IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වතිකානය තුළ දුම්වැටි වෙළඳාමට තහංචියක් මතට තිතත් ළඟදීම පැනවෙන ලකුණු !

ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, වතිකාන රාජ්‍ය තුළ සියලුම වර්ගයේ දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙන නියෝගයක් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් නිකුත්කරනු ලැබ ඇත. මිනිසාගේ සෞඛ්‍යමය හේතූන් මත කෙරෙන මෙම තහනම පිළිබඳව වතිකාන පුරවැසියන් අතර තරමක නොසන්සුන් බවක් පැන නැගී ඇති බව ද වාර්තා වේ. ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ වතිකාන රාජ්‍ය තුළ බොහෝ දේ පිළිබඳව සීමා නීතිරීති පනවතැයි ඇතැමුන් චෝදනා කරති. 


පසුගිය සති කීපයක සිට වතිකාන වෙළෙඳසැල්වල දුම්වැටි තොග අවසන් වෙමින් ඇතුව ද, නැවත සැපයීමෙන් වැළකී සිටින බවක් ද පෙන්නුම් කරයි. 


ලොව සුප‍්‍රසිද්ධ නිෂ්පාදන බොහොමයක් වතිකාන රාජ්‍ය තුළ අළෙවි වෙන්නේ තීරුබදු රහිතව ය. මේ අතර ලොව ප‍්‍රධාන පෙළේ දුම්වැටි ද, සුවඳ විලවුන් වර්ග ද, ෙඖෂධ වර්ග ද, ඉන්ධන හා මත්පැන් වර්ග ද වේ. එහා දොරකඩ ඉතාලි වෙළෙඳසැලක විකුණුම් මිලට වඩා වතිකාන වෙළෙඳසැලක සිගරට් බණ්ඩලයක මිල සියයට විස්සක ප‍්‍රතිශතයකින් අඩු ය. එහෙත් වතිකාන වෙළෙඳසැල්වලින් ද්‍රව්‍ය මිලට ගැනීමට හැකිවෙන්නේ වතිකාන පුරවැසියන්ට හා රාජ්‍ය තුළ නිදහසේ ගැවසීමට අවසරය ඇති වතිකාන සේවකයන්ට පමණි. 


දුම්වැටි අළෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙන පළමු රාජ්‍ය ලෙස වතිකානය ඉතිහාසගත වෙනු ඇත. ඉදිරි දිනවලදී ෆ‍්‍රැන්සිස් පාප්තුමා විසින් වතිකානය තුළ මත්පැන් අළෙවිය තහනම් කෙරෙන නියෝගයක් ද පැනවීමට සූදානම් බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි. 


ඡායාරූපය ඔස්කාර් සම්මාන දිනූ ‘‘ද යන්ග් පෝප්’’ චිත‍්‍රපටයෙනි. 


ගැස්කොන් ලාසරස්. 
රෝමය, ඉතාලිය. 



අදහස් (0)

වතිකානය තුළ දුම්වැටි වෙළඳාමට තහංචියක් මතට තිතත් ළඟදීම පැනවෙන ලකුණු !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site