IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2026 මේෂ ලග්න හිමියන්ට කොහොමද

සමාජීය වටපිටාව

මේෂ ලග්න හිනියන්ට 2026 වසරේදී ඉදිරියට ඒරාෂ්ටකයක් ගතවනවා. සෙනසුරු ලග්නයේ ඒරාෂ්ටක අපලය තමා මෙහිදි ගත වන්නේ. එය පටන් ගත්තේ 2025 මාර්තු මාසයේ සිදුවූ අති ප්‍රබල සෙනසුරු මාරුවත් සමග. ඉදිරියට වසර හත හමාරක් මෙය බලපානවා. එය තදබල ලෙස බලපාන්න පුලුවන් .

බොහෝ විට නින්දා, අපහාස ඇතිවෙන්න පුළුවන් මේ කාලය තුළ. නුසුදුසු අයගෙන් ඈත් වෙලා ඉන්න වගබලා ගන්න. නුසුදුසු අය අතරට ඔබගේ යහළු මිත්‍රයින්, තමන් සමඟ තදින් සබඳතා ඇති පුද්ගලයන්, ප්‍රේම සබඳතා ඇති කරගත් පුද්ගලයන් වැනි අය, මේ කාලය තුළ තමන්ට නොගැළපෙනවායැයි සිතෙන  සබඳතා අතහරින්න දෙපාරක් හිතන්න එපා . වැරදි දේවල් වලට නිතරම හිත දුවන කාලයක්. හරි දේ තුළ හිත රඳවගන්න අමාරු කාලයක්. මේවා වලින් වැළකී ප්‍රවේශමෙන් හිත රඳවා ගන්න කටයුතු කරන්න. විවිධ දේවල් වලින් කලකිරීම, සිත් පීඩා, හිත් රිදීම් ඇති වෙන්න පුළුවන්. රෝහල්, බන්දනාගාර ආශ්‍රිතව නිතර සැරිසරන්න වෙන්න පුළුවන්. වාහන අනතුරු ඇතිවෙන්න පුලුවන් . රිය පැදවීමේදී ප්‍රවේසම් වන්න. දුර පළාත්වලට යනවා නම් බොහොම පරිස්සමෙන්  යා යුතුයි.  හොඳ කාලවල් වල නරක සිදුවෙන අවස්ථාව වගේම නරක කාලවල්වල සුභ දේවල් සිදුවන අවස්ථාත් තිබෙනවා. සමස්තයක් ලෙස ගත්තහම සියලුම  මේෂ ලග්න හිමියන්ට මේක ප්‍රවේශම් විය යුතු  කාලයක්.

ආදායම් තත්වය

ආදායම් තත්වය යහපත් කර ගැනීම සදහා තමන් උපක්‍රමශීලී විය යුතුයි. රැකියා සදහාද බාධක  පැමිණිය හැකියි. නමුත් බාධක බිදගෙන ජය ගන්න තමන් උත්සාහවන්ත වෙන්න ඕන . ගොඩක් වෙලාවට සැලසුම් කිරීමෙන්, ඉලක්කගත කිරීමෙන් දේවල් දිනාගන්න පුලුවන්. විදෙස් කටයුතු සහ රැකියා සදහා සුබයි.  ඒ වගේම අනෙක් අයගේ  උදව් උපකාර ගන්න පුලුවන් . 
 මුදල් උපයන්න අලුත් අවස්ථා උදාවෙන්න පුළුවන්. නමුත් වියදම් අධිකයි. මුදල් අතට ලැබුනාට පරිස්සම් කරගන්න බැරි කාලයක්. හවුල් ව්‍යාපාර පටන්ගන්න එපා.  මේ කාලය තුළ වාහන මිලදීගැනීම් සිදු කරන්න එපා. 

ඒරාෂ්ඨකය නිසා පීඩා විඳින ඔබ සතුට සොයාගෙන යනවා මේ කාලයේදී. එවැනි අවස්ථාවල මුදල් වියදම් කර සතුට ලබා ගන්න යන අවස්ථා තිබෙනවා. එහිදී අනවශ්‍ය දේවල් වලට අධිකව මුදල් වියදම් වෙලා තමන්ට අතේ ප්‍රවේශමට තියාගන්න ඕන මුදල් නැති වෙලා යනවා. 

දූ දරුවන් 

සතුට හොයන්න වෙනත් ක්‍රම භාවිතා කිරීම තුළින් තරුණ ළමයි මත්ද්‍රව්‍ය, මත්පැන් වැනි දේවල් වලට යොමු වෙන්න පුළුවන්. එම නිසා දෙමාපියන් මේෂ ලග්න හිමි දරුවන් සිටී නම් එම  දරුවන්ව හොදින් බලා ගත යුතුයි. තමන්ගේ පවුලේ වැඩි අත්දැකීමක් නොමැති මේෂ ලග්න දරුවන් ඉන්නවා නම් සාමාන්‍යෙන්  වයස අවුරුදු 18 - 35  වන තෙක් ඔවුන්ගේ දෙමාපියන් එම දරුවන් පිළිබඳව ඇස ගසාගෙන සිටිය යුතුයි. 

ආදරය

 මේෂ ලග්න තරුණ, තරුණියන්  සන්තෝසය සොයාගෙන යාම තුළින්  ප්‍රේම සම්බන්ධතාවල පැටලෙන්න පුලුවන්. ඇතැම් විට එය අවසන් වෙන්නේ  හොර තක්කඩියෙකුට හසුවී,  නැති ප්‍රශ්න ඇතිකර ගනිමින්. ඒ වගේ අතුරු ආන්තරාද සිදුවෙන්න පුළුවන්. එම නිසා දෙමාපියන් සැළකිළිමත් විය යුතුයි මේෂ ලග්න තරුණ තරුණියන් පිළිබඳව බොහෝමත්ම ඉවසීමෙන්.

සෞඛ්‍ය තත්ත්වය

නිදන් ගත රෝග පීඩා මතුවෙන්න පුළුවන්. ඒවා උත්සන්න වෙන්න පුළුවන්. ස්නායු රෝග ,හෘද රෝග, උදරාබාධ රෝග, ආහාර දිරවීමේ අඩු බව, පාද ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වෙන්න. එම රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

අධ්‍යාපනය

ඉගෙන ගන්න අයට සුබයි. නමුත් ගොඩක් මහන්සි වෙන්න ඕන මේ කාලය තුල.

ප්‍රතිකර්ම

සූරිය පිරිත සජ්ඣායනා කිරීම ,ප්‍රතිපත්තිගරුක වීම, වැඩිහිටියන්ට උපකාර කිරීම, ගැබිණි මාතාවන්ට උපකාර කිරීම,නැති බැරි දරුවන්ට උදව් උපකාර කිරීම , සතුරු කරදර, බාධක අවම කරගන්න සහ ඉහත සඳහන් කරන බාධක අවම කරගන්න මේවා හොඳම පිළියම් වනවා.

-හෙට වෘෂභ ලග්නය හිමියන්ට,  

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 


සටහන - පියුමිකා වීරසූරිය



අදහස් (0)

2026 මේෂ ලග්න හිමියන්ට කොහොමද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site