
ආචාර්ය පාලිත කොහොන මහතා සමඟ හසලක ගාමිණීගේ මව පොල්තෙල් පහන දැල්වීමට එක්වී...

ගෝලීය සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා (වම්පස) සහ උළෙලට සහභාගීවූ පිරිසෙන් කොටසක්.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ඩුබායි ශාඛාව විසින් සංවිධානය කරන ලද 9 වැනි විජයග්‍රහණ සැමරුම් උළෙල ඩුබායි හි බ්ලූ රැඩිසන් හෝටලයේදී පසුගියදා උත්සවාකාරයෙන් පවත්වන්නට යෙදුනු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ හසලක ගාමිණී වීරයාගේ මව වන වයි.ජී. ජුලියට් මාතාව හා විදේශ අමාත්‍යාංශයේ හිටපු ස්ථීර ලේකම් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතායි.
ප්‍රධාන ආරාධිත කථිකයා ලෙස පැමිණි පිරිස ඇමතූ කොහොන මහතා, වසර 27ක් තිස්සේ කළ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයකින් පසු අප ලද ජයග්‍රහණයේ වටිනාකම පැහැදිලි කළේය.
මේ මොහොත වෙනවිට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව හා රණවිරුවන් පත්ව ඇති තත්ත්වය හා එයින් මිදීමක් ලබාගැනීමට අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග ගැන ද එතුමා දීර්ඝ ලෙස විස්තර කරමින් පැවසුවේ යුද්ධය ජය ගැනීමටත් වඩා ලබාගත් ජයග්‍රහණය රැක ගැනීම වඩා අපහසු හා අත්‍යාවශ්‍යම කාරණාව බවයි. අපගේ විදේශ ප්‍රතිපත්තිය නිසි අයුරින් පවත්වාගත යුතු බවත් එය විවිධ තැන්වලදී විවිධාකාර හැඩ නොගත යුතු බවත් පැවසූ එතුමා මානව හිමිකම් කවුන්සලය 30/1 යෝජනාව ගෙන ආ මොහොතේ අප රට විසින් එය පිළිගත් නිසාවෙන් දැනට රටට විරුදු වූ අභාග්‍ය සම්පන්න තත්ත්වය උද්ගතව ඇති බවත්, අද පවා රජයට අවංක ඕනෑකමක් වේ නම් එම එකඟතාවෙන් ඉවත් වී රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ හැකි බවත් පවසමින් ඉතා හරවත් දේශනයක් කරන ලදී.
ගෝලීය සංසදයේ සභාපති සුනිල් චන්ද්‍ර කුමාර හා එම සංසදයේ ඕමාන් ශාඛාවේ නිලධාරිනියක් ද සභාව ඇමතූහ.මෙහිදී ජුලියට් නෝනා මාතාව විසින් හසලක වීරයාගේ පිළිරුවක් ද විවෘත කරන්නට යෙදින.
සුරංගි අතුකෝරල
සාජා සිට
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඩුබායි හි පැවති 9 වැනි විජයග්‍රහණ සැමරුම