපිට රඟපෑම පුහුණු වූ අතර මම නිදාගත්තෙමි. නැතහොත් චිත්‍ර පටියක් බැලීමට යන්නෙමි.
එක් සැඳෑවක උතුරු සුළඟ හමන විට ට්‍රැස්වෙරේ ආපනශාලා  රවුමේ ගොස් අවසානව රැඟුමක් ඉදිරිපත් කිරීමට වඩා අපම රත්වෙන අදහස ඇතිව මස්තයි චතුරශ්‍රය පිටිපස විසින් සාප්පුවකට ගොඩ වීමු. බිත්තිය දිගටම මේස තැබූ එය ගෘහාභ්‍යන්තර මාර්ගයක් වන පටු දිග කාමරයකි. තානායම්කරුගේ වයින් බොමින්, කඩදාසිවල එතු කෑම වර්ග කමින් මේස ළඟ සිටි බොහෝ දෙනෙකු දුප්පතුන්ය. ඒ ජාතියේ වයින් සාප්පුවකදී තමාම ප්‍රදර්ශනයක් වීමට මිලෝන් දිරීමත් කළේ. එය යහපත පිණිස නොවන නිසා බොරු අහංකාරය විය යුතුය. කෙසේ වෙතත් ඔහු, ඔහුගේ ගීතවලින් ඉතාම හොඳ එකක් තෝරා ගෙන තමාට සුපුරුදු විරිත්තීම්, විකාරවලින්, එය කසළ බිඳක් බවට පහත හෙළන ලදී. ඔහු එය අවසන් කළ පසු බොහෝ ඇල් මැරුණු අත්පොලසන් නාදයක් නැඟුණු අතර දැන් එය ඔබ වෙනුවෙන් මම කියනනම් " යනුවෙන් එක් මේසයන් අසලින් හඬක් ආවේය. මම හැරි බැලුවෙමි. මිලෝන් කන්න සුදනමින් වගේ රුදුරු බැලුම් හෙළාගෙන. දේව දූතයෙක් මෙන් රූප සම්පන්න. කාර්මිකයෙකුගේ ඕවර්ල් ඇඳුමකින් සැරසුණු පැහැපත් හිස කෙසින් යුත් තරුණ මිනිසෙකු මා දෙසට ඇවිදගෙන එනවා දුටිමි. "පටන් ගන්නවා නැවතත් මුල සිටම පටන් ගන්නවා හේ ආධිපත්‍යය සහිතව පැවසීය. තර්ජනයෙන් බියට පස් මිලෝන් වෙහෙසට පත්වූ සෙයක් අඟවා දොර අසල පුටුවක් මතට ඇද වැටුණි. තරුණයා මට පටන් ගන්නා ලෙස සංඥා කොට ගයන්නට පටන් ගත්තේය. නියම ගායකයකු මෙන් ඔහු හරියටම ගායනා කළ බවක් මම නොකියන්නෙමි. නමුත් ඔහු හැඟීමෙන් යුතුව, සියුම්, උණුසුම්, සුමුදු හඬකින් ගායනා කළේය. ඇත්ත වශයෙන් කෙනකු ගායනා කළ යුතු අයුරින් සහ ගායනා කළ යුතු ආකාරය ගීතය නියම කරන අයුරින් ගැයුවේය. ඒ පමණක් නොව, මා කලින් කී පරිදි, විශේෂයෙන් අරුචි පෙනුමෙන් යුෂ්, අඩු විශාල මිලානෝ සමඟ සසඳන විට ඔහුගේ මුදු ගැසුණු හිසකෙස් නිසා හේ ඉතා රූප සම්පන්නය. ඔහු ගායනා කරන අතර කනිවම ගැහැනු ළමයකු වාඩි වී සිටින මේසයක් දෙස නෙත් යොමා ගෙන ඇයට ගායනා කරන්නාක් මෙන් වයින් සාප්පුවේ ඇතුළු  පැත්ත දෙසට හැරුණේය. ඔහු ගායනය අවසන් කොට " ඔන්න ඔහොමයි සින්දු කියන්නේ' යි, පවසන්නට මෙන් මිලානෝ දෙසට දෑත් දිගු කොට විදහා සංඥාවක් කළේය. අනතුරුව ගැහැනු ළමයා සිටි මේසය දෙසට ආපසු ගියේය. ඈ වහා දෑතින් ම ඔහුගේ කර බදා ගත්තාය. ඇත්ත කියනවා නම් වයින් සාප්පුවේ සිටි අය අත්පොලසන් නාදය දුන්නේ මිලෝන්ට දුන්නාට වඩා අඩුවෙන් ය. ඔහු ගායනා කිරීමට කරදර වුණේ මොන එකකටද යන්න ඔවුන් කිසිවෙකුට කොහොමටවත් තේරුණේ නැත. නමුත් මම තේරුම් ගතිමි. මිලෝන්ද තේරුම් ගෙන තිබුණි.

මම වාදනය කරන අතර මිලෝන් දෙස බැලුවෙමි. ඇත්තෙන්ම නිදි කිරා වැටෙන කෙනෙකු අවදිව සිටීමට කරන දැඩි උත්සාහයක් මෙන් ඔහු කිහිප විටක් මුහුණ හරහාත්, නළලට වැටී ඇති කෙස් අස්සෙනුත් අත ගෙන යනවා දුටුවෙමි. ඔහුගේ මුහුණේ කලින් මා දැක නැති අමිහිරි පෙනුමක් සඟවා ගැනීමට ඔහු කළ උත්සාහය සාර්ථක නොවුණි. තරුණයා අලුත් ගීතයක් ආරම්භ කළ සෑම විටෙකම අමිහිරි ගතිය වැඩි දියුණු වූ බව දක්නට තිබුණි. අවසානයේ ඔහු නැගිට දිග ඇරී ඈනුම් යන සෙයක් අඟවමින් හොඳයි දැන් ගෙදර ඇඳට යන ...වෙලාව...............මට හරි නිදිමතයි '' කීවේය.

ඊළඟ දිනයට හමුවීම සඳහා චාරිත්‍රානුකූලව කරන නියම කර ගැනීමෙන් අනතුරුව වීදිය කෙළවරදී අපි වෙන්වීමු. අනතුරුව රාත්‍රි කාලයේදී සිදුවූ දෙය පසුව මම ප්‍රතිනිර්මාණය කළෙමි. නමුත් ඒ සියල්ල විශ්වාස මාත්‍රයකි. මිලෝන්ගේ හිස විකෘතිව ඇති බව මා කියා ඇත. ඔහු කිසියම් ආකාරයකින් උසස් කලාකරුවකු බව ඔහු ම විශ්වාස කළේය. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු මිනිසුන් කෑම කනවිට විනෝදයට පත් කිරීම සඳහා විගඩම් රඟ පෑ කාලකණ්ණියකු පමණි. ඕවරෝලය හැදි ශෝභන හිසකෙසින් යුත් තරුණායගේ ඉංගිතිය නිසා ඇති වූ ඇද වැටීම අති මහත්ය. තරුණයා ගායනා කරන අතර තමා කවරකු ද යන්න මෙතෙක් ඔහු සිතා සිටි ආකාරයට නොව.සැබෑව නම් තමා අදක්ෂ බරොන්තියක් ඇඳගෙන ළමා ගී ගායනා කරන අවුරුදු පනහක තඩි මිනිසකු බව හදිසියෙන් ම ඔහු තමන් ගැනම තේරුම් ගන්නට ඇති බව මම සිතමි. යක්ෂයා සමඟ ගිවිසුමක් ඇති කර ගත්තත් ඔහු කවදාවත් ගීත ගායනා කිරීමට නොහැකි වනු ඇතැයි අවබෝධ කරගත් බවද මම සිතමි. ඇත්ත වශයෙන් ඔහුට කළ හැකි වූ සියල්ලම මිනිසුන් සිනහ ගැන්වීමයි. ඔවුන් සිනහ ගැන්වීම පිණිස ඔහු සමත් වූ එකම මාර්ගය යම්කිසි දේවල් සමව්චලයට ලක් කිරීමට අල්ලා ගැනීමය. ඒ දේවල් එසේ සිදු විය. ඔහුගේ ම ජීවිතය තුළ තිබීමෙන් ඔහු කිසිදාක සාර්ථක නොවූ දේවල්ම ය.

නමුත් මා පැවසූ පරිදි ඒ සියල්ල විශ්වාස මාත්‍රයක් පමණි. නිශ්චිත එකම දෙය කුරුළු කූඩුව නිතර එල්ලා තිබෙන තැන ජනේලයටත් තිරයටත් අතර එල්ලී සිටිනු පසුවදා ගෙවල් හිමිකාරිය වන ඇඳුම් මහන්නියට හමුවීමය. චිම්මරා පාර පසුකොට යන්නෝ ඔහු දුටහ. ඔවුන් ජනේලයෙන් බලන විට කකුළු ජෝජුවක් සහ පාද ජෝඩුවක් එල්ලෙමින් තිබෙණු දුටහ. සෑම දිවිනසා ගන්නන් සේම කුඩු කේඩු, ඔහු දොර අගුළු ලා, මුහුණ බලන කණ්ණාඩිය සවිකර ඇති පෙට්ටගම එයට හේත්තු කොට තිබුණි. ඇතැම් විට ඔහුගේ රඟපෑම් පෙරහුරුවේදී මෙන් තොණ්ඩුවට හිස දමන කතිකාව ඔහුටම බලා ගන්නට වුවමනා වූවා විය හැකිය. කොයි හැටි වුවත් දොර කඩන්නට සිදු විය. මුහුණ බලන කණ්ණාඩිය පෙරළී කුඩු පට්ටම් විය. ඔහු වළ දැමීමට ගෙන යද්දී ඔහුත් සමග ගිය එකම තැනැත්තා මා ය. මේ වතාවේ ඔහේ ගිටාරය නොමැතිවය. ඇඳුම් මහන්නියට අලුත් කණ්ණාඩියක් දැමීමට සිදු විණ. නමුත් ඒ හා සමාන මුදලකට ලණුව විකුණාගෙන ඕ සැනසුණා ය.

පරිවර්තනය : නිමල් ඒ. වීරතුංග



අදහස් (0)

කවටයා

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

අවුරුදු
2025 අප්‍රේල් මස 29 34 0

ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ


රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 552 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 490 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 165 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 495 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 694 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 367 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1123 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site