2026 වසර උදා වීම ධනු ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

අභියෝග වලට මුහුණදෙන කාලයක් .නමුත් සාර්ථකව මුහුණ දෙනවා. කෙලින් වැඩ කරන කාලයක්.ජව සම්පන්නව එම අභියෝග ජයගන්න කාලයක්.ජයග්‍රහණ දිනුම් සහිතයි. විනෝදකාමී කාලයකුත් වනවා. ඒ වගේම ඔබ කලාකාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. උත්සව ,ප්‍රිය සම්භාශන ආදියට සම්බන්ධ වෙන්න ලැබෙනවා. මංගල යෝග සඵල වන කාලයක්. ප්‍රේම සම්බන්ධතා ඇතිවන කාලයක්. නරක ඇසුර ලැබීමට ඉඩකඩ තිබෙන කාලයක්. වංචා කරුවන් ඇසුරට පත්වන කාලයක්.
සමාජය ඉදිරියෙන් නිතරම කැපී පෙනෙන්නට උත්සාහන්නවා.ඒ ඔස්සේ අනෙක් අයගේ හාස්‍යයට විහිළුවට ලක්වන්නට පුළුවන්. උත්සාහයෙන් කටයුතු කිරීම බොහෝ සුභ පළ ගෙනදෙයී.සිතුම් පැතුම් වලට අනුව තමන් සැලසුම් කරලා වැඩ කිරීම ඉතාම යෝග්‍යයී. හිතුවක්කාර ගති නිසා ගැටලු ඇතිවැතිරෙන්න පුළුවන් . තමන් කරන වැරදි නොපිළිගැනීම නිසා විවිධ අවස්ථාවල ගැටළු පැන නැගෙන්න පුළුවන්.එම නිසා ඒ සියලු දේ සඳහාම කල්පනාකාරීව එම අවස්ථා හසුරුවන්න උනන්දු වෙන්න.නිතරම සමගියට බාධා ඇතිවෙන්නන පුළුවන්. එම නිසා කල්පනාකාරී වෙන්න. නුසුදුසු අයගෙන් ප්‍රවේසම් වෙන්න.
හිතවතුන්ගේ සහයෝගය එක පාරම ඔබගේ වැඩ කටයුතු වලට ලැබෙනවා.
චිත්ත පීඩා, මානසික පීඩා නිතර නිතර ඇතිවෙන්න පුළුවන්.අමතක වීම්,අද පසුවීම් නිසා බාධා ගෙන දෙන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.දුර දිග බලා කටයුතු කරන්න හිතට ගන්න.සබඳතා ඇති කරගැනීමේ දී කල්පනාකාරී වෙන්න මොකද ඔබ ඇති කරගන්නා සබඳතාව වලින් ගැටලු ඇති වෙන්න පුළුවන්.දුර බැහැර ගමන් බිමන් යනවා නම් ප්‍රවේශම් වන්න . අතුරු ආන්තර ඇතිවෙන්න පුළුවන්.පෙර දක්ෂතා ඉස්මතු කරන කාලයක්.ඉවසීම ප්‍රගුණ කරන්න. තරහ යෑම අඩු කරන්න. විනෝදයට අධික නැඹුරුවක් පෙන්නුම් කරනවා. සැලකීම් වංචා ක්‍රීඩාවලට හසුවීමේ ස්වභාවයක් තිබෙනවා. 

ආදායම් තත්වය 

සම්පත් සුරක්ෂිත වන කාලයක්.දේපළ ඉඩකඩම් ලැබෙන කාලයක්.
ව්‍යාපාර වලට අයෝජනය කිරීමේදී පරිස්සම් වෙන්න.ආදායම් ලබන්න පුළුවන් කාලයක් .වියදම් ගැන සැලකිලිමත් වෙන්න.

රැකියාවේ ස්භාවය

රැකියාවේ දියුණුව ඇති කරගන්න පුළුවන් කාලයක්.ධනය එකතු කරන්න උත්සාහ කරනවා නමුත් වියදම වැඩි නිසා මුදල් වැය වෙනවා. 
ඉංජිනේරු ,කලා,ගුරු , නීතිඥ යනාදී වෘත්තීන් සඳහා සුභයි සහ යහපත්. ඔබගේ අරමුණු කරා යන්න පුළුවන් කාලයක්.උසස් වීම් ලැබෙන කාලයක්.කලා විෂයයන් හදාරන අයට ජයග්‍රහ නැතිවෙන කාලයක්. රැකියාවේ කටයුතු කල් දාන්න එපා.ඒවා සාර්ථකව කර ගැනීමට උත්සාහ කරන්න.

සෞඛ්‍ය තත්ත්වය

වාත රෝග, ධනහිස් සම්බන්ධ රෝග,ආමාශ රෝග ,ඇස් සම්බන්ධ රෝග,බෙල්ල ආශ්‍රිත රෝග තිබෙන අය පරිස්සම් වෙන්න.සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වෙන්න.

ප්‍රතිකර්ම

 රාත්‍රී හෝ දවල් කාලයේ බෝධිපූජා පවත්වන්න.විෂ්ණු කතරගම දෙවියන්ට පූජා පවත්වන්න. සංඝයා වහන්සේලාට දන් දීම ,බෝ මළුව ඇමදීම,  රෝගීන්ට ඇප උපස්ථාන සිදුකිරීම ආදි දේවල් ඉතාම යහපත්. මානසික රෝගීන්ට උදව් උපකාර කිරීම,අවශ්‍ය බෙහෙත් හේත් වර්ග ලබාදීම ඉතාම වැදගත්.නමුත් ඒවා කල්පනාවෙන් යුතුව කරන්න ඕන. 
  

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 


සටහන - පියුමිකා වීරසූරිය