IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජර්මනියේදී ගහපු හයට පොහොට්ටුවෙන් චියර් එකක්

ජර්මනියෙ දි දුන්නා නේද?

බදාදා දිනයේ දී ජනපති හමුවූ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇදගත්හ. රට වෙනුවෙන් මෙන් ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළහ. 


“සුදු හම දැක්කම ඔක්කොම බය වෙනවා. හැබැයි ජනාධිපතිතුමා සෘජුව කිව්වා අපිව දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට දාන්න එපා කියලා. එය ඉතාම අගය කළ යුතුයි.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේ ය.

“ජනාධිපතිතුමා විදේශ රටවලට ගිහින් ලංකාව ගැන කතා කරනකොට විපක්ෂයේ අයගේ ඇස්වල කටු අනිනවා වගේ. හැබැයි ඔබතුමා ජර්මනියේ දීම කිව්වා ශ්‍රීමත් ගරු නාම භාවිත කරන්නේ නෑ කියලා. හැබැයි ශ්‍රීමත් භාවිත කළ කෙනාගේ පුතා තමයි අද ගොඩක් කලබල වෙලා තියෙන්නේ.” මන්ත්‍රී දොළවත්ත කියද්දී සැමට සිනහව නතර කර ගත නොහැකි විය.

“හැබැයි එයා තමයි තාත්තා බෝම්බයට අහුවෙලා මැරුණට පස්සේ අම්මට ජනාධිපතිකම ගන්නා බැරි ද කියලා ඇහුවේ. ඒ අම්මව බලා ගන්නේ නෑ. මදුරු කොයිල් එකත් එතුමියට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ල ගන්න වෙලා. හැබැයි පුතා නම් රට වටේම ගිහින් අල්ලස් දීලා මිනිස්සු මුළා කරනවා.” ඩී.බී. හේරත් රාජ්‍ය අමැතිවරයා කීවේ ආවේගයෙනි.
මන්ත්‍රීවරියන් පිරිසක් පැමිණ ජනපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ බැංකු ඇතුළු සමහර රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් කිහිප දෙනෙක් හිතු මනාපෙට වැඩ කරමින් ඒ ආයතන කඩා වට්ටන බව කියමිනි.


“සර් මේ සීල් අරක්කුවල මිල වැඩි කරලා නිසා දැන් හුඟක් දෙනෙක් හොර මත්පැන්වලට ගිහිල්ලා. මේ ගැන මට කාන්තාවෝ රැසක් පැමිණිලි කළා. අනෙක් පැත්තෙන් රටට ආදායමක් එන්නෙත් නෑ.” ඇමැති ප්‍රසන්න රණවීර කියද්දී එහි සිටි සෙසු මන්ත්‍රීවරුන් “දැන් මෙතුමත් අමද්‍යප වෙලා” යැයි කියද්දී සැවොම කොක් හැඩලූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටලු ගැන මන්ත්‍රීවරුන් විමසද්දී ජනපති කීවේ අපට ජනතාව මත තවත් බර පැටවිය නොහැකි බවකි. “ජනතාව කැපකිරීම් කරලා තියෙනවා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා නෑ. මේ ආයතන දැනගන්න ඕනේ තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න. 2024 ඉඳලා ආදායම් එකතු කරන හැම ආයතනයකටම මම ඉලක්කයක් දෙනවා.” ජනපති කීවේ දැඩිව ය.

එහි සිටි මහින්දානන්ද මන්ත්‍රීවරයා ද එවිට රේගුවේ ඇති ගැටලු කිහිපයක් පෙන්වා දුන්නේ ය. “ඔව් අයි.එම්.එෆ් එකත් ඒ ගැන කියලා තියෙනවා.” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද කතාවට එක්විය.


“අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ සම්මේලනයට රජයේ මුදල් වියදම් කරගෙන ගියා කියලා විපක්ෂ නායකතුමා බොරු කියනවා. හැබැයි රාජ්‍ය මුදල් වැඩියෙන්ම නාස්ති කරන්නේ එතුමා. විපක්ෂ නායක කාර්යාල වැය ශිර්ෂය යටතේ වෙන් කරන මුදල් මාස 6 න් ඉවරයි. ඒ නිසා ඔබතුමා කමිටුවක් දාලා හරි විපක්ෂ නායක කාර්යාලයේ වියදම් ගැන හොයන්න.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කියද්දී ජනපති සිනාසෙමින් හිස සැලු‍වේ ය.

සරත් වීරසේකර මූල්‍ය අරමුදලේ  කොන්දේසිවලට එරෙහිව

පාර්ලිමේන්තු සතියක් නිසා  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. කැබිනට් රැස්වීම හමාරවීමෙන් පසුව පැවති මෙම රැස්වීමට මැති ඇමැතිවරු රැසක් සහභාගි වී සිටියහ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග දිවයිනේ නොමැති නිසා එම කාර්යභාරය කරන්නට සිදු වූයේ සභානායක සුසිල් ප්‍රේම ජයන්තටය. මුදල් අමාත්‍යාංශයට අදාළ රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තිබූ බැවින් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු කිහිපදෙනෙක් ද කැඳවනු ලැබ සිටියහ.


ඒ අනුව, මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම්  මහින්ද සිරිවර්ධන සහ  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්.  සමරතුංග යන නිලධාරීහු ද ඊට සහභාගී වී සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඊළඟ වාරිකය ප්‍රමාද වීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතු කරන ඇතැම් කාරණා සම්බන්ධයෙන් එම  නිලධාරීහු මැති ඇමැතිවරුන් දැනුවත් කළහ. බදු අය කර ගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු‍කාරී තත්ත්වයක් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ යැයි එම නිලධාරීහු කියා සිටියහ.


මේ කතාබහෙන් අනතුරුව සරත් වීරසේකර මන්ත්‍රීවරයා නැගී සිටිමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕනෑ හැටියට ජනතාවගෙන් බදු  අය කිරීම ගැන තමන් බලවත් සේ විරුද්ධ බවය. ඔහු කීවේ  නැවත වරක් මේ ආකාරයේ බදු වැඩි කළහොත් මන්ත්‍රීවරුන්ට පාරට බහින්නවත් බැරි තත්වයක් නැවත උදා වනු ඇති බවය. ඒ නිසා බදු අය කිරීමට කිසිසේත් එකඟ විය නොහැකි බව ඔහු කීවේය. එහෙත් කිසිවකුත් සරත් වීරසේකරට උත්තර දෙන්නට ඉදිරිපත් නොවීය


මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය  ඒ ගැන නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා චෝදනා මුඛයෙන් කතා කළේය. ඔහු කීවේ ඔවුන් මෙම වෘත්තිය  ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ආයතනය වත් කලින් දැනුවත් නොකර බවය. ජනාධිපතිවරයා කිව්වේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන පෙබරවාරි වන විට විකුණා දමන ලෙසය. තවදුරටත් එහි බරට කරගැසීමට රජයට නොහැකි බවද ජනාධිපතිවරයා කීවේය.

 

 රනිල්ගේ කතාවට  චූන්  මන්ත්‍රී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ  කළ සංචාරයකදී රූපවාහිනී  නාලිකාවක්  සමග කළ  සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  උත්තර දුන් ආකාරය ගැන  ගිය සතියේ බොහෝ දෙනාගේ  අවධානය යොමු විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකරන බව කී ජනාධිපතිවරයා බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව දෙවැනි තැනට දා කටයුතු කිරීමට විරෝධය  පළ කෙළේය. ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ මේ කතාව අගය කරමින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා  කතා කළේය. ඔහු කීවේ ජනාධිපතිතුමාගේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් තමාට විවේචනයක් තිබෙන නමුත්,  ජනාධිපතිවරයා එදින ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ හැසුරුණු ආකාරය ගැන තමාට ජනාධිපතිවරයා පිළිබඳව ගෞරවයක් තිබෙන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මෙන්ම හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ සිටියේ තරමක් නිහඬ වෙලාය. ඔහු ගිය සතියේ හදිසියේම යළි කරළියට බැස්සේය. හිටපු ජනාධිපතිවරයා සුපුරුදු පරිදි පන්සල්වලට යමින්  හදිසියේ කලඑළි බැසීම ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගෙන තිබේ.

 

ඇල්ලේ ගුණවංශ හිමි,  මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි ඇතුළු ප්‍රධාන පෙළේ හිමිවරුන් කිහිප දෙනෙකුම බැහැදුටු හිටපු ජනාධිපතිවරයා විදුලි බිල නැවත වැඩි කිරීමට ආණ්ඩුවේ සූදානම ගැන ද තරම විවේචනයක් කළේය. ඔහු කීවේ ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ය. මේ අතර, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ නැවත රට පාලනය කිරීමේ අදහසක් තමාට නොමැති බවය. සමහරුන් කියන්නේ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ඇති බවය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය  සම්බන්ධයෙන් පොහොට්ටුව ගන්නා තීරණය තවමත් පැහැදිලි නැත. ඊට හේතු වී ඇත්තේ පොහොට්ටුව ද කල්ලි  කණ්ඩායම් කීපයකට කැඩී බිඳී ගොස් තිබීමය. පොහොට්ටුවෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැනද කතා බහක් මතුව තිබේ. ගිය සතියේ පැතිර ගිය ආරංචිය වූයේ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයෙකු ජනාධිපති වරණයට ඉදිරිපත් කිරීමට පොහොට්ටුව සූදානම් වන බව ය. එහෙත්   පැතිර යන තවත් ආරංචියක් වන්නේ පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ඉදිරිපත් වනු ඇති බවය.

 

අනුර යාපලා  මෛත්‍රී හමුවෙති

පොහොට්ටුවෙන් කැඩී  වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම ඉකුත් සතියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් හමුවී ඇත. මේ හමුව සිදුවූයේ හිටපු  ජනාධිපතිවරයාගේ නිවසේ ය. අනුර යාපලාගේ  කණ්ඩායම වෙනුවෙන් නිමල් ලංසා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ  උපසභාපතිවරයකු වන ෂාන්  විජය ලාල් ද සිල්වා, වැඩබලන මහලේකම් සාරතී  මිත්‍රපාල, අංගජන් රාමනාදන් සහ ආචාර්ය  චමීර ලියනගේ ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වූහ. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමද ලන්සලාගේ කණ්ඩායම සමඟ සමීපව කටයුතු කළත් මේ සාකච්ඡාවට ඔවුහු කිසිවෙක් සහභාගී නොවූහ.

සාකච්ඡාවේදී අනුරයාපා කීවේ ඉදිරියේ දී කටයුතු කිරීම සඳහා නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගිය යුතු බවය. පොහොට්ටුව ගැනත්, ජාතික ජනබලවේගය ගැන මෙන්ම, ඩලස්ලාගේ කණ්ඩායම් ගැනත් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර එම පිරිස කියා සිටියේ ඔවුන් සමග සන්ධානයක් ගොඩ නැගිය නොහැකි බවය. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය අනුව නම් ඔවුන්ට බලයට ඒමට ඉඩනොදිය යුතු යැයි ලන්සා කීවේය. ඒ සමඟම එම පිරිස කීවේ සජිත් ප්‍රේමදාසට ද පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවය. සජිත් ප්‍රේමදාසත් සමගි ජන බලවේගයත්  පරිණත ලෙස හැසිරෙන්නේ නැති බවද ඔහු කියා සිටියහ.

ලන්සලාගේ  කණ්ඩායම ගනුදෙනු කරන්නේ ජනාධිපතිවරයා සමඟය. එහෙත් මේ පිරිස ජනාධිපතිවරයා ගැන හොඳ හෝ නරක කියන්නට කලබල නොවූහ. මේ පිරිස ජනාධිපතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ද ස්ථිරය. ඒත් ඔවුහු  ඒ බව නොකියා පොදු සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය සමග සාකච්ඡා කළහ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේ නව වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ගොඩනැගෙන සන්ධානයක් අවශ්‍ය බවය. එවැනි සන්ධානයක් වෙනුවෙන් ශ්‍රීලනිපය ද කැප වී සිටින බව ඔහු කීවේය. ෂාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයා කීවේ අලු‍ත් සන්ධාන ගැන වැඩපිළිවෙළවල්  ගැන  මාධ්‍ය වලින් දැන් කතා වෙනවා. එහෙම ප්‍රායෝගික වැඩපිළිවෙළක් නම් මට නම් පේන නැහැ”‍ යනුවෙනි.


මේ අතර ඉදිරියේදී ඉදිරිපත් කිරීමට  නියමිත අයවැය  ගැනද සාකච්ඡා විය. ලබන වසරේ මැතිවරණ කිහිපයක් එන නිසා එය ඉලක්ක කරගෙන සහනයක් ලැබෙන අයවැයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව මෛත්‍රී කීවේය. එහෙත් අනුරයාපා කීවේ එවැනි අයවැයක් ඉදිරිපත් කිරීමට කිසිදු වාතාවරණයක්  නොමැති බවය. ඔය කියන කිසිම සහනයක් දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  එකඟ වෙන්නේ නෑ. ඉදිරියේදී ණය ගෙවන්නත් තියෙන නිසා ඩොලර් අවශ්‍ය වෙනවා. බදු වැඩි කරන්න වෙයි. ඒ නිසා සහන අයවැයක් නම් බලාපොරොත්තුවෙන්න බැහැ යනුවෙනි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පසුගිය කාලය පුරා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හමුවිය. මුලින්ම ජනාධිපතිවරයා හමුවූ එම කණ්ඩායම පසුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන පක්ෂවල නායකයන් ද හමු විය. එම පිරිස ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද හමුවූහ. වෛද්‍යවරුන් රට හැරයාම බරපතළ අර්බුදයක් බවත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුහු එම සාකච්ඡාවේදී කියා සිටියහ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පසුගිය කාලය පුරා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හමුවිය. මුලින්ම ජනාධිපතිවරයා හමුවූ එම කණ්ඩායම පසුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන පක්ෂවල නායකයන් ද හමු විය. එම පිරිස ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද හමුවූහ. වෛද්‍යවරුන් රට හැරයාම බරපතළ අර්බුදයක් බවත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුහු එම සාකච්ඡාවේදී කියා සිටියහ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  නියෝජිතයන් කියා සිටියේ වෛද්‍යවරුන්ට ජීවත්වීමට හැකි වැටුපක් මෙන්ම  අනෙකුත් පහසුකම් ද ලැබිය යුතු බවය. ඔවුන් රට හැරදමා යන්නේ එම පහසුකම් නොලැබෙන නිසා බවද ඔවුහු  කීහ. හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමද විද්වතුන් රට හැරයාම බරපතළ ගැටලු‍වක් බව කියූ නමුත්, වෛද්‍යවරුන් ගැන විශේෂ කොට කතා කිරීමට පරිස්සම් විය. ඔවුන් කියා සිටියේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්  රට හැර යාම හරහා සිදුවන බුද්ධි ගලනය බරපතළ ගැටලු‍වක්  බවය.

සමාජ මාධ්‍ය  මර්දනයට එරෙහිව  ජී.එල්, මද්දුම බණ්ඩාර  සටනට

සමාජ මාධ්‍ය නියාමනය නමින් නව පනත් කෙටුම්පතක් ආණ්ඩුව ගිය සතියේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි හොඳ මෙන්ම නොහොඳ ගැන ද මේ වන විට  සමාජයේ  බරපතළ කතාබහක් ගොඩ නැගී තිබේ. විපක්ෂයේ සියලු‍ දෙනාම සිටින්නේ එම පනතට එරෙහිව ය. පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයත්, ඩලස්ලාගේ නිදහස ජනතා සභාවත් ගිය සතියේ අධිකරණයට ගියේය. සමගි ජන බලවේගය වෙනුවෙන් ඊට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරය. නිදහස ජනතා සභාව වෙනුවෙන්  මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා  අධිකරණයට ගියේය. ඔවුන්ගේ  තර්කය වී ඇත්තේ සමාජ මාධ්‍ය දඩයමක් මේ හරහා සිදුකරන බවය.

 

■ ගජබා

 

 



අදහස් (0)

ජර්මනියේදී ගහපු හයට පොහොට්ටුවෙන් චියර් එකක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 187 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1743 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site