IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ සතිය ඔබට කොහොමද?

මැයි 21 වැනිදා දක්වා ඔබේ ලග්නයට කොහොමද කියා බලාගන්න

 

හේමන්ත වීරසිංහ

(මැයි 15 වැනිදා සඳුදා සිට  මැයි 21 වැනිදා ඉරිදා අතර කාලය සඳහා ඵලාඵල )

මේෂ ලග්නය

ඔබට මෙම සතියේ මුල්දින දෙක හැර සෙසු දින පහ තුලදී මිල මුදල් ලාභ මෙන්ම විවිධ ද්‍රව්‍ය ලාභ, සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ ලැබේ. ඒවා උපයා සපයා ගැනීමටත් පිළිවන්කම ලැබේ. අවිවාහකයන්ට විවාහ  යෝජනා හෝ ප්‍රේම සබඳතා ගොඩනැගීම් ගෙන දෙන්නේය. තරුණ තරුණියන්ට විවිධ තෑගි භෝග වැනි දෑ ලැබේ. එසේම සමාජීය හා මුදල්මය වාසි ප්‍රයෝජන ද අත්වේ. මෙය ඔබ පහසුවෙන් අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක්වන සතියකි. මේ සතියේ මුල් දින 2 දී සිතට විනෝදයක් ප්‍රීතියක් ඇති නොවන ලෙස යම්යම් කටයුතු සිදුවන නිසා ඔබ හිතට ආ විගස කටයුතු නොකරන්න. ලාභ ප්‍රයෝජන වරප්‍රසාද යනාදිය ලැබුණත් සිත් කලකිරීම්ද එහිදී සිදුවෙයි.

ජය අංකය :-02 සුබ වර්ණය :-රිදීපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( මේෂ, වෘෂභ )

වෘෂභ ලග්නය

ඔබගේ ලග්නය පරිදි මෙම සතිය ශුභා ශුභ මිශ්‍රපලදායී අයුරින් ගතවේ. මේ සතියේ මුල් දින දෙක හා අවසන් දින 2 ශුභඵලදායී අයුරින් ගතවනු ඇත. සෙසු දින තුන කරදර බාධා ප්‍රශ්නකාරී ගති මතුකරයි. කෙසේ නමුත් ඔබ අළුතින් ආරම්භ කරන කටයුතු හා කරගෙන ආ කටයුතු දියුණු කර ගත හැකි සතියකි. මූල්‍ය අපේක්ෂා, රුකියා අපේක්ෂා ඉටුවෙයි. විදේශ කටයුතු නීතිය ආගම දර්ශන පිළිබඳ වශයෙන් හෝ කවරාකාර උසස් දැනුමක් ලබා ගැනීමට හෝ ශුභදායක සතියකි. සංචාරයට සංවාදයට හා අන්‍යයන් සමග හවුල් සබඳතා අදහස් හුවමාරැ ආදියටත්මෙය හොඳ සතියකි.

ජය අංකය:- 11සුබ වර්ණය තැඹිළිපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( වෘෂභ, මීන)

 

මිථුන ලග්නය

ලග්නාධිපති බුද ග්‍රහයාගේ මෙන්ම යෝගකාරකග්‍රහයාගේ ගමන මත මෙම සතියේදී ඔබට තම වැඩකටයුතු කෙරෙහි පැහැදිලි ශුභඵල ඇති කරයි. බොහෝසෙයින්ම සිතේ සතුටට කරැණු සැලසේ.  ගතවූ සතියට වඩා හොඳ තත්ත්වයකට හැරෙයි. සංචාරක ක්‍ෂේස්ත්‍රයේ ගමනා ගමන ප්‍රවාහන අංශයේ කලාත්මක අංශයේ රැකියාවල, ව්‍යාපාරවල යෙදෙන්නන්ට තම ජීවනෝපායන් මගින් වැඩිපුර ලාභ ප්‍රයෝජන සැලසේ. විරැකියාවෙන් පෙළෙන්නන්ට උත්සාහ ගතහොත් දෙස් විදෙස් රැකියාවක් සොයාගත හැකිවේ. පවුලේ අය සමග, විවාහ සහකාරාදීන් සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමටත් මෙම සතියේදී ඔබට අවස්ථාව සැළසේ.

ජය අංකය - 11  සුබ වර්ණය - මදටිය පාට රතු

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( මිථුන,මේෂ)

 

කටක ලග්නය

ගතවූ සතියතුල  ඔබගේ වැඩ කටයුතුවලට සැලසුම් ක්‍රියාදාමයන්ට බලපෑ විවිධ අවහිර බාධා මෙම සතියතුල පහව යයි. ඒත් සමගම ඔබ කරන කියන සෑම කටයුතුවලින්ම සිතට ප්‍රීතිය ද සැනසීමද විවිධ ලාභප්‍රයෝජන ලැබෙන අතරම තමා නිරත රුකියා ව්‍යාපාර වලින් ද දියුණුව ලාභ ප්‍රයෝජන  සැලසේ. ගෙදර දොර හෝ රුකියා ස්ථානය තුළ සැප පහසුව ඇතිවන දෑ සිදුවේ. සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම සතියේ විවිධ වරප්‍රසාද සැලකිලි උදව් උපකාර ලැබෙන හිමිවන අතර ඔබ කෙරෙන් උසස් සිතුවිලි මතුවෙයි.එසේම මෙය ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඉස්මතුවන සතියක්ද වේ.

ජය අංකය 11    සුබවර්ණය  දීප්තිමත් සුදුපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න  ( කටක , වෘෂභ)

 

සිංහ ලග්නය

ඔබටමෙම සතියේ අවසන් දින හතර ශුභදායී අයුරින් ගතවන අතර අවශ්‍යතා පිරිමසා ගැනීමට අතට මිල මුදල් ලැබේ. එසේම නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම කෙරෙහි සිත යොමුවන සතියකි. පොදුවේ ඔබට මේ සතිය පුරාවට අධික වියදම් ඇති වුවත් ගෘහ ජීවිතයේ අඩුපාඩු පිරිමසා ගන්නට පුළුවන් වේ.ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. පියා සතු දෙයක් හිමිවේ. උසස් අයගෙන් පියාගෙන් වැඩිහිටියන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. කෙසේ නමුත් මුල් දින තුන ශුභඵල හීනය. තම දෛනික කාර්යය කටයුතු හා ජීවන පරිසරය පිළිබඳව ද අසහනකාරී හැඟීම්, අවිනිශ්චිතතා, ඉස්මතුවන නිසා ඔබට තම මානසික සංයමය ද දැඩි උත්සාහයකින් යුතුව රැක ගැනීමට සිදුවේ. මිල මුදල් රැගෙන ගමන් බිමන් යෑමේදී සොර සතුරු උපද්‍රවවලට ලක්වන නිසා ඒවායින් ද ඔබ ආරක්ෂාවන්න.

ජය අංකය 10  සුබ වර්ණය කහපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( සිංහ, වෘෂභ)

කන්‍යා ලග්නය

සඳු ග්‍රහයා මේ සතිය තූල ගමන් කරන විලාසය මත සසදා බලන විට මේ සතිය මැද දින3 ඔබට එතරම් යහපත් නොවේ. සිතේ සන්සුන් බව හීන කරයි. ස්වකීයන් අතර මතභේද ආරවුල්ද ඇතිවන දෑ සිදුවේ. සෙම් රෝගයන්ට ද ලක්වේ.සෙසු දින 4, ශුභදායී අයුරින් ගතවේ. ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන, අංශවල දියුණුවක් ඉදිරියක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරැ සබඳතාවන් ගොඩනැගේ. එය කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන දින හතරකි.දෙස් විදෙස් රුකියා අපේක්ෂාවක් ඉටුවේ. අළුත් දේ ඉගෙනීමට ඉඩ ලැබේ. භාරගෙන හෝ තමාම ආරම්භ කරන කටයුතු වැඩිදියුණුවට යයි.

ජය අංකය- 07   සුබ වර්ණය - කහ පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න(කන්‍යා,මීන)

 

තුලා ලග්නය

ඔබට මේ සතිය මැද දින තුන ශුභදායී ලෙස ගතවේ. අලුත් ප්‍රාර්ථනා අනුව නව මගක ගමන් කිරීමට එහිදී හැකිවේ. ඒ ඒ කාර්යයන් වලට අදාළව යම් යම් අයගෙන් අපේක්ෂා කරන සහයෝගය උදව් උපකාරද ඔබට නොඅඩුව ලැබේ.ඉගෙනීම් කටයුතුවල නිරතවූවන්ට, රැකියා අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට, අලුත් ආයෝජන ඇරඹීමට බලාපොරොත්තු වන්නන්ට එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. සෙසු දිනයන් හිදී  අසල්වැසි සම්බන්ධතා අඩුවී යෑමට හේතු යෙදෙන අතර අයට වඩා වැය අධිකවීම නිසා ගෘහ ජීවිතයේ කටයුතු ද අසතුටුදායක වන සැටියක් පෙනේ.ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ මළමුත්‍ර පහවීමේ බාධාවක් හෝ සිදුවීමක් ඇතිකරයි.තුනටියේ කැක්කුමක්ද, ශරීර දුර්වල තත්ත්වයක්ද සාමාන්‍යයෙන් ශරීරාබාධ ගතියක්ද සාදන්ට පුළුවන් සතියකි.

ජය අංකය- 09  සුබ වර්ණය - කොළපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( තුලා , මිථුන)

 

වෘශ්චික ලග්නය

මේ සතිය සුබාසුබ මිශ්‍ර පල ගෙනදේ. මුල් දින 2හැර සෙසු දිනයන් ඔබට ශුභඵලදායී අයුරින් ගතවේ. ආරම්භක දින දෙක ශරීර අසනීප ගති සාදයි. බාහිර කරදර මතු වේ. සෙසු දින පහ තම ජීවිතයේ නව වෙනසක් පෙරළියක් අමුත්තක් වෙනුවෙන් ක්‍රියා කිරීමේ සිත් පහළවේ. ආදායම් තත්ත්වය හොඳ වුවත් වියදමේ පාලනයක් නොමැති බැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. ගෙදර දොර පවුලේ අයගේ ශුභ සිද්ධිය සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්නට සිදුවේ.එසේම ප්‍රීතිමත් උත්සව පැවැත්වීමට හෝ ඒවාට සහභාගි වීමට ඉඩ ලැබේ. අලංකාර විනෝදදායක කටයුතු ඇති වේ.

ජය අංකය - 07  සුබ වර්ණය - රිදී  පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න  (වෘශ්චික, වෘෂභ)

 

ධනු ලග්නය

මේ සතියේදී ඔබගේ සුවිශේෂී බලාපොරොත්තුවක් ඉෂ්ඨ වෙයි. එමෙන්ම දියුණුවද ඇතිවෙයි. අපේක්ෂිත ආර්ථික ලාභ ලැබෙනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩවලින් ලාභ ලැබේ.තමාට ආදර සංග්‍රහ කරන්නන් ළඟට යෑමට ඉඩ ලැබේ. ජීවනෝපාය කටයුතුවලින් මෙන්ම අන්‍යයන් සමග කරන කටයුතුවලින් සැනසිල්ල ලැබේ. විරැකියාවෙන් පෙළෙන්නන්ට නව රැකියා උදෙසා උත්සාහ කරන්නට අවස්ථා උදාවේ. එසේම මෙහිදී ඔබ තමාගේ තත්ත්වය උසස් කර ගැනීමට සිතා කටයුතු කරයි. මෙවැනි සුබපල මධ්‍යයේම නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළ වේ. ගෙදර දොර සැප පහසුව අඩු වේ.

ජය අංකය- 06  සුබ වර්ණය- දම්පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න( ධනු, වෘෂභ)

 

මකර ලග්නය

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තූල ගමන් කරන විලාසය මත සසදා බලන විට ඔබට මේ සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවේ. තමා පදිංචි ස්ථානය, ව්‍යාපාරිකස්ථානය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇතිවේ.හදිසියට කලබලයට හිතුවක්කාර ලෙසට ක්ෂණික තීරණ මත දෛනික කටයුතු නොකර සැලසුම් සහගතව අවධානයෙන් කරන්න.මේ සතියතුල සතුරන් ඇති වීමක් හෝ සතුරන් ඇතිවෙන ආකාරයට කථා බස් හෝ කේලාම් බස් හෝ ඇති වේ.මේ සතියේ මුල් දින දෙක තම අනාගත යහපත උදෙසා සුබපල රුසක් ගොඩනැගේ.

ජය අංකය - 02  සුබ වර්ණය - නිල්පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න (මකර, කුම්භ)

 

කුම්භ ලග්නය

ඔබට මෙම සතිය තුල යම් යම් ලාභ ප්‍රයෝනයක් ලැබේ. ප්‍රීතිමත් අවස්ථාවන්ට මෙන්ම විනෝද සංචාරක ගමන්වලටත් සහභාගි වීමටත් ලැබේ. ඥාති මිත්‍රවරු තමාව සොයාගෙන එයි. නිවසට හෝ ව්‍යාපාරිකස්ථානයට අළුත් බඩු භාණ්ඩ උපකරන ලැබේ.නැතහොත් තමාටම මිලදී ගැනීමටත් ඉඩ ලැබේ.රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන සතියක් වේ. ආයතනයේ උසස්වීම් බලාපොරොත්තුව සිටින අයගේ එම අපේක්ෂා සාර්ථක වේ. ප්‍රේම දිවිය සතුටින් ගත වුවත් යුග දිවියේ ප්‍රශ්න ගැටලු මතුවන ස්වභාවයක් පවතින නිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න.

ජය අංකය- 03  සුබ වර්ණය- රෝස  පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( කුම්භ, මේෂ)

 

මීන-ලග්නය

ඔබගේ ලග්නාධිපති ගුරැ මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත මෙය ඔබට සුබදායි බවක් පෙන්වන සතියකි. පොදුවේ ඔබට මෙම සතියතුළ අරමුණු සැලසුම් සාර්ථක වී බලාපොරොත්තු සහගතව කටයුතු කිරීමට පිළිවන්කම ලැබේ. දුරස් වූ ඥාති සබඳතා යළි සැකසේ. ඒත් සමගමගනුදෙනු ප්‍රශ්න නොසිතු  සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවීමත් සමගම මෙහිදී විශේෂයෙන් ඔබ හැඟීම්වලට මුල්තැනක් නොදී කටයුතු කරන්න. ඔබ වැඩි වශයෙන් මෙම සතියතුල යහපත් ක්‍රියාවන්හි යෙදෙයි.අනාගත දියුණුව පිළිබඳ කථාවක් හෝ අදහස් හුවමාරුවක් ඇතිවේ. මිත්‍ර ආශ්‍රය හෝ අමුත්තන්ගේ පැමිණීමද මෙම සතිය තුල සිදුවෙයි.

ජය අංකය- 03  සුබ වර්ණය - දීප්තිමත් සුදුපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න( මීන වෘෂභ)

 

 

 

 

 

 

 



අදහස් (0)

මේ සතිය ඔබට කොහොමද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31149 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site