IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?

1993 වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් මෙවරත් සිදුවේ ද ?

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්ථාවේ තත්කාලයට අනුව ග්‍රහ ගෝචරයට සමාන ග්‍රහ ගෝචරයක් 1993 අප්‍රේල් මස 13 වැනිදා රවි මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වූ අවස්ථාවේ යෙදී තිබිණ.


1993 අප්‍රේල් මස 23 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුලත් මුදලි මහතා කිරුළපන මහජන ක්‍රීඩාංගණයේ රැස්වීමක් පැවැති අවස්ථාවේ දී සාහසික වෙඩි පහරට ලක්වී මරණයට පත්විය. මෙම මරණයෙන් දින කිහිපයක් යාමට මත්තෙන් 1993 මැයි 01 වැනිදා මැයි දින පෙළපාළියේ දී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්විය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේය.


1993 වසරේ රවි මේෂයට සංක්‍රමණය වීමේ දී අඟහරු හෙවත් කුජ මිථුන රාශිගතව බ්‍රහස්පතිට අයත් නැකතත්, බුධ මීන රාශියෙහි සෙනසුරුට අයත් නැකතක් ගුරු කන්‍යා රාශිගතව සඳුගේ නැකතක් සිකුරු මීන රාශිගතව සෙනසුරුට අයත් තැනකත්, සෙනසුරු කුම්භ රාශිගත බුධව අයත් නැකතක් ගෝචර ගමනින් ගමන් කර ඇත.


මෙම වසරේ දී අඟහරු කුම්භ රාශිගතව ගුරුට අයත් නැකතකත්, බුධ මීන රාශිගතව බුධටම අයත් නැකතෙත්, බ්‍රහස්පති මේෂ රාශිගතව සිකුරුට අයත් නැකතක් සිකුරු, මීන රාශිගතව සෙනසුරුට අයත් නැකතකත්, සෙනසුරු කුම්භ රාශිගතව රාහුට අයත් නැකතකත්, රාහු මීන රාශිගතව බුධට අයත් නැකතකත් ගෝචරයෙන් පැමිණෙයි.
1993 වසරේදීත් 2024 වසරේදීත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී යෙදී ඇති ග්‍රහ ගෝචරය බොහෝ ලෙස සමානතාවයක් පෙන්වයි. තව ද මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් 1993වසරේ දී සම්ප්‍රදායෙන් තොරව රවි මාරුවෙන් පැය 6 යි විනාඩි 24 ට පසුව සඳුදා උදෑසනට ගත් ලෙසට මෙවර පසුදා උදෑසනට අවුරුදු චාරිත්‍ර නැකැත් යොදා ගතහොත් 1993 වසරේ සිදු වූ තත්ත්වයටත් වඩා අති බිහිසුණු සිදුවීම් මාලාවක් මෙරට සිදුවනු ඇත. 


මෙවර රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉතාමත් සුබ ඵල අත්වන ලෙසට ගැළපෙන නැකැත් රාත්‍රියට යොදා සකස් කර ඇති අතර රවි මේෂ රාශියට පිවිසීමෙන් යෙදෙන්නා වූ ඉතා බිහිසුණු සිදුවීම්වලින් යම් තාක් දුරට හෝ අවම වීමක් සිංහල අවුරුදු නැකතින් සිදුවනු ඇත.


මෙවර සූර්ය සංක්‍රාන්තිය හේතුවෙන් මෙරට ඉදිරි සූර්ය මංගල්‍යයට පෙර දේශපාලකයන් ජනාදරයට පත් උසස් රාජ්‍ය නායකයන්ට මාරක ඇතිවීමත්, දේශපාලන වශයෙන් ඡන්දවලින් පවතින රජයට අශුභ ඵල ඇතිවීමත්, මැතිවරණ ආශ්‍රීතව කඩාකප්පල්කාරී සිදුවීම් ද, පහරදීම් ද, පිපිරීම් ආදිය ද වැඩි වශයෙන් ඇතිවීමත් මහජන හිරිහැර වැඩිවීමත් සිදුවනු ඇත.

 

රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෙතීර්වේ දී
රේණුක වික්‍රමසිංහ



අදහස් (1)

මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?

randil dunuwille Tuesday, 02 April 2024 02:32 PM

ඔය සේරම බොරු මනස්ගාත.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site