කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරරසය දනවයි.
ජීවිතයේ මධ්‍යම යාමය පසු කරන්නෝ ඊළඟට එළැඹෙන පශ්චිම යාමය වැළඳ ගැනීමට මැලි වෙති.මිනිස් ස්වභාවය එසේ ය.සියලු මනුෂ්‍යයෝ සංසාරය සමඟ අනුරාගයෙන් බැඳෙති.ඔවුහු සංසාරයට ගිජුව සියලු ලෞකික ආශා හඹා යති.මිනිසාගේ පැතුම් අනන්තය.එහෙත් මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නොවීම ලෝකස්වභාවය යි.යටකී පැතුම්වල හරය ලෙස පවතින්නේ ජීවන ලාලසාවෙන් පවත්නා තත්වය ඉක්ම යෑමෙි ආශාවයි.
පැතූ දෑ නො සිදුවී නො පැතූ දෑ සිදුවීම ද ලෝකස්වභාය යි.බොහෝ පැතුම් බිඳ හැළේ.පැතුම් ඉටු නොවී යෑම මහත් දුක් ගෙන දෙයි.මෙහිදී ජීවිතේ සැඳෑ සමය ගතකරන්නෝ තම අතීත පැතුම් ඉටු නොවීම පිළිබඳ වඩාත් දුකට පත් වන්නෝය.ඔවුහු අතීතකාමයෙන් වෙළෙති.හඬති.වැළපෙති.එහෙත් ඒ සියලු පශ්චාත්තාප වීම් සංවෙිදනා එම අවස්ථාවට පමණි.මතු යම් දවසක සිහිවන විට ඒවා සුව දනවයි.සැමරුම යනු හැඟීම් පෙරා පිරිපහදු කරන පෙරනයක් බඳුය.මෙනයින් මෙි ගීතයේ ගැබ් වන්නේ ද ඉටු නොවූ අතීත පැතුමක් සිහිවීමකි.එහෙත් මෙි මහලු මිනිසාට එය සිහිවන්නේ සොබාදහමේ අපූරු දායාදයක් වන මහ වැස්සක පෙරනිමිති සමඟ ය.ඒ සොඳුරු අතීතය සිහිවන්නේ කෙසේදැයි දැන් අපි බලමු.
මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ
මා දැන් මහලු වියේ
වැහිළිහිණින් මන්දාරම් අඳුරේ පියාසර කරද්දි මහවැස්සක පෙරනිමිති පෙනීම ස්වාභාවිකය.මෙි කථකයා ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් හුදෙකලා සුවය විඳින තනිකඩයෙකි.ඔහු නිතර ජීවිතය ගෙවන්නේ පාළුව,කාන්සිය,තනිකම සමඟය.එබඳු ජීවිත ගතකරන මහලු තනිකඩයකුට මීවිත යනු සතුට දනවන අමොදයකි.මෙි කථකයා ද තනිකඩ ජීවිතයේ සරතැස නිවාගැනීමට මල්පැන් වඩියක උණුසුම ලබන්න කඩමණ්ඩිය වෙත පිය නගයි.මල්පැන් යනු මීවිත නො වෙි ද?මීවිත පහසින් කුල්මත් නොවන්නෝ කවරහුද?තනි වූ සිතට බමන මත සමඟ අතීත සැමරුම් ගලා එන්නේ ද මෙවිට ය.පදමට ගසන්නෝ එය දනිත්.කබාය ඉරි ඇතැයි කීම මහලු විය අර්ථගැන්වීමට භාවිත කළ අපූරු යෙදුමකි."කවුරු බලන්න ද කවුරු දකින්න ද"යැයි කීම ද එය වඩාත් තීව්‍ර කරයි.
පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවළක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි
මෙි නම් අතීතප්‍රේමයක සැමරුමකි.හිරිපොද වැස්සට කුඩයක් යටින් තුරුළු වී ගමන් කරන තරුණ පෙම් යුවළක් දැක කථකයා තම අතීතය සිහිපත් කරයි.ඔහු කල්පනා යානෙක නැඟී යටගියාව හරා අවුස්සයි."මමත් ඔහොම ගිය හැටි මතකයි" නම් යන යෙදුමෙන් සුවිශද වන්නේ පෙර කල සමීපව උන් කෙනකුන් මඳින් මඳ මතක් වී ඒමයි.මට හොඳ හැටි මතකයි යන්නෙන් අදහස් වන්නේ කථකයා අතීතයේ යහමින් පෙම්සුව විඳ ඇති බව නො වෙි ද?
මීවිතකින් ගත උණුසුම් වූවද
සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මම ආපසු යනවා
මිනිසාට ප්‍රේමය ද මීවිත මෙන් ප්‍රණීත ඔසුවකි.එහෙත් මීවිතකින් ගත උණුසුම් වූවත් සිත උණුසුම් නොවන බව කථකයා කියයි.සිත උණුසුම් වීමට නම් සිතට සහනය දෙන පැතුම් ඉටුවිය යුතුය.මීවිත තොලගෑ පමණින් ම සිතට සැනසුම අත් නොවෙි.මෙහිදී වියෝගී පෙම්වතාගේ සිත්සතන් කල්පනා යානේ නිදහසේ සැරි සරයි.එවිට ඔහුට සිතෙන්නේ මධු සාදයෙන් මිදී නැවත තම කුටියට යෑමටයි.අවසානයේදී කථකයා අතීත මතකයේ සොඳුරු තැන් සිහිපත් කරමින් මධු විතින් තොර මතක පටු මාවතේ ගමන් කරයි.එහෙත් ඔහුගේ අතීත මතකය අවදි වුයේ අහම්බෙන් දුටු තරුණ පෙම් යුවළ නිසා නො වෙි ද?බිඳුණු පැතුම්වලත් ඒවායේ සැමරුම්වලත් සැටි මෙසේ ය.ඒ එසේ වෙතත් සැමරුම් සුහද ද සුන්දර ද වන්නේ මැයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
achini Saturday, 05 April 2025 02:12 PM
ධම්මික බණ්ඩාර මහතාගේ විචාරයක් අසා බලන ලෙසත් යෝජනා කරමි.