IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


​කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු

කේන්දරයක් සාදන්නට දැනගත් පමණින් හෝ ග්‍රහයන් පිහිටුවීමට දැනගත් පමණින් හෝ කෙනෙකු ජ්‍යෝතිෂවේදියකු වන්නේ නැත. කෙනෙකුගේ කේන්දරය සාදා එය නිවැරදිව විග්‍රහ කර අතීත – වර්තමාන – අනාගත වශයෙන් සියලු ජීවන තොරතුරු පෙන්වාදීමට සමත් කෙනෙකු විය යුතුය. එය කෙළින්ම අපල ලේඛනයක් ද සඵල ලේඛනයක් ද නොවිය යුතුය. සමබර පල ප්‍රකාශයක් විය යුතුය.

අද ජ්‍යෝතිෂවේදීන් බොහෝ දෙනෙකු මෙහිදී පලාපල කියන්නේ සෙනසුරු මුල්කරගෙනය. සෙනසුරුගෙන් තොර පලාපලයක් ඔවුනට නැත. එහෙත් සත්‍යය එයනම් නොවේ. නිවැරදි කේන්දර විග්‍රහයකට අයත් වන්නේ සෙනසුරු පමණක්ම නොවේ.

තන්ත්‍ර – හෝරා - සංහිතා වශයෙන් ජ්‍යෝතිෂයේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. ග්‍රහයන් සහ ග්‍රහයන්ගේ හැසිරීම් රටා - ග්‍රහයන්ගේ බල දුබලතා විග්‍රහය – චන්ද්‍ර ග්‍රහණ - සූර්ය ග්‍රහණ – ග්‍රහ ගමන් රටා ගණිතය අයත් වන්නේ තන්ත්‍ර කොටසටය. මුහුර්ත සාධනය – හෝරා පල ප්‍රකාශනය - මුහුර්ත සාධනය ආදිය අයත් වන්නේ හෝරා කොටසයට. පලාපල කථනය – අනාගතය දැක්ම – ආදිය පෙන්වා දෙන්නේ සංහිතා කොටස තුළිනි. දැනට භාවිත කෙරෙන බොහෝ ජ්‍යොතිෂ ග්‍රන්ථ ඇතුළත් වන්නේ මෙම සංහිතා කොටසටය. තාරු සංහිතාව – වෘහත් සංහිතාව – ජාතක පරිජාතය – ජාතක ඵල දීපනිය – ආදියත් සාරාවලිය – වරහ මිහිර – ලඝු ජාතකය – ශම්භු හෝරා ප්‍රකාශනය ආදියත් මෙහිදී වැදගත් තැනක් ගනී. ජයමිණි සූත්‍රය – පරාශරයන්ගේ ග්‍රන්ථ ද මෙහිදී වැදගත්වේ. මෙම ග්‍රන්ථය සැකසීමේදී මෙම ග්‍රන්ථ ඇසුරු කරගත් බව සඳහන් කරන්නේ ගුරු බැතියෙනි.

නිවැරදි පලාපල කථනයකට අදාළ තොරතුරු සෙවීමේ දී වැදගත් වන අවස්ථා තුනක් තිබේ. එනම් දශා ඵල විග්‍රහය – නාඩි ජ්‍යෝතිෂය සහ අෂ්ඨක ඵල බිංදු හෙලීම යන ක්‍රම තුන මුල් තැනක් ගනී. දශාඵල විග්‍රහයට අදාළ ග්‍රන්ථ රැසක් තිබේ. නාඩි ජ්‍යෝතිෂයට අදාළ ග්‍රන්ථ ද රැසක් වේ. එහෙත් එකට ගොනු කළ අෂ්ඨක ඵල විග්‍රහයක් හමුව නැත. එම අඩුව සරල වශයෙන්වත් සොයා බැලීම මෙහි අරමුණයි.

"අෂ්ඨක වර්ග දශා මාර්ගම් 

සර්වේෂා මෘතමෝත්කමම්" යනුවෙන් ප්‍රකාශකර ඇත්තේ මේ නිසාය.

කේන්දරයක් නිවැරදිව විග්‍රහ කිරීමේ දී සියලුම ග්‍රහයන්ලේ උච්ච – නීච – ස්වක්ක්ෂේත්‍ර – ආදී බල සමූහයම සලකා බැලිය යුතුය. එහෙත් අෂ්ඨක වර්ගයේදී මෙම තත්වයෙන් බැහැර වීමට සිද්ධ වේ. මෙහිදී ග්‍රහයන් නව දෙනෙකු ගැන කතා කරන්නේ නැත. රාහු + කේතු දෙදෙනා අෂ්ඨක වර්ගයට ඇතළත් කර නැත. ප්‍රධාන ග්‍රහයන් වන රවි + සඳු + කුජ + බුද + ගුරු + ශුක්‍ර + ශනි යන සත් දෙනා පමණක් මෙහිදී බලගන්වා තිබේ.

මෙහිදීත් අප භාවිත කරන්නේ අපේ හුරු පුරුදු කේන්දර ක්‍රමයමයි. විවිධ ක්‍රම දක්වා ඇතත් සියල්ල මෙහිදී විග්‍රහ නොකරමි.

රාහු + කේතු දෙදෙනා වාසෂ්ටියක් සහිත ග්‍රහයන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙයින් ඔවුනට රශ්මි විහිදවීමේ බලයක් නැත. රශ්මි විහිදවන්නේ නැතිනම් ඔවුන් බාධක ජායා දෙකක් වේ. ග්‍රහයාගේ බලය (තමන් සමග සීටින) අඩු හෝ වැඩි කිරීමට පමණි ඔවුනට හැක්කේ. ඔවුනට පලාපල බලයක් නැත්තේ එහෙයිනි.

පරාශර ඍෂිවරයාගේ පලාපල ක්‍රමයට අනුවද අෂ්ඨක වර්ග බිංදු ක්‍රමයට අනුවද ආදර්ශ කේන්දරයක් විග්‍රහ කර දක්වා තිබේ. බොහෝ දුරට නිවැරදි පලාපල විස්තරයක් කිරීමට නම් ජ්‍යෝතිර්වේදියා වෙහෙසිය යුතුය. එහෙත් අද පවත්නා ක්‍රමයට අනුව මෙවන් විග්‍රහයක් කර ගතවන කාලයට මිලක් නියම කිරීමට ජ්‍යෙතිර්වේදියාට හැකියාවක් නැත. එය ඔබ වෙතට එන ග්‍රාහකයාට කෙරෙන අසාධාරණයක් වෙයි. මේ නිසා සෑම විටෙකම අපට කළ හැක්කේ දල විග්‍රහයක් කිරීම පමණකි.

ඩී.ඇම්. ධර්මසේන



අදහස් (0)

​කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31149 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site