IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නව කොරෝනා වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරයි

සංස්කෘතික ඇමැතිවරයා පළමු ගොදුර වෙයි

 

මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය. 


ඒ අනුව 12 වැනි බ්‍රහස්පතින්දා වෙන විට ප්‍රංශ පාර්ලිමේන්තුව නියෝජනය කරන සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති 46 හැවිරිදි ෆ්‍රැන්ක් රිස්ට්‍රේ ඇමැතිවරයාට ද මෙම වෛරසය ශරීරගතවී ඇති බව සොයාගෙන ඇති අතර නිරෝධායන කාලය ගත වෙන තුරු ඔහුගේ නිවසේ රැඳී සිටීමට සිදුවී ඇත්තේය. කෙසේ නමුදු ඔහු කොරෝනා වෛරසයට අසුවෙන විට විවිධ ප්‍රධාන උත්සව ගණනාවකට හා ඇමැති මණ්ඩල රැස්වීම්වලට සහභාගීවී ඇති බැවින් ඒ කාලසීමාව තුළ ඔහු සමග ළඟින්ම ඇසුරු කළ සියලුම පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කරමින් තිබේ. 


ඒ සමගම ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 7 දෙනෙකුද මෙම වෛරසයට ගොදුරුවී ඇති අතර ඔවුන් සියලු දෙනාටද වෛද්‍ය නිරීක්ෂණ සහිතව නිරෝධායන කාලය පසුවෙන තුරු තම නිවෙස්වල රැඳී සිටීමට සිදුවී ඇත්තේය. ඔවුන් අතර ජනාධිපති මැක්රොන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුද, සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු හා දක්ෂිණාංශික පක්ෂයේ එක් මන්ත්‍රී කෙනෙකුද වේ. 


පසුගිය සතියේ පාර්ලිමේන්තු ආපන ශාලාවේ සේවය කරන සේවකයෙකුට මෙම වෛරසය වැළඳී ඇති බව සොයා ගැනුණු අතර ඔහුටද තම නිවසේ රැඳීසිටීමට සිදුවූයේය. ඉහත සේවකයා මගින් පාර්ලිමේන්තුවේ අනෙක් අයටද මෙම රෝගය වැළඳෙන්නට ඇතැයි සැක පහළවී ඇත්තේය. මන්ත්‍රීවරු 577ක් නියෝජනය කරන ප්‍රංශ පාර්ලිමේන්තුවේ සේවකයන් 4000ක් පමණ සේවය කරනු ලබයි. 


මේ වෙන විට ප්‍රංශයේ එවැනි රෝගීන් 1412 දෙනෙකු සොයාගෙන ඇති අතර 48 දෙනෙකු මියගොස් ඇත්තේය. මියගිය පිරිස අතර වැඩි දෙනෙක් වයස අවුරුදු 60 සීමාව ඉක්මවූ අය වීමද විශේෂත්වයකි. ඊට අමතරව ආවරණය කරන ලද ස්ථානවල 1000කට වැඩි පිරිසක් එකතුවීමද මේ වෙන විට ප්‍රංශ රජය විසින් තහනම් කොට ඇත්තේය. 11 වැනි බදාදා පැරීසියේදී ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැති පැරිස් සෙන්ට් ජර්මාන් හා ජර්මනියේ ඩොර්ට්මුන්ඩ් පාපන්දු කණ්ඩායම් අතර අර්ධ අවසන් යුරෝපා පාපන්දු ලීගයේ තරඟයෙන් පැරිස් කණ්ඩායම ජයග්‍රහණය කළේය. 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට 



අදහස් (0)

නව කොරෝනා වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 27 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site