2026 වසර උදා වීම වෘෂ්චික ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

 

සමාජීය පසුබිම

උත්සාහයේ තරමට ප්‍රතිඵලය ලංකා කර ගත හැකි කාලයක්. බුද්ධිමත්ව කරන දේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. එය තමන් සැලසුම් කරන දේවල් මත රඳා පවතිනවා.වචන භාවිතයේදී පරිස්සම් වන්න. නිතරම වචනයක් කටින් පිටකරන්න කලින් කිහිප වතාවක් හිතන්න.වාද විවාද වලට යන්න එපා. පදිංචිය වෙනස්වීම් ආදී දේවල් වෙන්න පුළුවන්. ක්ෂණික තීරණ වලට ප්‍රතිචාර දක්වන්නේ යන්න එපා. 
මංගල යෝග සඵල වෙන කාලයක්. අවිවාහක වුවන්ගේ මංගල සිහින සපල වන කාලයක්. මවුපාර්ශවයෙන් සහ තමන්ගේ දුවා දරුවන්ගේ උදව් උපකාර ලබාගත හැකියි. ආදර සම්බන්ධතා වැඩිදියුණු වෙනවා. අලුත් හිතවත්කම් ,සබඳතා ඇතිවන කාලයක්. ඒ වගේම අනවශ්‍ය සබඳතාත්ඇති වෙන්න පුළුවන්.එම නිසා ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න.දරුවන් වෙනුවෙන් කැපවෙන කාලයක්. දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට වැඩිපුර වැඩ කරන්න සිදුවන කාලයක්.වැඩිපුර වියදම් කරන්න වැඩිපුර දරුවන් වෙනුවෙන් යුතුකම් කරන්න සිදුවේවි.
පොදු කටයුතුවලදී ඔබ කැළඹෙන්න පුළුවන්.නමුත් ඔබ කලබල වෙන්න එපා. නිතරම සැලසුම් සහගතව බුද්ධිමත්ව කටයුතු කරන්න. අනවශ්‍ය පීඩාකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.නිවසේ අය සමග ගැටලු ඇති වෙන්නේ පුළුවන් ඒ ඔස්සේ පවුලේ සසමගියට  බාධා ඇතිවෙන්නන පුළුවන්. ප්‍රධානය සමඟ ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න. ඒ තුළින් ඔබට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමේ අවධානමක් තිබෙනවා.ඔබ හොඳක් කරන්න ගොස් ප්‍රශ්න ඇතිවෙන අවස්ථා තිබිය හැකියි. 

ආදායම් තත්වය 

ආදායම් ලබන්න පුළුවන් .ඔබට ආර්ථිකය පිළිබඳව ගැටළුවක් ඇතිවන්නේ නෑ. නිරායාසයෙන්ම මුදල් ගලාගෙන එන්නැහැැ නමුත් ඔබට කල්පනා කරලා ,සැලසුම් කරලා මුදල් හොයන්න පුළුවන් වෙනවා.රැකියාවේ අර්බුද තත්ත්වයන් නිසා ඔබ ඇගයීමට පාත්‍ර වීමට තිබෙන අවස්ථා නැතිවෙන්න පුළුවන්. එම නිසා කල්පනාවෙන් කටයුතු කරන්න ඔබේ වටිනාකම් නැතිවෙන දෙන්න එපා.

රැකියාවේ ස්භාවය

ලින්ජිනේරු වෘත්තිය, කලා වෘත්තීන්,තාක්ෂණ වේදය ,ගුරු වෘත්තිය වැනි රැකියා කටයුතුවල නිරත පිරිසද ගොඩක් හොඳ සාර්ථකත්වය නැතිකරන කාල වකවානුවක්. රැකියාවේ උසස් තත්ත්වයන් බලාපොරොත්තුවානවා නම් ඒවා ඉටුවනකාලයක්.ස්ථාන මාරු ඇතිවෙන්න පුළුවන්.

සෞඛ්‍ය තත්ත්වය

හන්දි රෝග ,මානසික පීඩාකාරී තත්ත්වයන් ,හිසේ කැක්කුම්, සෙම් පීඩා තත්ත්වයන් ,මුත්‍රා ගල් සහ මුත්‍රා සම්බන්ධ වෙනත් රෝග ඇතිවීමේ අවධානමක් තිබෙනවා.එම නිසා ඒ පිළිබඳව කල්පනාකාරීී වෙන්න. ස්නායු රෝග සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින්න.


ප්‍රතිකර්ම

 ඔබ පූජා පවත්වනවා නම් රුවන්වැලි සෑයට පූජා පත්වන්න. අධිෂ්ඨාන කර ඔබ ඉල්ලීම් ඉල්ලන්න.පාන්දර යාමයේ බෝධි පූජා තියන්න.ඒවා බොහොම සුභදායක දේවල්. ඔබේ පෙර කුසල කර්මයන් ඉස්මතු කරගන්න . මල් මාල වස්ත්‍ර සිවුරු පිරිකර පූජාා කිරීමෙන් ඔබට ඉතාම සුබයි.පූජනීය ස්ථාන පිළිසකර කරදීමක් කරන්න පුළුවන් නම් පොඩියට හරි ඒ වගේදේවල් ඉතාම හොඳයි.සිල්වතුන්ට දන් දීම හොඳයි.භාවනා කටයුතු සිදු කිරීම,සිල් සමාදන් වීම, සිත සන්සුන් කර ගැනීම, ඒ වගේ දේවල් ඉතාම වැදගත් කරුණු කරුණා වෙනවා.ඖෂධ වර්ග පූජා කිරීම ,දන්දීම, ආරන්දීම ඉතාම හොඳයි. පත්තිනි දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම වැදගත්.ඔබ දජග්ගක සූත්‍රය දේශනා හෝ සජ්ඣායනා කිරීම ඉතාම හොඳයි. 
  

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 


සටහන - පියුමිකා වීරසූරිය