IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


2026 කටක ලග්නය හිමි ඔබට කොහොමද

2026 වසර උදා වීම කටක  ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට, ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

කටක ලග්න හිමියන්ට වසර පුරාම සුබ , අසුභ දෙක මිශ්‍රව පවතිනවා. පුණ්‍ය කටයුතු වලට බොහොම හොදට සිත් දෙන කාලයක්. සිත නිවාගන්න ඔබට අවශ්‍ය කාලයක්. වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්න ඔබට විවේකයක්, සැනසිල්ලක් අවශ්‍ය කාලයක්. එම නිසා හිතේ සැනසිල්ල බොහෝ සෙයින් බලාපොරොත්තු වන කාලයක්. ජීවිතයේ අමාරුවෙන් ජයගත යුතු දේවල් තියෙනවා. 2026 වර්ශය හිතේ ශක්තිය වර්ධනය කර ගන්න . තේජස් බලය ඔබට ඇති වන කාලයක්. උසස් අයගේ උපකාර ලැබෙනවා. පෙර පින ඉස්මතු වන කාලයක්. විදෙස් ගත වූවන්ට ඉතා යහපත්.
ඔබගේ නිවසේ අලුත් වැඩියා සඳහා ඉඩකඩ තිබෙනවා. ජීවිතයට නොසිතූ බාධක වරින් වර පැමිණෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම වාද විවාද වලට පැටලෙන්න ඉඩ තියෙනවා. වාද විවාද වලට පැටලීම තුළින් ඔබට යහපතක් සිදුවන්නේ නැහැ. එම නිසා ඒවා මගහැර  දමා ඉන්න. 

නීතිමය ප්‍රශ්න ඇති විය හැකි කාලයක්. එම නිසා ඉවසීමෙන් තීරණ ගන්න. හොඳ මිතුරන් ජීවිතයට ලැබෙන කාලයක්. නමුත් මේ අතරතුර වැරදි අයගේ ඇසුරද ලැබෙනවා. එම නිසා තෝරා බේරා ගෙන ඇසුරු කිරීම වැදගත් . සොර සතුරු කරදර ආදී දේවල් වලට ඉඩ තිබෙනවා. 
හිතුවක්කාර වීම වැඩිවෙන්න ඉඩ තිබෙනවා. කලකිරීම් වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න. අභියෝග දිනන්න උත්සාහ කිරීමේදී අන්‍යයන් සමග හැකි තරම් සුහදශීලීව කතාබහ කර කටයුතු කිරීම ඉතාම වැදගත්. 

ආදායම් තත්වය 

උත්සාහයේ තරමට ආදායම් ලැබෙන කාලයක්. ඉඩකඩම්, යාන වාහන ත්‍යාග වශයෙන් ලැබීමට ඉඩ තිබෙන කාලයක්. ණයට දීපු දේවල් නැවත හම්බවෙනවා. ඒ වගේම ණය සම්බන්ධ ගැටලු  ඉවරයක් කරගන්න හැකියාව ලැබෙනවා. තමන්ට උරුම දේවල් ලබන්න වාසනාව තියෙනවා. තැන්පත් කරගන්න දේවල් ලැබෙන කාලයක්. මුදල් වැඩිපුර අතට ලැබෙන කාලයක්. ආයෝජන වලදී ඉතා කල්පනාකාරී වන්න.


රැකියාවේ ස්භාවය

රැකියා සහ ව්‍යාපාර වලදී වංචා කරුවන්ට හසුවෙන්න පුළුවන්. 

 විවාහය

විවාහය තුළ මත ගැටුම් ඇති වෙන්න පුළුවන් කාලයක්. සුළු දේවල් වලට මතගැටුම්  ඇතිවෙන්න පුළුවන්. එම නිසා කල්පනාකාරීව  කටයුතු කරන්න. චිත්ත පීඩා ජයගන්න පුළුවන් කාලයක්. 

සෞඛ්‍ය තත්ත්වය

අනතුරු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ගිනි විපත් ,වාහන විපත් ආදිය තිබෙනවා. සීරීම්, වැටීම්, තැලීම්, ලෙඩ රෝග, රෝහල්ගතවීම් ඇති වෙනවා.  අක්මා රෝග ,පපුවේ අමාරු, ඇතිවිය හැකියි. 

 අධ්‍යාපනය  

ඉගෙනීමේ තරමක උනන්දුව වර්ධනය කර ගත හැකි කාලයක්. 


 අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය



අදහස් (0)

2026 කටක ලග්නය හිමි ඔබට කොහොමද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 122 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site