IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


රට යන්න පුලුවන්ද , බැරිද ? කේන්දරෙන් ඔබම බලාගන්න

අදහස් දැක්වීම - සමස්ථ ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ සභාපති, වාස්තු උපදේශක, පි.ඩී දිශාන්ත අජිත් ලත්පඳුර බදුරලිය .

 

විදෙස් රටකට යන්න ඉන්න ඔබට පිහිටි ග්‍රහ යෝග 


"යමෙකුට තම උපන් භූමියෙන් පිට වෙනත්  රටකට යාමට, රැකියාවකට යාමට, පදිංචියට යාමට වාසනාවක් තියෙන්න ඕන.  විදේශගත වීමට බලාපොරොත්තු වන සියලු දෙනාටම එම වාසනාව නෑ. විටෙක එය ගොඩබිම ගමනක් වෙන්න පුලුවන් . තවත් විටෙක එය  ගුවන් හෝ මුහුදු ගමනක් වෙන්න  පුලුවන් . මේ සඳහා හේතුවන ග්‍රහයෝග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉන් කිහිපයක් සදහන් කරන්න  පුලුවන් . පහලින් සදහන් කර ඇති කරුණක් ඔබට තිබූ පමණින් එය ක්‍රියාත්මක වන්නේ නෑ. ඊට පවතින දශා,  උත්පත්තිය, ග්‍රහ රටාව , ග්‍රහ ගෝචරය බලපනු ලබනවා. විදේශගත වීමට ඇති ග්‍රහයෝගය ක්‍රියාත්මක විය හැකි දශාවන් ලැබිය යුතුයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් චර රාශි වලින් උත්පත්තිය ලැබීම වැදගත් වනවා. චර යනු සංචරණයයි. චර රාශි වන්නේ මේෂ ,කටක, තුලා, මකරයි. උභය රාශි එනම් මිථුන, කන්‍යා, දනු, මීන ලග්න වලින් උපන් අයට සාමාන්‍ය අවස්ථාවක් තිබෙනවා. වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ තිර රාශි වලින් උපන් අයට විදේශගත වීමට, විදේශ පදිංචියට ඇති අවස්ථාව සාපේක්ෂ ලෙස අඩුයි. නමුත් තිර රාශි හිමියන්ගේ පවා ජන්ම කේන්ද්‍රයේ ප්‍රබල සංචරණ යෝග යෙදී සුදුසු දශාවක් ලදහොත් විදේශගත වෙන්න පුලුවන් . සාපේක්ෂ ලෙස චර රාශි හිමි අයට අවස්ථාව වැඩියි.
එසේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි ලෙස බෙදා ඇති රාශි චක්‍රයේ ආපෝ කාණ්ඩයට අයත් එනම් ජල  කාණ්ඩයට අයත් රාශී වලින් උපන් අයට විදේශගත වීම්  , සමුද්‍ර තරණය කිරීමේ අවස්ථා වැඩියි. එම ලග්න වන්නේ කටක, වෘෂ්චික, මීනයි.
ලග්න වලින් එසේ පහසුව ලැබෙන විට පහත සඳහන් ග්‍රහයෝග ද බලවත් වී විදේශගත වීමට මග පෑදේ. රාහු, සඳු ශති,සිකුරු,ජල කාණ්ඩයේ ලග්න වල බලවත්ව සිටීමද වැදගත්.
එසේම කේන්ද්‍ර සටහනේ 5,9,12 අධිපති දශාම්ස සටහනේ සංයෝග වී ඇති අයට විදේශගත වීමට අවස්ථාව තිබෙනවා. එවැනි අය උසස් අධ්‍යාපන කටයුතු ලැබූ වෘත්තිකයින් වනවා. ඔවුන් ඉගෙනුමට  වුවද යන්න පුලුවන්. 
ජන්ම කේන්ද්‍රයේ වීසා ලැබීමට වැදගත්වන  9 වැන්න හා 12, 10  වැන්න අධිපතීන් සංයෝග වූ කළ , බලවත් වූ කල අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න පුලුවන් . එවැනි අය ලෝකයේ ප්‍රචලිත වනවා. 
ලග්නාධිපති 07 වැන්නේ  පතිත වූ කල ජාත්‍යන්තර සබඳතා සඳහා විදේශගත වෙන්න පුලුවන්. 11  වැන්න අධිපති 6 වැන්නේ තැන්පත් වීම විදේශ රැකියා වලින් ධනය ඉපයීමට භාග්‍ය ඇති කරයි. කටක, වෘෂ්චික, මීන ලග්න හිමියන්ට ඉගෙනුමට විදේශගත වුවද පහසුවෙන් දිගු කලක් විදේශ රැකියා කල හැකියි. අන් ලග්න හිමියන්ට වඩා ඔවුන්ට එම අවස්ථාව වැඩියි. 

වන්දනා ගමන් සදහා විදේශගතවනවානම්, 

 වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පිරිසක් ඇත. ජන්ම කේන්ද්‍රයේ කර්මස්ථානයේ සදු, රාහු  යෝග වීම වන්දනා කටයුතු වලට විදේශගත වීමට මඟ පාදයි. එසේම කටකය තුන් වැන්න වී එහි සදු තැන්පත් වීම මීන රාශිය 03 වැන්න වී එහි සඳු තැන්පත් වීම ඉතා පහසුවෙන් වන්දනා කටයුතු සඳහා විදේශගත වීමට අවස්ථාව ඇති කරයි. 12 වැන්න අධිපති ග්‍රහයා 5 වැන්නේ තැන්පත් වීමද වන්දනා කටයුතු වලට විදේශගත වීමට අවස්ථාව ඇති කරයි. තුලා ලග්න හිමියන්ගේ බුධ , සිකුරු දෙදෙනා 04 වැන්නේ  යෝග වීමද රැකියා කටයුතු වලට විදේශගත වීම ඇති කරයි.
ධනු ලග්නයෙන් ඉපදී 6 වැන්න හා 11 වැන්න අධිපති සතර වැන්න හා ලග්නය අධිපති ගුරු සමග 4 වැන්නේ යෝග වීම ද උසස් අධ්‍යාපනයට විදේශගත වීමට හා විදේශ රැකියා සඳහා විදේශගත වීමට හැකියාව ඇති කරයි.
වෘෂභ , තුලා, මීන ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහයා ලග්නයේ හෝ ධන භාවයේ හෝ මන්දභාවයේ කර්මස්ථානයේ පතිත වී ඇති විට සිකුරු දශාවක් ලැබූ කල්හි ඉතා පහසුවෙන් විදේශගතවේ. සිකුරු අතුරු දශා කාලවලදී ද අවස්ථාව ලැබේ. කලා කටයුතුවල නියුතු අයට  ඉතා පහසුවෙන් එම කටයුතු සඳහා විදේශගත වීමට එය අවස්ථාවක් වෙයි. ලග්නාධිපති 4 වැන්නාධිපති 12ස් වැන්නේ සිටීමද විදේශගත වීමට  විදේශයක පදිංචි වීමට රුකුලක් වේ. බලවත් වූ පාප ග්‍රහයකු ලග්නයේ සිට සුදුසු දශාවක් ආ  කල විදේශගත කරයි. ධනු ලග්නයෙන් හෝ මීන ලග්නයෙන් ඉපදී කුජ ධනස්ථානයේ තැන්පත් වී ඇති අයට විදේශගතවී ධනය ඉපයීම පහසුවේ.


එසේම ජන්ම පත්‍රයේ 12ස් වැන්නේ කුජ ,කේතු,  රාහු, ශනි ,රවි වැනි පාප ග්‍රහයින්  අසුබ ලෙස සිටි කල්හි විදේශගතවන අයට කටුක ජීවිත  අත්වන අවස්ථා යෙදේ. අදාළ ග්‍රහයාගේ මහ දශාව හෝ අතුරු දශාව ලැබූ කල ප්‍රශ්න මතු වෙනවා සේම රැකියාද වෙනස් වේ. 
එසේම ජන්ම කේන්ද්‍රයේ 4 වැන්න අධිපති 6 වැන්නේ හෝ 12 වැන්නේ පිහිටි අයටද විදේශ වලදී ඉඳුම්හිටුම් ප්‍රශ්න මතුවේ. සෙනසුරු දශා, අතුරුදශා මෙන්ම රාහු, කේතු දශා අතුරු දශා ද විදේශගත වීමට උදව්වේ. මීන ලග්නයේ රාහු ලග්න ගත වී රාහු දශාව ආකල විදේශගත වීමට උදව් කරයී. කුම්භ ලග්නයේ 02 වැන්නේ රාහු සිට රාහු දශාවක් ආකල විදේශ රැකියා වලට යොමු කරයි. එසේම ජන්ම පත්‍රයක් පරීක්ෂා කර බලා යා යුතු රට තීරණය කිරීමද වැදගත්ය. කන්‍යා, මිථුන ලග්න හිමියන්ට හා බුධ බලවත් වූ අයට උතුරු දිශාව පිහිටි රටකට යාම සුබයි. සිකුරු 04 වැන්නේ බලවත් අයට ගිනිකොන දිශාවේ රටකට යාම සුබයි. 07 වැන්නේ සෙනසුරු බලවත් අයට බටහිර රටවලටද, 10 වැන්නේ රවි බලවත් අයට නැගෙනහිර දිශාවේ රටකටද යාම සුබයි. 04 වැන්නේ සඳු බලවත් අයට වයඹ දිශාවේ රටකට යාමට මග පාදයි.
ඉහත කරුණු වලට අමතරව ග්‍රහයින්ගේ ඵල දුබලතා ග්‍රහ දෘෂ්ටි ද බලගතු අතර එමගින් යාමට ඇති ගමන වැලකෙන අවස්ථාද ඇත. තවත් විටෙක පවුලේ අයට ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන්ව සිටීමට නොහැකි වන ග්‍රහයෝග ඇතිකළ යන්න හදන ගමනද අඩාල විය හැක.
මෙම තත්ත්වයන් ඉතා සියුම් ලෙස ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා තේරුම් ගත යුතුයි. එක් ග්‍රහයෝගයක් දුටු පමණින් රට යනවා ම යැයි කිව නොහැක.

 

 - පියුමිකා වීරසූරිය 

 



අදහස් (0)

රට යන්න පුලුවන්ද , බැරිද ? කේන්දරෙන් ඔබම බලාගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site