
(විජේරත්න රත්නායක සහ ඩී.කේ.රත්න )
වැලිමඩ ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයට අද (05) උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයන් පිරිසකට බඹර ඇනීමෙන් එක් අයෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඡන්දය භාවිතා කර ආපසු යමින් සිටියදී මෙම බඹර ඇනීමට ලක්වී ඇත.
බෝගහකුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට වඩා සත්තු සංවේදියි, සත්තු රටට ආදරේ නැහැ.. මිනිස්සු මේ ඇවිල්ලා තියෙන්නේ වැරැදි ගමනක් කියලා බඹරු දැනගෙන...
කොරෝනා අස්සේ ඡන්දය දාන්න ගිය අයට බඹරුත් ඇනපි කිව්වලු..
හොරුන්ට ඡන්දෙ දානවට බඹරුන්ට තරහ යන්න ඇති...
බඹරුනේ, නුඹලා මෙතරම් නපුරුද? ඡන්දය ප්‍රකාශ කරන්න එන එක එතරම් ලොකු වරදක්ද? පව් මේ මිනිසුන්...